කිරි පිටිවල ආසනික්. ඒ නිසා දරුවන්ට පිටි දෙන්න එපා - Mahinda Yapa Abeywardena

ආනයනය කරනු ලබන කිරි පිටි වර්ගයන් ද නැවත පරීක්ෂාවට ලක් කළ යුතු බවත් කිරි පිටිවල ද ආසනික් තිබෙන බවට තොරුතුරු අනාවරණය වී ඇති බවත් දරුවන්ට කිරි පිටි ලබාදීමෙන් වළකින ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.කිරි දෙනුන්ට ලබාදෙන තණ කොළ සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා රසායනික සංඝටක දෙනුන්ගේ ශරීරගත වන බව පැවසූ අමාත්‍යවරයා සුදු සීනිවල ද ආසනික් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද පැවසීය.

ශ්‍රී ලංකාව පමණක් නොව නිකර්ගුවා, උගන්ඩාව වැනි කෘෂිකර්මය හා සම්බන්ධ ලෝකයේ තවත් රටවල් කිහිපයක් ම මෙම වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් පීඩා විඳින බවත් වකුඩගු රෝගීන්ගෙන් හඳුනාගෙන ඇති යම් සංඝටක ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන රසායනික ද්‍රව්‍යවල අඩංගු නොවන බව හඳුනාගෙන ඇතැයි ද කීය.

ආනයනික රසායනික පොහොර වර්ග සිව් වරක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරු ව රට තුළට ගන්නා බවත් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් හා සැසඳීමේ දී වැඩිපුර පොහොර භාවිත කරන රටක් ලෙස ලෝක ආහාර සංවිධානය විසින් නම් කරනු ලැබ ඇතැයි ද කීය.

රසායනික පොහොර ලබා දීම අඩු කරන්නේ අනවශ්‍ය පොහොර භාවිතයෙන් වැළකීමට මෙන් ම ජනතාව කාබනික පොහොර කෙරෙහි යොමු කිරීමේත් අරමුණින් බව පැවසූ අමාත්‍යවරයා පොහොර ලබා දීම නතර කිරීමක් සිදු නොකරන බවද වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive