මහනුවර දළදා මාලිගා භූමියේදී සිරුරට ගිනි තබාගත් හිමිනමගේ මරණය සියදිවි හානිකර ගැනීමක් යැයි කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා පැවැසීය.ඒ මහතා එසේ කීවේ ඒ සම්බන්ධයෙන් ඊයේ (26දා) පැවැති හදිසි මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දෙමිනි.
මෙසේ සියදිවි හානි කරගනු ලැබුවේ කහවත්ත ශ්‍රී සුගත විහාරවාසී බෝවත්තේ ඉන්ද්‍රරතන නමැති 30 හැවිරිදි හිමි නමකි.ගව ඝාතනය වහා නතර කළ යුතු යැයි පවසමින් මහනුවර දළදා මාලිගා භූමියේදී ඉකුත් වෙසක් පොහෝ දින (24දා) සිය සිරුරට පෙට්‍රල් හලා ගනිමින් ගිනි තබාගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කරන ලද අතර පෙරේදා (25දා) රාත්‍රි අපවත් වූහ.
ඒ සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා හමුවේ පැවැති පරීක්ෂණයේදී සාක්කි දෙමින් ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයේ මහනුවර ප්‍රාදේශීය මාධ්‍යවේදී රාජපක්ෂ මුදියන්සේලාගේ කමල් ලක්ෂ්මන් සුරවීර (50) මහතා මෙසේ කීය.
"පසුගිය 24 වැනිදා මා සේවය කරන මාධ්‍ය ආයතනයේ කොළඹ ප්රවෘත්ති අංශයෙන් දුරකතන ඇමතුමක්
ලැබුණා. ගව ඝාතනයට විරෝධය දක්වන භික්ෂුන් වහන්සේ නමක් මහනුවර ක්වීන්ස් හෝටලය ඉදිරිපිට සිටින බවත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙසත් ඔවුන් දැනුම් දුන්නා. එවිට උදෑසන 10.30ට පමණ ඇති. මම නැවතත් ප්රවෘත්ති අංශයට දැනුම් දුන්නා වෙසක් පෝදිනය වන නිසා මාලිගය අවට අධික සෙනඟක් රැස්ව සිටින නිසා උන්වහන්සේගේ දුරකතන අංකය ලබා දෙන ලෙස. ස්වල්ප වේලාවකට පසු උන්වහන්සේගෙන්ම මට දුරකතන පණිවුඩයක් ලැබුණා.
උන්වහන්සේ මට කිව්වා ක්වීන්ස් හෝටලය ඉදිරිපිට වාහල්කඩ අසලට පැමිණෙන ලෙස. මමත් මගේ කැමරා ශිල්පී සංජීවත් එම ස්ථානයට ගියා. මම උන්වහන්සේට කිව්වා ගව ඝාතනය ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට මහමළුවට වැඩම කරන ලෙස. පසුව අපි දෙදෙනා උන්වහන්සේ සමඟ මහමළුවට ගියා. මම සංජීවට කිව්වා උන්වහන්සේගේ ප්‍රකාශය පටිගත කරන ලෙස. උන්වහන්සේ කිව්වා තමන්වහන්සේ ගව ඝාතනයට එරෙහිව විශාල වශයෙන් ක්‍රියාකාරකම් කළත් මේ වන විට මස් සඳහා දිනකට ගවයන් 5,000ක් පමණ ඝාතනය කරන බව. ඊට විරෝධය දක්වමින් දීර්ඝ පා ගමනක තමන් යෙදුණත් ඒ ගැන කිසිවකු අවධානය යොමු නොකළ නිසා තමන් වහන්සේ අද දින (24දා) ආත්ම පූජාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්පසු තවත් භික්ෂුන් වහන්සේ 500 නමක් ඒ වෙනුවෙන් දිවි පූජා කිරීමට බලාපොරොත්තු වන බවත් කිව්වා.ලැබුණා. ගව ඝාතනයට විරෝධය දක්වන භික්ෂුන් වහන්සේ නමක් මහනුවර ක්වීන්ස් හෝටලය ඉදිරිපිට සිටින බවත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙසත් ඔවුන් දැනුම් දුන්නා. එවිට උදෑසන 10.30ට පමණ ඇති. මම නැවතත් ප්රවෘත්ති අංශයට දැනුම් දුන්නා වෙසක් පෝදිනය වන නිසා මාලිගය අවට අධික සෙනඟක් රැස්ව සිටින නිසා උන්වහන්සේගේ දුරකතන අංකය ලබා දෙන ලෙස. ස්වල්ප වේලාවකට පසු උන්වහන්සේගෙන්ම මට දුරකතන පණිවුඩයක් ලැබුණා.
මාධ්‍යවේදියකු වශයෙන් මම ඒ අවස්ථාවේදී උන්වහන්සේට කිව්වා දිවි පූජා කිරීම නුසුදුසු බවත් එවැනි උත්සාහයක් ගත්තොත් පොලිසියට දැනුම්දෙන බවත් ඉන්පසු අතේ තිබුණු දිනපොතින් ලිපි දෙකක් රැගෙන උන්වහන්සේ එය මට දුන්නා. ඒ වෙලාවෙ ලිපි කියවන්න මම උත්සාහ කෙළේ නැහැ. මම ඒ ලිපි දෙක කලිසම් සාක්කුවෙ දාගත්තා. පසුව අපි තුන්දෙනාම මහමළුවෙන් ඉවතට ආවා. මම කැමරා ශිල්පියාට කිව්වා මින් ඉදිරියට ඒ භික්ෂුව නැවත දැක්කොත් උන්වහන්සේ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස. ඒ අවස්ථාවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් බත් දන්සලක් ආරම්භ වුණා. එම දන්සලේ දර්ශන රූගත කරන ලෙස මගේ කැමරා ශිල්පියාට දැනුම් දුන් මම එහි සංවිධායකවරුන් හමුවී දන්සලේ තොරතුරු ලබා ගත්තා.
මම හැරී බලන විට මම දැක්කා කැමරා ශිල්පියා වෙනත් දෙසකට කැමරාව යොමු කරමින් ඉන්නවා. මමත් ඒ පැත්ත දිහා බැලුවා. ඒ වෙලාවෙ මම දැක්කා අපි සමඟ කතා කළ හාමුදුරුවන්ගේ අතේ ප්ලාස්ටික් කෑන් එකක් තියෙනවා. මම මුලින් කතා කරපු වෙලාවෙ උන්වහන්සේ අතේ තිබුණෙ රතුපාට කවරයක් සහිත දිනපොතක් විතරයි. මම හිතනවා කිසිවකු විසින් ඒ කෑන් එක උන්වහන්සේට දුන්න කියලා. එක්වරම ගව ඝාතනය නවතනු කියමින් කෑ ගහපු හාමුදුරුවෝ කවුරුත් මගේ ළඟට එන්න එපා කියලා කෑන් එකේ තිබුණු දියරයක් සිරුරට වත් කර ගත්තා. ඒ හාමුදුරුවො බේරාගන්න මට අවස්ථාවක් ලැබුණෙ නැහැ. මම හිටියෙ මීටර් දහයක් පමණ දුරින්. නවත්වන්න, නවත්වන්න කියා කෑ ගසමින් මම ඉදිරියට යද්දී තවත් පුද්ගලයෙක් හාමුදුරුවො අතේ තිබුණු කෑන් එක උදුරාගන්න උන්වහන්සේ ළඟට ගියා. එවිටම වගේ මහා ගිනි ජාලාවක් ඇතිවුණා. බේරාගන්න ගියපු කෙනාගේ ඇඳුම්වලටත් ගිනි ඇවිළෙනවා මම දැක්කා. සිරුරට ගිනි තබාගත් හාමුදුරුවන් මඳ දුරක් ඉදිරියට ගියා. ඒ අසල කිරි දන්සලක් තිබුණා. ඒ දන්සලේ හිටපු පිරිස විශේෂ කාර්ය බළකා සෙබළු හා මහජනතාව මැදිහත් වී ගින්න නිවා දමා ඒ අසල තිබුණු ලෑල්ලක උන්වහන්සේ තබාගෙන විශේෂ කාර්ය බළකා ජීප් රථයකින් රෝහලට රැගෙන ගියා.
සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසීමට හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට ඉඩ ලබා දුන් අතර එහිදී පොලිසිය සාක්කිකරුගෙන් මෙසේ විමසීය.
පොලිසිය: ගිනි තබාගත් හිමිනමගේ නම ඔබ දන්නවාද?
සාක්කිකරු : ඔව්. බෝවත්තේ ඉන්ද්‍රරතන බව මම දැනගත්තා.
පොලිසිය : උන්වහන්සේ ඔබේ ජංගම දුරකතනයට ඇමැතුමක් ලබා ගත් බව ඔබ කිව්වා. ඒ දුරකතන අංකය ඔබට මතකද?
සාක්කිකරු: නැහැ. මේ මොහොත වන විට මගේ දුරකතනයේ ඒ අංකය නැහැ.
පොලිසිය : ඔබ වරක් කිව්වා උන්වහන්සේ සමඟ පැවැති සාකච්ඡාවේදී තමන්වහන්සේ සියදිවි නසාගන්නා බව සඳහන් කළා කියලා. ඔබ ඒ සම්බන්ධයෙන් පොලිසිය හෝ නීතිය ක්‍රියාත්මක කරන අයෙක් දැනුම්වත් කළාද?
සාක්කිකරු: නැහැ. මම විශ්වාස කෙළේ නැහැ උන්වහන්සේ සියදිවි නසා ගන්න උත්සාහ කරයි කියලා. අවුරුදු දහයකට ආසන්න මගේ මාධ්‍ය ජීවිතය තුළ මේ වගේ අත්දැකීම් රැසක් මම ලබා තියෙනවා. සියදිවි නසාගන්න බවට තර්ජනය කළ බොහෝ අය ඇත්තටම ඒක කරන්නෙ නැහැ. වරක් එක්තරා පුද්ගලයෙක් සිය දිවි නසා ගන්න බව කියමින් තමන්ගෙ සිරුරට ලාම්පුතෙල් පවා හලා ගත්තා. නමුත් ඔහු එය කෙළේ නැහැ. මාධ්‍ය ආවරණවලදී බොහෝ අය ප්‍රකාශ ලබා දෙනවා සිය දිවි නසා ගන්නවා කියලා. ඒ නිසා මම විශ්වාස කෙළේ නැහැ හාමුදුරුවන් සිය දිවි නසා ගනියි කියලා.
පොලිසිය: කොපමණ වේලාවක් කෑන් එක හාමුදුරුවො අතේ තිබුණද?
සාක්කිකරු: තත්පර 30ක් 40ක් පමණ.
පොලිසිය : මාධ්‍යවේදියකු ලෙස ඔබ වගකීම ඉටු කළා. නමුත් පුරවැසියකු ලෙස භික්ෂුන් වහන්සේ බේරා ගන්න ඔබ මොනවද කළේ?
සාක්කිකරු: මම වටේ සිටි අයට කෑ ගැහුවා.
පොලිසිය : ඔබ හොඳින් දැන සිටියා උන්වහන්සේ සිය දිවි නසා ගන්නා බව. ඒ නිසා උන්වහන්සේ බේරාගන්න තමුන්ට අවස්ථාව තිබුණා. පුරවැසියකු ලෙස ඔබට යුතුකමක් තිබුණා එය කරන්න. නමුත් ඔබ මාධ්‍යවේදියකු ලෙස ලකුණු එකතු කරගන්නයි උත්සාහ කෙළේ.
සාක්කිකරු : මා එය ප්‍රතික්ෂේප කරනවා. මම හිතුවෙ නැහැ උන්වහන්සේ සිය දිවි නසා ගනියි කියලා.
අදාළ සාක්කිකරු හා ඔහුගේ කැමරා ශිල්පියා අදාළ හිමි නම සිය දිවි හානි කර ගන්නා බව දැන දැනම එය ඡායාරූපගත කිරීම සඳහා කටයුතු කළේ යැයි පැවැසූ පොලිසිය ඔවුන් හිමිනම බේරා ගැනීමට උත්සාහයක් දැරූ බව මෙතෙක් කළ පරීක්ෂණ අනුව නිරීක්ෂණය වී නැතැයි කීය.
තවද මාධ්‍ය වගකීම ඉටු කළා හැරෙන්නට නීතිගරුක පුරවැසියකුගේ වගකීම සාක්කිකරු ඉටු නොකළේ යැයි පැවැසූ පොලිසිය එසේ උත්සාහ කළා නම් ඉතාමත් සජීවීව ගිනි තබා ගැනීමේ දර්ශන පටිගත කළ නොහැකි යැයිද කීය.
සාක්කිකරු වෙනුවෙන් නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා ඉදිරිපත් විය.
උන්වහන්සේගේ මරණය පෙට්‍රල් දමා සිරුරට ගිනි තබා ගනිමින් කරගත් සිය දිවි නසා ගැනීමක් යැයි හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අනුව අදාළ හිමිනමගේ සිරුරින් සියයට 90ක ප්‍රමාණයක් පිලිස්සී ඇති බවත් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් පිලිස්සුණු අයකු ජීවත් කරවීම අසීරු බවත් හදිසි මරණ පරීක්ෂකවරයා කීය.
හිමි නමගේ දේහය ගුරු හිමි නම භාරගත යුතු යැයි කී එඩ්වඩ් අහංගම මහතා අපවත් වූ භික්ෂුවගේ ගුරු හිමි වෙනුවට ඉදිරිපත් වූ රත්මල්වත්තේ ධම්මරතන හිමියන්ට (27දා) දේහය භාර දුන්නේය.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
මරදාන පොලිසියේ ගමගේ (24176) මහතා හා පොලිස් සැරයන් ලාල් පතිරණ (27689) යන මහත්වරු සාක්කි මෙහෙයවූහ.
Mawbima
Mawbima