හිරුනිකා කූඩැල්ලෙක් වගේ දුමින්ද කියයි - Duminda Silva

"හිරුණිකා මගේ ඇගේ එල්ලිලා දේශපාලනය කරන්න හදන එක කූඩැල්ලෙක් විතරයි" - Video
දුමින්ද සිල්වා මහතාට ඇපකරයට අත්සන් කිරිමට පවා පැමිණිමට නොහැකි තත්ත්වයක පසුවන හෙයින් ඒ සදහා අධිකරණයේ ලේඛකාධිවරයා ඔහු ළඟට යවා ඊට අත්සන් කිරිමෙන් පසු ඔහුගේ හැසීරිම විශ්මිත බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් ජයසුරිය මහතා ඊයේ අධිකරණය හමුවේ කියා සිටියේය‍.

ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතන සිද්ධියේ නඩුව ඊයේ (08) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවු අවස්ථාවේදීය.

නීතිඥ උපුල් ජයසුරිය මහතා කියා සිටියේ මේ සිද්ධියට අදාළ 11 වැනි විත්තිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරු අධිකරණයට කියා සිටි කරුණු හා දුමින්ද සිල්වා‍ගේ හැසිරිමත් සැකයට තුඩු දෙන්නක් බවය.අධිකරණය හමුවේ කිසියම් නඩුවක් විභාග වනවිට එය යුක්තිය පසිදලිම සහ එය සිදුවන ආකාරය පිළිබද මහජනයා‍ට පැහැදිලි විය යුතු යැයි ද, මේ සිද්ධියේ සැකකටයුතු බොහෝ තැන් ඇතැයි ද ඔහු පැවසීය.
මෙහිදි නීතිඥ උපුල් ජයසුරිය මහතා අධිකරණයට කියා සි‍ටියේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දුමින්ද සිල්වා මහතා පරීක්ෂා කිරිමෙන් පසුව අධිකරණයට එවූ වාර්තාවේ සදහන් වූයේ ඔහුට අධිකරණයට පැමිණීමට හැකියාව තිබෙනවා ද නැද්ද යන්න නිශ්චය කිරිමට ස්නායු ‍විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුගේ සහාය ඇතිව ඔහු පරික්ෂා කිරිම අවශ්‍ය බවය.

නමුත් එම ක්‍රියාවලියට අවස්ථාවක් නොලැ‍බෙන අන්දමින් මහාධිකරණය හමුවට ගොස් ඇප ලබාගැනිම පිළිබදව යළිත් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සදහන්වන ආකාරයට එම පරීක්ෂණයට ඉඩ දෙන්නැයි නීතිඥවරයා ඉල්ලා සි‍ටියේය.මෙහිදි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කියා සිටියේ දුමින්ද සිල්වා වෙනුවෙන් තමන් අධිකරණයට පැවසු සියල්ල වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ප්‍රකාශ කළ බවය.

ඒ‍ හේතුවෙන් එවැනි පරික්ෂණයක් යළි පැවැත්වීම අනවශ්‍ය බව ඔහු කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා එය පිළිගෙන නඩු විභාගය ජුලි මස 02 වැනි දිනට කල් දැමුණි.

දුමින්ද සිල්වා මහතා අද අධිකරණයට පැමිණි අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ඔහුට දැඩි ආරක්ෂාව සලසා තිබුණි.
අධිකරණයට පැමිණි දුමින්ද සිල්වා මහතා මාධ්‍ය හමුවේ මෙසේ කියා සිටියේය.

"උසාවියේ නඩුවක් තියෙන හින්දා මං මේ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි හිරුණිකා මගේ ඇගේ එල්ලිලා දේශපාලනය කරන්න හදන එක කූඩැල්ලෙක් විතරයි"

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

"මේ අමු අමුවේ හතර දෙනෙක් මරලා දාලා විශාල පිරිසක් මං හිතන්නේ හෙලා දකිනවා සත්‍ය ජය ගනී කියලා ප්‍රාර්ථනා කරන කොටසකුත් ඉන්නවා ඉතින් කියන්න තියෙන්නේ බුද්ධිමත් උගත් සත්‍යගරුක දුක හඳුනන අපේ මේ වෙච්ච සිද්ධිය හෙලා දකින සියලුම දෙනාටම මම කියන්නේ එක මොහොතක් දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේකට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න කියලා. මං හිතනවා දෙවියෝ නිසි තීන්දුවක් දෙයි කියලා"


Gossip Lanka Hot News Previous News Archive