මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 48කින් පරාජය කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පළමු තරගය දිල්ලියේදී පැවැත් විණ.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 192ක් රැස් කළේ ය.පළමු කඩුල්ල සඳහා මයිකල් හසී හා මුරලි විජේ එක්ව ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැගූහ.මුරලි විජේ ලකුණු 23කට දැවී ගියේ ය.අනතුරුව දෙවන කඩුල්ල සඳහා හසී හා සුරේෂ් රයිනා අතර ගොඩනැගුණු සබඳතාව ලකුණු 140කි.මයිකල් හසී 4 පහර 10ක් හා 6 පහර 2ක් ද සමඟින් පන්දු 58ක දී ලකුණු 86ක් රැස් කළ අතර 4 පහර 5ක් හා 6 පහර 5ක් ද සමඟින් සුරේෂ් රයිනා පන්දු 42 කදී ලකුණු 82ක් රැස් කළහ.
අනතුරුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12කදී දැවී ගියේ ය.ඒ අනුව ආදිත්‍ය ටරේ ලකුණු 7ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ අතර දිනේෂ් කාර්තික් ලකුණු 11ක් රැස් කළහ.කිරාන් පොලාඩ් ලකුණු 24ක් හා අම්බති රයිදු ලකුණු 15ක් රැස් කළහ.මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ඩ්වේන ස්මිත් ලකුණු 68ක් රැස් කළේ, පන්දු 28ක් තුළදී ය.ඔහුගේ ඉනිමට 4 පහර 6ක් හා 6 පහර 5ක් ඇතුළත් විය.මුම්බායි සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට චෙන්නායි පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.
පන්දු යැවීමේදී රවින්ද්‍ර ජඩේජා ලකුණු 31කට කඩුලු 3ක් හා ඩ්වේන් බ්රාවෝ ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්හ.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ, ලකුණු 144ක් පමණි.මයිකල් හසී තරගයේ වීරයා විය.කෙසේ වෙතත් IPL ක්‍රිකට් තරගාවලියේ දී පරාජය වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාවක් තිබේ.
අද පැවැත්වෙන රාජස්ථාන් හා සන්රයිසස් කණ්ඩායම් අතර තරගයේදී ජය ගන්නා කණ්ඩායම සමඟ මුම්බායි කණ්ඩාම් තරග වදිනු ඇති.
එහිදී ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇති.