වරමක් ලැබුණොත් ටිකක් උස යනවා - Menaka Maduwanthi

ජීවිතේ ලස්සනයි චිත්‍රපටයෙන් ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගත් ඇය රංගනයට මෙන්ම නර්තනයටත් දක්‍ෂයි. ඇය නමින් මේනකා මධුවන්ති. මේනකා අපිත් සමඟ එකතු වුණේ ලස්සන ගැන ඇයට හැඟෙන දේ ඔබට කියන්න.

• මේනකාට තිබෙන්නේ උපතින්ම ලැබුණු ලස්සනක්ද? එහෙම නැත්නම් පසුව හදාගත් ලස්සනක්ද?

මට උපතින්ම ලස්සනක් තිබුණා. පසුව ඒ ලස්සන ඔපමට්ටම් කර ගත්තා.

• මොනවගේ දේවල්ද ඔපමට්ටම් කෙළේ?

මට උපතින්ම ලස්සන හමේ පාටක් තිබුණා. මගේ කොණ්ඩේ ගැන තමයි ගොඩක්ම උනන්දු වුණේ.

• මේනකා හිතනවද ඔබ ලස්සනයි කියලා?

ඔව්. මට මං ගැන විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා පෞද්ගලිකව මං හිතනවා මම ලස්සනයි කියලා. මම අවලස්සනයි කියලා මට හිතුණොත් මං, මං ගැනම අඩුතක්සේරුවක් කර ගැනීමක්.


• මේනකාට සුන්දර පෙනුමක් තියෙනවා කියලා මුලින්ම කිව්වේ කවුද?
ගොඩක්ම ප්‍රතිචාර තිබුණේ මගේ ප්‍රේක්‍ෂකයන්ගෙන්, මඟතොටේදී මුණගැසෙන හැමෝම මට කියනවා ඔයා ටෙලිවිෂන් එකෙන් දකිනවට වඩා සැබෑවට ලස්සනයි කියලා.

• නිවෙසේදී ලස්සන වෙන්න හිතාගෙන මොනවද කරන්නේ?
අම්මයි, නංගියි මම ගැන ගොඩක් හිතනවා. ඒ දෙන්නා තමයි ගොඩක් දේවල් කරලා දෙන්නේ. අම්මා සුඳු හඳුන්, කහ, වෙනිවැල් ගැට වගේ දේවල් හදලා දෙනවා මූණේ ගාන්න.

• නිතර සැලුන් යන්නේ නැද්ද?
සැලුන් යනවා. කොණ්ඩෙ කපන්න, කොණ්ඩේට විලාසිතා කරන්න නිතරම වගේ සැලුන් යනවා.

• ක්‍ෂේත්‍රයට එන්න ලස්සන කොයිතරම් දුරට ඉවහල් වුණාද?
ඇත්තටම මුලින්ම මට ක්‍ෂේත්‍රයට එන්න හේතු වුණේ මගේ හැකියාව. ඒ ඒ චරිත නිරූපණයට අවශ්‍ය රූපය ගොඩනඟා ගන්නවා.

• ජීවිතේ ලස්සනයි චිත්‍රපටයට තේරුණේ හැකියාවට වඩා රූපය නේද?
ඔව්. ඒ චිත්‍රපටය ටිකක් වෙනස් චිත්‍රපටයක් නිසා ලස්සන වගේම නර්තන හැකියාවත් බලපෑවා.

• ලස්සන වෙන්න වරමක් ලැබුණොත් මොනවද වෙනස් කර ගන්නේ?
ම්..... වරමක් ලැබුණොත් ටිකක් උස යනවා

• ඒ කියන්නේ මේනකා කොටයිද?
අපෝ ඔව්

• කොට වීම මේනකාගේ ලස්සනට බාධාවක්ද?
අනිවාර්යයෙන්ම. සමහර අවස්ථාවලදී කොටකම ලොකුවට දැනෙනවා.

• ඉස්සර මේනකා කෙට්ටුයි නේද?
ඔව්. ඒ කාලේ මට කෑම කන්න බැරි ලෙඩක් තිබුණා.

• දැන් කෑම කන්න පුළුවන් වෙලා වගෙයි?
ඔව්. දැන් මහත්වෙලා තියෙන්නෙත් ඒ නිසා තමයි. දැන් ආහාර පාලනය කරනනවා. ඒ වගේම ව්‍යායාම් කටයුතුවලත් නිරත වෙනවා. පසුගිය දිනවල නර්තනයෙන් අෑත්වෙලා හිටිය නිසාත් මහත් වෙන්න බලපෑවා.

ලයනි රසිකා නිරෝෂිණී

Gossip Lanka Hot News Previous News Archive