IPL ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් කුණු බිත්තර නොකා ගෙදර යයි .

පච වෙලා ලංකාවට ආපු ක්‍රීඩකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න අපි සුදානම් නෑ,  
ඔවුන්ට ගහන්න බිත්තර වලට සල්ලි වියදම් කරන එකත් පාඩුවක්- රාවණා බලය

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩකයින් අතරින් ලසිත් මාලිංග හැර සෙසු සියලූ දෙනා යළි දිවයිනට පැමිණ තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ අද පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන බැවින් දිවයිනට නොපැමිණි බවයි. අයි.පී.එල් තරගාවලියට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් සහභාගි වුයේ මතභේද රැසක් මධ්‍යයේයි. ක‍්‍රීඩකයින්ගේ අයි.පී.එල් ගමන වලක්වන ලෙසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ද ඉල්ලීම් ඉදිරිපත් වුණා. එලෙස ප‍්‍රබල හඩක් නැගු එක් සංවිධානයක් වුයේ රාවණා බලය සංවිධානයයි.

රාවණා බලයසංවිධානය අවධාරණය කළේ අයි.පී.එල් ගිය ක‍්‍රීඩකයින් ආපසු දිවයිනට පැමිණෙන විට ඔවුන්ට එරෙහිව විරෝධය දක්වන බවයි. එම විරෝධයට සිදුවුයේ කුමක් දැයි රාවණා බලය සංවිධානයෙන් ප‍්‍රශ්න කළ විට  ඊට පිළිතුරු දැක්වු සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ පච වෙලා ලංකාවට ආපු ක්‍රීඩකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න අපි සුදානම් නෑ යනුවෙනි.

'' සමහර ඇමතිවරු පවා කිවා තමිල්නාඩුවට යස පාඩමක් උගන්වන්න අපේ ක්‍රීඩකයින් ඉන්දියාවට යායුතුයි කියලා. දැන් අපි දන්නවා ඒ ගමනින් ක්‍රීඩකයින් නම් යස පාඩමක් ඉගෙනගත්තා. ඒ නිසා අපි ඒ උදවියට එරහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ උවමනාවක් නැහැ. මොකද අපි දන්නවා මේ ක්‍රීඩකයෝ ලංකාවට ආවේ පච වෙලා. ශ්‍රී ලංකාවේ අභිමානය විතරක් නෙමෙයි, ඔවුන්ගේ අභිමානයද මේ උදවිය පච කර ගත්තා. ඔවුන්ගේ තත්වය බින්දුවට වට්ටගෙන තමයි ඉන්දියාවෙන් ආවේ. ඔවුන් ඉන්දියාවේ බැංකු උඩ වාඩිවෙලා ඉන්න තත්වයට වැටුනා ''.

'' ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩ අපි මෙහිදී කරන්න උවමනා වන්නේ නැහැ. ඔවුන්ට ගහන්න බිත්තර ගන්න එකටත් වියදම් කරන එක අපරාධයක්. ඒ නිසා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දියාවට ගිහිල්ල බුකිකරුවන්ට අහුවෙලා, මෙරට පවා දුන්නද කියන කාරණය හොදින් හොයා බලන්න කියලා. ඔවුන් පිළිබඳව දැඩි සෝදිසියකින් ඉන්න කියලා. '' යයි  උන්වහන්සේ පැවසුහ.

මතභේද රැසක් මධ්‍යයේ පැවති මෙවර අයි.පී.එල් තරගාවලිය තුළ කිසිඳු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකුට කැපී පෙනන දක්‍ෂතා දැක්වීමට නොහැකිවුණා. පන්දු යවන්නන් අතරින් තිසර පෙරේරා කඩුළු 19ක් දවා ගත් අතර ලසිත් මාලිංග දවා ගත්තේ කඩුළු 18ක් පමණයි. පිතිකරුවන් අතර 19 වැනි ස්ථානය මහේල ජයවර්ධනට හිමිවු අතර 36 වැනි ස්ථානයේ තිසර පෙරේරා පසුවනවා.

-සබැදි පුවත්-
1.ක්‍රීඩකයෝ 11ක් අයි.පී.එල්. ගහන්න සූදානම් - Sri Lankan cricketers to play in IPL
2. ක්‍රිකට් ක්‍රීඩකයන් කුණු බිත්තර කන දිනය වැඩි ඈතක නොවේ- Ravana balaya 
3.IPL ගියොත් කුණු බිත්තර තමා - Bodu bala Sena

Gossip Lanka Hot News Previous News Archive