බුදුන් වැඳ සවුදියේ කසපහර කෑ තුංගසිරි ප්‍රේමනාත් දිවයිනට

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් වූයේ සවුදි අරාබියේ නිවසක සේවය ගොස් බුදුන් වැදීමේ වරදට කස පහර 200 ක දඩුවමක් විඳි අයෙකු ගැනයි.ඔහු දඩුවම් වින්දේ බුදුන් වැඳීම නිසා නොවන බවද එකල කියැවුණා.
අම්පාර පදියතලාව ප්‍රදේශයේ පදිංචි තුන්ගසිරි ප්‍රේමනාත් පෙරේරා නමැති ඔහු මීට වසර 4 කට පෙර සෞදි අරාබියට ගොස් ඇත්තේ, රියදුරු රැකියාව සඳහාය.ඔහු සේවය කල නිවසේ ඔහුට අයත් කාමරයේ ඔහු බුදු පිළිමයක් තබාගෙන වැඳුම් පිදුම් කර තිබුණි.තමන් සෑම දිනකම බුදුන් වඳිනු දුටු නිවෙස් හිමියන්, තමා මන්ත්‍ර ජපකරන්නෙකු බවට එරට පොලිසිය වෙත පැමිණිලි කළ බව ඔහු පැවසුවා.ඔහු කිසියම් වංචනික මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් එය එරට නීතිය අනුව තහනම් යයි කියමින් ඔහු අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිදඩුවමක් ලැබූ අතර ඊයේ 1 වනදා අලූයම කටුනායක ගුවන්තොටුපලට පැමිණියේ එරටින් පිටුවහල් කළ පසුය.

කෙසේ වෙතත් ඔහු සේවය කල නිවසේ ස්වාමියා ඔහුට පවසා ඇත්තේ ඔහු අන්‍යාගමිකයෙක් බේරාගැනීමේ වරදට සමජයෙන් කොන්විය හැකි බවයි. එහෙත් ප්‍රේමනාත් පවසන්නේ සැබැවින්ම ඔහු තමා බේරාගැනීමට උන්නදුවූවාද නොදන්නා බවයි.

-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive