කැලණියේ ජනතාවට දැන් මගේ අගය තේරිලා - Mervyn Silva

කැලණිය ආසන සංවිධායක ධුරයෙන් තාවකාලික නැවැතුමත් සමඟ අද කැලණිය ප්‍රාදේශීය සභාව අන්තයටම දූෂණය වී ඇතැයි පවසන මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණි ජනතාව දැන් තමාගේ අගය තේරුම් ගෙන තිබෙන්නේ යැයි කියයි.

කැලණි දේශපාලනය ගැන සිහිපත් කරමින් ඔහු පැවැසුවේ තමා කැලණියෙන් ඉවත් නොවූ බවයි. කුමන්ත්‍රණකාරයන් පිරිසක් නිසා මට කැලණියෙන් ඉවත් වෙන්න සිදුවුණා. ඒත් සැමවිටම මම ඉන්නේ කැලණිය ජනතාව සමඟයි. මම කැලණිය සංවිධායක ධුරය භාරගත් දා සිට කැලණිය හැදුවා. මම කැලණියෙන් මුදල් හම්බකරලා නැහැ. වැඩ කරලා කොමිස් ගහල නැහැ. සංවිධායක ධුරයෙන් තාවකාලික නැවතුමත් සමඟ අද කැලණිය ප්‍රාදේශීය සභා දූෂණයෙන් අන්තයටම ගිහින්. පගාවට කර ඇති අනවසර ඉදිකිරීම් හා ගොඩ කිරීම් නිසා කිසිම දවසක වැසි ජලයෙන් යට නොවූ ප්‍රදේශත් මෙවර වැසි ජලයෙන් යටවුණා. පවුල් සිය ගණනක් අනාථ වුණා. මගේ අගය දැන් කැලණිය ජනතාව තේරුම් ගෙනයි තියෙන්නේ යැයි ඇමැතිවරයා පැවැසුවේය.

ඔහු මෙසේ පැවැසුවේ දෙල්ගොඩ අහුගම්මන සිරි ජයන්ති මහා කරුණා තරුණ මධ්‍යස්ථානයේ පැවැති ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල පරිවේණාධිපති හිමිවරුන් වහන්සේ සඳහා වූ නේවාසික සේවාස්ථ කළාමනාකරණ තෙදින පුහුණු වැඩමුළුවේ අවසන් දිනට සහභාගි වෙමිනි.


බුද්ධ ධර්මයත් කහ චීවරයත් නැත්නම් අපට ශ්‍රී ලංකාවකුත් නැතැයි ඇමැතිවරයා පැවැසීය.'අපේ පිරිවෙන ජාතික අධ්‍යාපනයේ ප්‍රධාන ප්‍රවාහය කරමු' යන තේමාව යටතේ මෙම වැඩමුළුව පැවැත්විණි.

මෙම වැඩමුළුව අධ්‍යාපන ආමත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කන්තලේ විජිතවංශ හිමියන් විසින් මෙහෙයවීම කළහ.

කෑරගල පද්මාවතී මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී පූජ්‍ය රජාවෙල නන්දරතන නාහිමි සහ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බුටාවත්තේ සරණංකර නාහිමිවරුන් මේ සඳහා අනුග්‍රහය දක්වා තිබිණි.මෙම වැඩමුළුව ඇමැතූ මර්වින් සිල්වා ඇමැතිවරයා මෙසේ පැවැසීය. බුද්ධ ධර්මයත් කහ චීවරයත් නැත්නම් අපට ශ්‍රී ලංකාවකුත් නැහැ.

Gossip Lanka Hot News Previous News Archive