මහසෙන් ලංවෙයි - වැසි වැඩි වන ලකුණු - Cyclone Mahasen

ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මහසෙන්” සුළිකුණාටුව මුලතිව් සිට නැගෙනහිර දෙසින් කි.මී. 700ක් පමණ දුරින් කේන්ද්‍රගතව ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි සහ සුළං අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසුවේ.
යාපනය සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (13) අලුයම 5.30 දක්වා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය ගැන අද (12) නිකුත් කරන ලද නිවේදනයට අනුව සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 20 - 40ක් පමණ වේ. යාපනය සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50-70ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇත.යාපනය සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ. නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Gossip Lanka Hot News Previous News Archive