අපි එක්වෙන එක හීනයක් - JVP

ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය අතර කිසිදු එකඟතාවක් ඇතිකර නොමැති බවත්, එවැනි එකඟතාවක් ඇතිකර ගැනීම සිහිනයක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.

විදුලි බිල වැඩිකිරීම වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් කරනු ලබන අරගලය සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙත එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති සිය සහයෝගය පළකරන බවට සාකච්ඡාවලදී පැවසුවා මිසක දේශපාලනමය වශයෙන් සහාය දීමේ ව්‍යාපාරයකට වේදිකාගත වීමට තීරණය කර නොමැති බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කීය.

ඔහු එසේ කියන්නේ එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ වෘත්තීය සමිති වැඩ වර්ජනය වෙනුවෙන් එක්වේ යන අදහස ඇතිව පසුගිය දිනවල මාධ්‍යවල පළවූ ප්‍රවෘත්ති අසත්‍ය බවට පවසමින්ය.

Gossip Lanka Hot News Previous News Archive