IPL බලන්න අල්ලපු ගෙදරට ගොස් පහළොස් හැවිරිදි දැරියට අතවර කරලා

අසල නිවෙසක රාත්‍රි කාලයේ රූපවාහිනී නරඹමින් සිටි පුද්ගලයකු එහි සිටි පහළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කර ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
සැකකරු හම්බෙගමුව අලුත් වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුගේ බිරිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ඒ කාලය තුළදී ඔහුගේ පාළුව හා කාන්සිය මකා ගැනීම සඳහා අසල්වැසි නිවෙස වෙත ගොස් ඇත්තේ මෙම දිනවල විකාශය වන IPL ක්‍රිකට් තරග නැරැඹීමටය.

අපයෝජනයට ලක්වූ දැරිය සමඟ මෙම නිවෙසේ ආබාධිත දරුවකු සිට ඇති අතර සැකකරු වෙනදා මෙන් නිවෙස වසා ශබ්ද නඟා පවසා නිවෙසෙන් පිටව ගොස් ඇත.ඉකුත් 07 වැනි දිනද රූපවාහිනිය නැරඹූ සැකකරු එම නිවෙසින් පිටව ගොස් ඇති අතර නිවෙසින් පිටව යන බව ප්‍රකාශ නොකිරීම සැක සිතූ ආබාධිත දරුවා තම මවුපියන්ට ඒ බව පවසා ඇත. පසුව දැරිය කාමරයට ගෙන ගොස් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඇයගේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් මවුපියන් ඇගෙන් ප්‍රශ්න කර තිබේ. එවිට දරුවා සියලු දේ පවසා ඇති අතර පසුව මවුපියන් සමඟ හම්බෙගමුව පොලිසියට පැමිණ සියල්ල පොලිසිය වෙත දැනුම්දී තිබේ.

මේ වන විටත් සැකකාර තරුණයාගේ බිරියට කුලුඳුල් දරුවාද ලැබී ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සැකකරු කොටුකරගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

මොනරාගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරි නිමලසිරි පෙරේරා යන නිලධාරීන්ගේ උපදෙස් මත හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති පො.ප. රුවන් ඩී. ප්‍රනාන්දු, කාන්තා පොලිස් සැරයන් සමන්ති (2173), පො.කො. අසිත (75653), ජයන්ත (34983) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Gossip Lanka Hot News Previous News Archive