නව පරපුරේ ජනප්රිය ගායක ඉරාජ් වීරරත්න මෝස්තර නිරූපිකා මරියා අල් කසා සමග විවාහ ගිවිසගැනීමේ උත්සවයක් පසුගියදා සිනමන් ලේක් හෝටලයේදී පැවති අතර ඔහු ඇය හා විවාහවී මධුසමයට යන ආකාරය ඡායාරූප මගින් එළිදරව් වුණා.
මෙතෙක් කල් තනිකඩව සිටි ඉරාජ්ගේ සිහින සැබෑ කළ මෙම විවාහය එක් දිනයකින් නිමාවන ශෝකාන්තයක් බවට පත්වේ යයි කවුරුවත් සිතුවේ නැත.
නමුත් ඇත්ත තත්වය සොයා බැලීමේදී සිදුව ඇත්තේ මියුසික් වීඩියෝවක් ජනප්රිය කරගැනීමේ උපායක් ලෙස ඉරාජ් කළ රැවටිල්ලකි. ඔහු විවාහ ඡායාරූපකරණය පිළිබඳ නම්දැරූ ඡායාරූප කණ්ඩායමක් යොදවා ඔවුනගේ ලේබලය සමග මෙම මියුසික් වීඩියෝවේ රූගත කිරීම් ඡායාරූපයට නගාගත් අතර හොර රහසේම එම ඡායාරූප කිහිපයක් තමන්ගේ විවාහය ලෙස නම් කර ඔහුගේ ෆේස්බුක් පිටුව ඔස්සේ ප්රචාරය කර සද්ද නැතිව සිටියා.ඉරාජ් ඇත්තටම විවාහවී ඇති බව අන්තර්ජාලය ඔස්සේ විස්තර සමග පළවුනේ මේ අනුවයි.
ඔහුට සුබ පතා ඔහුගේ රසික රසිකාවියන් ප්රතිචාර දැක්වූ නමුත් විවාහවූ කතාව බොරුවක් බව දවසකට පසු ඔහු කිව්වා.
ඉරාජ් වීරරත්න මෝස්තර නිරූපිකාවක සමග විවාහ වූ බවට ඔහු විසින්ම අන්තර්ජාලය තුළ පතුරුවා එය නෑ කිවූ පසු ඇතැමුන් මෙම ක්රියාව හඳුන්වනු ලැබූයේ තමන්ගේ පුද්ගලික ජීවිතයේ වැදගත්ම අවස්ථාව මාර්කටින් උපක්රමයක් ලෙස භාවිත කළ බවකි.
මෙම ඡායාරූප ගෙන තිබුනේ විශාල වියදමක් දරා ඔහු නිපයූ වීඩියෝවක් වෙනුවෙනි.
එය පහතින්