Pages

දුමින්ද උසාවි එයි: භාරත ඝාතන නඩුව ඇසේ - Duminda Silva Apears in Court

 Updates - 2
 "උසාවියට ගිය දුමින්ද යළි රෝහලේ"
අද අධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනී සිටීමට නවලෝක රෝහලේ සිට අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා, වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යළි එම රෝහල වෙත ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මාධ්‍ය වෙත පවසා සිටියේ අවසානයේ සිදුවන්නේ තමාගේ තාත්තා තමා විසින්ම වෙඩි තබාගෙන ඇතැයි ප්‍රකාශවුවහොත් එයට පුදුම විය යුතු නැති බවයි.තමන්ගේ පාර්ශවයෙන් කිසිදු බොරු ප්‍රකාශ ගෙනනොගිය බවද ඇය කීවාය.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පසුගියදා රෝහලෙන් එළියට ආවේම ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පැවසූ දෙවල් බොරු බවට පත්කරගෙන බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මෙහිදී අවධාරණය කළාය.
  -----------------------------------------------------------------------------------------------------------------------
Updates 11:37:48
දුමින්දට අපහාස කරනවා‘
හේමන්ත වරුණකුලසූරිය මෝසමකින් උසාවියට කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම ගැන විරුද්ධ පාර්ශ්වය උසාවියට අපහාස වන කතා පතුරුවන බවත්, එමගින් දුමින්ද සිල්වා මහතාට ද අපහාස වන බවත්, ඔහුගේ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කියා සිටියේය.


මෝසමක් මගින් කරුණු දැක්වූ ඔහු දුමින්ද සිල්වා මහතා ද අධිකරණයට ඉදිරිපත් කළේය.කලිසමකින් හා කමිසයකින් සැරසී දුමින්ද සිල්වා උසාවියට පැමිණ සිටියේය.2011 ඔක්තෝබර 08 වැනිදා කොලොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය වූ සිද්ධියේ 11 වැනි සැකකරු දුමින්ද සිල්වායි.තම සේවාදායකයාට එරෙහිව නගන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වර්ණකුලසූරිය මහතා අධිකරණයට දැන්වීය.
නඩුව මැයි 08ට කල් තැබිණි.


 -------------------------------------------------------------------------------------------------------------------

 දුමින්ද උසාවි එයි: භාරත ඝාතන නඩුව ඇසේ 10:56:
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂමන් ඝාතන නඩුව අද (06) දිනයේ කොළඹ අලූත්කඬේ උසාවියේදී විභාගයට ගනී. ඒ අවස්ථාවට විත්තිකාර දුමින්ද සිල්වා මහතාද පැමිණ සිටින අතර මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා උසාවියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වේ. පෙරේදා රාත‍්‍රියේ මන්ත‍්‍රීවරයා නවලෝක රෝහලට ඇතුල් කරන ලද්දේ ඔහුගේ රෝගී තත්වය වැඩි වූ බව කියමිනි.
පසුගිය සතියේ දුමින්දගේ පියාගේ ඇප ඉල්ලීම සලකා බලා ඇප ලබාදුන් පසු දුමින්ද හාස්කමකින් සුවය ලැබූ බව කියමින් නවලෝක රෝහලෙන් පිටව ගිය අතර යළි දේශපාලනය කරන බවටද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
ඒ අතරවාරයේ ඔහු කරේ බොරුවක් බවට විවිධ පාර්ශ්ව වලින් චෝදනා එල්ල වෙද්දී සෙනසුරාදා නැවත රෝහල් ගතවූයේ හදිසියේ අසනීප වූ බව කියමින් නවලෝක දැඩි සත්කාර ඒකකයටය පසුව ඊයේ ඉරිදා සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන ලද ඔහු අද සඳුදා උසාවියේ පෙනී සිටීමට සුවය ලබා ඇත.