එකම පවුලක අම්මයි දුවයි දෙන්නම විවාහ කරගෙන !

මවට 44යි: දියණියට 20යි 
එකම පවුලක මව සහ දියණිය විවාහ කරගෙන බහු විවාහ, චෝදනාවට ලක්ව සිටි පුද්ගලයකු බහු විවාහයක් කර ගැනීම, පළමු විවාහය වසන් කිරීම යන චෝදනා දෙකටම වැරැදිකරු වී ඇති බැවින් මාස 03 බැගින් බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමට සහ අගතියට පත් පාර්ශ්වයට රුපියල් 75,000ක වන්දියක් ගෙවීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා නියෝග කෙරිණි.

ඇස්වත්ත දකුණ පදිංචි 44 වියේ පසුවන මව 2009 වසරේ ගැටහැත්ත විවාහ ලේකම් කාර්යාලයේදී 20 වැනි වියේ පසුවන දියණියව 2012.12.31 දින දැරණියගල විවාහ, ලේකම් කාර්යාලයේදීද විවාහ කරගත් දැරණියගල නිරෝෂන් දසනායක (29) යන අය මෙම නඩුවේ විත්තිකරු විය.

විත්තිකරු තම මවගේ විවාහක ස්වාමිපුරුෂයා බව දැන දැනත් ඔහු හා විවාහ වුණ දියණිය භාර ගැනීමට විත්තිකරු එකඟ වූ බැවින් අගතියට පත් පාර්ශ්වය වූයේ විත්තිකරුගේ පළමු බිරිය වන දෙවැනි බිරියගේ මවයි. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ අවිස්සාවේල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නිශාන්ත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

Gossip Lanka Hot News Previous News Archive