මහසෙන් සුළිකුණාටුවට 'රාවනා බලය' විරෝධය!

ගිණිකොන දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින සුළි කුණාටුවට 'මහසෙන්' යන නම භාවිත කිරීම පිළිබඳ 'රාවනා බලය' සංවිධානය විරෝධය පළ කර සිටියි.'මහසෙන්' වැනි රජතුමකුගේ නමක් මෙවැනි විනාශකාරී සුළි කුණාටුවට නොයොදා , 'මහසෝනා' හෝ 'ප්‍රභාකරන්' වැනි නමක් ඊට යොදා ගත්තේනම් වඩා යහපත් බව පැවසු එහි ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

'' ලංකාවේ මේවනවිට පවතින වැසිබර කාලගුණය සම්බන්ධව කාලගුණ දෙපාර්තමේන්තුව දාලා තියන නම 'මහසෙන්'. මහසෙන් කියන නම ඔවුන් මොන හේතුවක් නිසා පාවිච්චි කලාද දන්නේ නැහැ. ඉතිහාසය පිළිබඳව හරියට නොදන්නා අයගේ මෝඩකමක් හැටියටයි අපි එය දකින්නේ.

ඕකට 'මහසෝනා' කියලා දැම්මනම් කමක් නැහැ. එහෙමත් නැත්නම් 'ප්‍රභාකරන්' කියලා යොදා ගත්තනම් වඩාත් හොදයි.නමුත් නමක් යොදනකොට ඉතිහාසය පිළිබඳව හරි අවබෝධයක් ඇතිව යොදන්න ඕන. එනිසා 'රාවනා බලය‘ සංවිධානය විදියට අපි, රට පාලනය කල රජවරුන්ගේ නම් එක එක විනාශකාරී දේ වලට යොදා ගැනීම පිළිබඳව අපගේ දැඩි පිළිකුල හා අප්‍රසාදය කාලගුණ දෙපාර්තමේන්තුවට පළකර සිටිනවා ''.

ගෝඨාබය රජුගේ කණිටු පුත්‍රයා වූත් ජෙට්ඨතිස්ස රජුගේ බාල සොහොයුරා වූත් මහසෙන් කුමරා ක්‍රි.ව.276 වසරේදී රජ විය. ඔහු සිහසුනට පත් වූයේ ඊට පෙර වසර දහසක් රජකම් කළ ජෙට්ටතිස්ස රජුගේ අභාවයෙන් පසුවය. දීපවංස හා මහාවංස යන පැරණී වංසකථා මහසෙන් රජුගේ පාලන කාලයෙන් කෙළවර වෙයි. මහසෙන් රජුගේ පුත්‍රයා ඇතුළු එයින් පසුව එන රජවරු අයත්වන්නේ මහාවංසයේ දෙවන කොටසටය.

Gossip Lanka Hot News Previous News Archive