කනවැන්දුම් කතට අතවර කිරීමට ගිය උප සභාපතිවරයා මාට්ටු !

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ බලය පවතින ලග්ගල - විල්ගමුව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, විල්ගමුව, නාමිණිගම ගමේ නිවෙසකට පෙරේදා (16දා) රාත්‍රි කඩා පැන එම නිවසේ සිටි, සැමියා නැති එක්දරු මවකට බලහත්කාරකම් කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන බව විල්ගමුව පොලිසිය පවසයි.

උප සභාපතිවරයා පයලා සිටි සෙරෙප්පු දෙක නිවෙසේ දමා ගොස් තිබී ඇති අතර, එම කාන්තාව සෙරෙප්පු කුට්ටම රැගෙන ගොස් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම එක්දරු මව මියගිය යුද හමුදා සෙබළකුගේ බිරියකි. බීමත්ව ගෙට කඩා වැදුණු උප සභාපතිවරයාගේ ග්‍රහණයෙන් ඇය මිදී ඇත්තේ ඔහු සමඟ පොර බැදීමෙනි.ඇය මහ හඩින් කෑ ගැසීම නිසා අවට නිවැසියන් අවදිවී කලබලයට පත්වී එහි පැමිණීමත් සමඟ උප සභාපතිවරයා ඔහු පයලා සිටි සෙරෙප්පු කුට්ටමද දමා පලා ගිය බවද පැමිණිල්ලේ සඳහන් වේ.විල්ගමුව පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Gossip Lanka Hot News Previous News Archive