දුමින්ද සිල්වා රෝගීවී රෝහල්ගතව සිටියේ බොරුවට බවට පැතිරෙන ආරංචි වැරදි ඒවා බව දක්වමින් ඔහු රෝගී වී සිටි කාලයේ වරින්වර ලබාගත් බව කියන ඡායාරූප පෙළක් සමග රෝගී තත්වය පිළිබඳ දීර්ඝ විස්තරයක් දුමින්දගේ පවුලේ අය ඊයේ මාධ්‍ය වෙත යොමු කර තිඛෙනවා.
එහි දුමින්ද ජයවර්ධනපුර රෝහලේදී හා සිංගප්පූරුවේ මවුන්ට් එළිසඛෙත් රෝහලේදී ගිලන්ව සිටි අවස්ථාවල ඡායාරූප දැක්වෙනවා. ඔවුන් පවසන්නේ දුමින්දගේ රෝගී තත්වය බොරුවක් බවට ගෙන යන ප්‍රචාර දේශපාලනික උවමනාවන්ට සිදු කරන බවයි.
කෙසේවවුද සිංගප්පූරුවේ ප්රරතිකාර ලැබූ දුමින්ද ලංකාවට පැමිණියේ පසුගිය මාර්තු 05 වැනිදාය.
ඔහු එලෙස ලංකාවට පැමිණියේ රෝද පුටවක ආධාරයෙනි.අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් එම රෝහලේ ප්‍රතිකාර ලැබීය.
සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය. ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් දුමින්දට මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි. ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබුවේ සිද්ධිය වූ විගසමය.
සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.පසුව දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීමල කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.දුමින්දගේ ඉතිහාස කාතාව එසේය.ඒ අතරම ඔහු රෝහල්ගත කර සිටි පසුගිය වසර එකහමාරක කාලය සම්බන්ධයෙන් ඡායාරෑප පළ නොවීම ගැනද කසු කුසු තිබිනි.
මේ ඔහු පසුගිය කාලයේ රෝහල්ගතව සිටි අයුරු හා ඒ ආශ්රිත ජායා කිහිපයකි.
Duminda in hospital in 2012 |
* Pictures, released by Duminda Silva’s family, of Mr, Silva undergoing treatment at the Mount Elizabeth Hospital in Singapore, on May 19, 2012.