සුදු සීනී වෙනුවට රතු සීනී පරිභෝජනයට ගන්න - Imported White Sugar Contains Arsenic.

 " සුදු සීනිවල ආසනික් "
මෙරටට ආනයනය කෙරෙන සුදු සීනිවල ආසනික් අඩංගු බව පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.ඉකුත් දිනවල දකුණු අමෙරිකානු කලාපයේ තමන් සිදුකළ සංචාරයේදී ද එය තහවුරු කළ හැකි සාධක පිළිබඳ අනාවරණ වූ බව ඔහු කියා සිටියි.

ආනයනික සුදු සීනිවල ආසනික් අඩංගු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ද පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණ කළේය.සුදු සීනි සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතා කියා සිටියේ, ජනතාව පරිභෝජනයට ගන්නා සුදු සීනීවල වකුගඩු රෝගයට හේතුවන රෝග කාරක රසායනික වැඩි ප‍්‍රමාණයක් අඩංගු බව පරීක්ෂණවලින් සනාථ වී ඇති බවයි.

සුදු සීනී වෙනුවට රතු සීනී පරිභෝජනයට ගැනීමට ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා පැවසීය.සීනී සුදු කිරීම සඳහා ගනු ලබන අධික රසායනික ද්‍රාවණයන් උක් වගාවට යොදන අධික රසායනික සංයුතියත් මෙයට හේතු වන බවට පරීක්ෂණවල දී හෙළි වී ඇති බව ද හේ අනාවරණය කළේය.

රතු සීනීවල රසායනික සංයුතියට අවම මට්ටමක පවතින නිසා රතු සීනී පරිභෝජනයට ගැනීමෙන් වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවදානම යම්තාක් දුරට පහළ දමා ගැනීමේ හැකියාවක් පවතින බව ද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

සීනී කර්මාන්ත බහුලව සිදු කරන ලතින් ඇමෙරිකානු රටවල වකුගඩු රෝගය ඉහළ මට්ටමක පැවැතීමට හේතුව මෙය බවත් මේ තත්ත්වය පාලනය කර ගැනීමට් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive