ඉන්දිය ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත්විය.
ඊයේ පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 23 කින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට කිරිමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත්වය.කොල්කටා හි ඊඩන් ගාඩන් ක්‍රිඩාංගනයේ පැවැති තරගයේ දී කාසිය වාසිය දිනු මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි මුම්බාය ඉන්ඩියන්ස් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 කි.
තරගයේ දී දිනේෂ් කාර්තික් ලකුණු 21ක් හා අම්බති රායුදු ලකුණු 37ක් රැස් කිරිමට සමත්විය.නායක රෝහිත් ශර්මාට රැස් කිරිමට හැකි වුයේ ලකුණු 2ක් පමණි.වේගවත් පිතිහරඹයක නිරත වු කිරාන් පොලාඩ් හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමඟින් පන්දු 32ක දී නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 60කි.දක්ෂ පන්දු යැවීමක නිරත වු ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 42කට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රිඩකයින්ට පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 125ක් පමණයි.මුරලි විජේ ලකුණු 18ක් හා ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 15 ක් රැස් කිරිමට සමත්විය.නායක මහේන්ද්‍ර සිං ධෝනි නොදැවී ලකුණු 63කි.පන්දු 45කදී වාර්තා වු ධෝනිගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතුලත් විය.පන්දු යැවීමේ දී ලසිත් මාලිංග, මිචෙල් ජොන්සන්, හර්බජන් සිං කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්විය.
තරගයේ වීරයා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කිරාන් පොලාඩ්ය.තරගාවලියේ වීරයාට හිම් සම්මානය හිමිවුයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ශේන් වොට්සන්ටය.
ලකුණු
මුම්බායි ඉන්ඩියන්ස් 148 /9 (පන්දුවාර 20)
කීරන් පොලාඩ් 60, අම්බාටි රායුදු 37, දිනේෂ් කාර්තික් 21
(ඩ්වේන් බ්‍රාවෝ 4/44, ඇල්බී මෝකල් 2/12, මෝහිත් ෂර්මා 1/26, ක්‍රිස් මොරිස් 1/25)
චෙන්නායි සුපර් කිංග්ස් 125/9 (පන්දුවාර 20)
මහේන්ද්‍ර සිං දෝනි 63, මුරලි විජේ 18, ඩ්වේන් බ්‍රාවෝ 15
(ලසිත් මාලිංග 2/22, මිචෙල් ජොන්සන් 2/19, හර්බජාන් සිං 2/14, ප්‍රාග්‍යන් ඕජා 1/28 , රිෂී ධාවන් 1/6, කීරන් පොලාඩ් 1/34)