ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග සහ අජන්ත මෙන්ඩිස් ඇතුළත් නොවුණේ ඔවුන්ට වඩා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් දස්කම් අතර සිටින නිසා බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.
ජාතික කණ්ඩායම සහ ‘ඒ’ කණ්ඩායම නම් කිරීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ජයසූරිය මෙසේ පැවසීය.
”උපුල් තරංගට වඩා මේ දිනවල තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් ජනිත් දස්කම් දක්වනවා. ඒ නිසා ඔහුට (තරංගට) කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. අජන්ත මෙන්ඩිස්ගේ දස්කම් වලට වඩා ඉදිරියෙන් සචිත්ර සේනානායක ඉන්නවා”
”බංග්ලාදේශ පිලේ ශී‍්‍ර ලංකා සංචාරයේදී අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා. ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේ දෙවැනි වටයට එන්න නම් පළමු වටයේදී තරග දෙකක්වත් ජය ගන්න ඕනේ, ඒ නිසා අපේ හොඳම කණ්ඩායම නම් කළා” යයිද සනත් ජයසූරිය පැවසීය.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට මුලින්ම නම් කළ කී‍්‍රඩකයන් 33 දෙනා අතරට පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන කෞෂාල් සිල්වා ඇතුළත් නොවූයේ අතපසුවීමකින් ද යන ප්‍රශ්නයට ජයසූරිය මෙසේ පිළිතුරු සැපයීය.
”අතපසුවීමක් වුණේ නෑ. කෞෂාල්ගේ දස්කම් පිළිබඳව අපි දන්නවා. ඒ නිසා අපි ඔහුව ඇතුළත් කළේය නෑ”
”ඒත් පසුව සාකච්ඡ කර ක්‍රීඩකයන් කීප දෙනකු ඇතුළත් කළා. එයට සරා කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්රීඩකයකුත් ඇතුළත් කළා” යයිද ජයසූරිය වැඩිදුරටත් පැවසීය.
කෞෂාල් සිල්වා පිතිකරුවකු ලෙස තරග අංශ තුනේදීම දස්කම් දක්වන නිසා පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකිද යන්න නැගූ ප්‍රශ්නයට සනත් ජයසූරිය මෙසේ පිළිතුරු සැපයීය.
‘‘කෞෂාල්ට කඩුලූ රකින්නා ලෙස කණ්ඩායමට එන්න බැරිනම් පිතිකරුවකු ලෙස කණ්ඩායමට එනවා නම් එය ඔහු තීරණය කළ යුතුයි. කෞෂාල් ඒක අපිට කියන්න ඕනෑ”
මෙවර පළමු පෙළ තරගාවලියේ තුන් ඉරියව් දස්කම් දැක්වූ ඩිල්රුවන් පෙරේරා සහ සචිත්ර සේනානායක එක කණ්ඩායමකටවත් ඇතුළත් නොවීම පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ පැවසීය.
‘‘අපි දන්නවා මේ ක්‍රීඩකයන් දෙදෙනාම දස්කම් දක්වනවා. ඒ නිසා තමයි ඩිල්රුවන්ව ශ්‍රී ලංකා සංචිතයටත් කැදෙව්වේ. මේ ක්‍රීඩකයන් දෙදෙනාව ක්‍රිකට් ආයතනයට කැඳවා කළ යුත්තේ කුමක් කියා උපදෙස් දුන්නා. කිසිම ක්‍රීඩකයකු අපි අතහැර නෑ’’
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, සෙසු තේරීම් කමිටු සාමාජිකයන් වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්, ඒරික් උපශාන්ත සහ හෂාන් තිලකරත්න යන මහත්වරු ද සහභාගි වූහ.