අවුරුදු උත්සවවල හැමෝගෙම හිත ඇදගන්න තරඟයක් වෙන්නෙ ලිස්සන ගහේ නැඟීම.ලේසියකට ඉවර නොවන,අධික මහන්සියක් දරන්න සිද්ධ වෙන මේ තරඟයට සාමාන්‍යයෙන් සහභාගි වෙන්නෙ පිරිමි පාර්ශවයේ අය විතරයි.මොකද ලිස්සන ගහ නඟිනවා කියන්නෙ සුළුපාසු රාජකාරියක් නොවන නිසා.
මෙන්න මේ සාමාන්‍ය සිද්ධිය වෙනස් කරමින් පසුගියදා රුවන්වැල්ල නගරයේ අමුතු ලිස්සන ගස් නැඟිල්ලක් දැකගන්න පුළුවන් වුණා.අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේක තරමක් පහුවෙලා තියපු අවුරුදු උත්සවයක්.
විශේෂත්වය වුණේ ලිස්සන ගහ නැග්ගෙ කාන්තා පාර්ශවය වීම.මේ අය තරඟය අත් හැරියෙම නෑ.
කොහොමින් හරි හවස වෙද්දි ග්‍රීස් පිසලමින්,බොහෝම දුක් විඳිමින් ලිස්සන ගහ මුදුනේ තිබුණු කොඩිය ගන්න සමත් වුණා.
කතාව,සේයාරුව
කුමාරදාස ගුණසිංහ