
විනාඩි 45 ක කාලයක් පුරා දිවෙන මෙම වාර්තාමය චිත්‍රපටය දේශිය චිත්‍රපට කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන ජීවන් චන්දිමාල් විසින් අධ්‍යක්ෂණය කර ඇත.
එල් ටී ටී ඊ සංවිධානය විසින් අනාථ ළමුන් සදහා ඇති කරන ලද සෙන්චෝලෙයි නැමති අනාථ නිවාසයක හැදි වැඩෙන මෙම දමිළ ජාතික ලදැරිය ජයවඩනි එල් ටි ටි ඊ කාන්තා සෙබලියකු දක්වා හැදී වැඩෙනුයේ ත්‍රස්ත සංවිධානය විසින් සිංහල ජාතිය සම්පූර්ණයෙන්ම පිලිකුල් සහගත ලෙස හෙලා දකිනු ලැබිම සදහා පොළබවන ලද පරිසරයකදීය. ඇයද අනෙක් ළමුන් මෙන් හැදී වැඩෙනුයේ ආයුධවලින් සන්නද්ධ පරිසරයකය.ඇය දක්ෂ ශිෂ්‍යාවක් වුවද ඇයට තම බලාපොරොත්තුව වූ උසස් අධ්‍යාපනයේ දොරටු විවරකරගැනිමට ත්‍රස්ත සංවිධානය විසින් ඉඩ ලබාදෙනු නොලැබේ. ඒ වෙනුවට ඇය ත්‍රස්ත සංවිධානයේ හෙද සාමාජිකාවක ලෙස බදවා ගනු ලැබිණ.
යුද්ධයේදී හා යුද්ධයේ අවසන් අධියරේදී ඇය දුටු දසුන්වලින් හා ඒ කාලය තුලදී අත්විදි දේවල් අද වන විට ඇගේ ජීවිතයේ කිසිදා නොමැකෙන කැලැල් බවට පත්ව ඇත. එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානය විසින් සිවිල් වැසියන්ට හා ඔවුන්ගේම සාමාජිකයිනට යුද කාලය තුලදී කරන ලද විවිධ අසාධාරණකම් හා දරුණු වධ හිංසා පිලිබඳව ඇය හා ඇගේ පවුලේ සාමාජිකයින් සාක්ෂි දරණු ලැබේ.

මෙම වාර්ථාමය චිත්‍රපටයෙන් මෙම සාමාජිකාවගේ සත්‍ය ජීවිත කතාව හා සෙන්චෝලෙයි නැමති අනාථ නිවාසවල සැබෑ තත්වය මැනෙවින් විස්තර කර ඇති අතර එය ශ්‍රී ලංකාව ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිලිබඳව හා යුද්ධයේදී ආරක්ෂක හමුදා විසින් මානුෂීය අයිතීන් කඩකරන ලදැයි මොරනගන උදවියට කදිම පිළිතුරකි.
මෙම උත්සවයේ විශේෂ දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්තා සෙනවිරත්න මහත්මිය විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව පසුගිය දශක 3 ක පමණ කාලයක් තිස්සේ ලෝකයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදය හදුන්වා දුන්, කුඩා ළමුන් අතට තුවක්කුදී යුද පෙරමුණට යැවූ හා අහිංසක සිවිල් ජනතාව හා තමන්ගේම කණ්ඩායමේ සිට ආබාධිත තත්වයට පත්වූ සාමාජිකයින් අමු අමුවේ මරා දැමූ බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව සටන් කර එය ජයග්‍රහණය කලේය. එසේම මෙම ත්රස්තයින්ගේ බිහිසුණු ක්‍රියාවන් මෙරටට පමණක් සීමා නොවුන අතර ඔවුන්ගේ ක්‍රියා කලාපයට විරුද්ධ වූ අසල්වැසි රටවල් කරාද ව්‍යාප්ත විය.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය විශිෂ්ඨ එකක් විය. ලෝකයේ කිසිදු රටක මේ වන තෙක් එම රටට එරෙහිව ආ එවැනි ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන් සාර්ථකව පුනරුත්ථාපනය කර ඔවුනට නිවාස තනාදී, වෘතීය පුහුණුව තුලින් රැකියා ලබාදී ඔවුන් රැකබලා ගනිමින් නැවත පෙර සිටි තත්වයට ගෙන විත් නොමැති අතර අප රටට මෙතරම් කෙටි කලක් තුලදී එම කාර්යය කිරීමට හැකිවිය. යුද්ධය නිමාවීමෙන් පසුව අප රට විසින් මුලු ලෝකයටම ලබා දුන් හොදම ආදර්ශය වූයේද එයයි.
එසේම මෙම වාර්ථාමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජයවඩනි නැමති හිටපු එල් ටී ටී ඊ සාමාජිකාවද රජය විසින් කරගෙන යනු ලබන මෙම වැඩපිලිවෙලට සහාය දෙමින් මෙතෙක් කල් ලොවට වසන් වී තිබූ එහි නියම සත්‍යය හෙළි කිරීමට දායකවීම පිළිඹදව පැසසිය යුතුය.

ඊයේ පැවති මෙම වාර්ථාමය චිත්‍රපටය එළි දැක්වීමේ අවස්ථාව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශීය රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, අධ්‍යාපනඥයින් ඇතුළුව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.