අල්ලස් ගත් නඩුකාරවරයා රක්ෂිත බන්ධනාගාරයට - Judge remanded

අල්ලස් චෝදනාමත අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරුවරයා ජුනි මස 03 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.‍ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ දිසා විනිසුරුවරයාගේ පිටකොන්දේ ආබාධයක් ඇතැයි අධිකරණයට කළ දැනුම්දීම අනුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.ඒ අනුව දිසා විනිසුරුවරයා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සදහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ හෝමාගම දිසා විනිසුරුවරයාව සිටි සමයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග දුන් සැකකරුවන් ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බැවින් විනිසුරුවරයාගේ ආරක්ෂාව සලකා වෙනත් ස්ථානයක රඳවා තැබීමට බන්ධනාගාරයට සිදුවන බවය.නඩුවක තීන්දුවක් පැමිණිල්ලට වාසිවන අයුරින් ලබාදීම සදහා ඔහු අල්ලස් ලබාගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මි ජයවික්‍රම මහත්මිය සදහන් කළාය.
එලෙස රුපියල් ලක්ෂ 3 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දීම දිසා විනිසුරුවරයා අත්අඩංගුවට පත්විය.
 ------------------------------------------------------------------------------------------------------------------------
*Homagama District court judge Sunil Abeysinghe who is alleged to have solicited a bribe of Rs 300,000, was remanded till June 3rd by Colombo Chief Magistrate Gihan Pilapitiya this eveningThe judge was arrested when he was about to accept the bribe from a businessman in order to induce him to deliver a judgment in his favour in a land dispute case.He was brought to the Cinnamon Gardens Police Station after his arrest on a complaint made by the businessman. The judge was arrested on Wednesday night while he was in the house owned by the Hanwella businessmanThe Bribery Commission was tipped off by the businessman and the officers said the arrest was made while the judge was on the verge of accepting the bribe offered by the businessman.
-->

Gossip Lanka Hot News Previous News Archive