නවාස් ෂරිෆ් ජයගනියි - Nawaz Sharif claims victory in Pakistan

පාකිස්ථාන ඊයේ පැවති මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයේ නිල නොවන ප්‍රතිඵල වලට අනුව නවාස් ෂරී‍ෆ්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ලීගය ජයග්‍රහණය කර තිබේ.

ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ මෙවර 60% - 80% අතර ඡන්ද ප්‍රමාණය ප්‍රකාශ වී ඇති බවය.හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ලීගය හා හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය අතර මෙවර මැතිවරණයේ දි තියුණු තරගයක් පැවතුණි.

ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ , මිට වසර 14 ට පෙර හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකළ දෙවතාවක් අග්‍රාමාත්‍යධුරය හෙබවු හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මේ වන විට ඔහුගේ නිල නොවන ජයග්‍රහණය භුක්ති විඳිමන් සිටින බවය.එරට විශාලතම හා වාණිජ මධ්‍යස්ථානය වන කරච්චි නගරයේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විමට හැකියාවක් නොලැබුන බව පාකිස්ථාන මැතිවරණ කොමිසම නිවේදනය කර ඇතැයි විදේස් මාධ්‍ය සදහන් කළේය.


වසර 66 ක පාකිස්ථාන ඉතිහාසයේ මැතිවරණයකින් බලයට පත් ආණ්ඩුවක් මැතිවරණයක් පවත්වා බලය හුවමාරු කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර නිල නොවන ඡන්ද ප්‍රතිපල පෙන්වා දෙන්නේ , ආසන 272 කින් යුත් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 100කට වැඩි ප්‍රමාණයක් නවාස් ෂරීෆ් හිමිකරගෙන ඇති බවය.

නිල නොවන පථිපළ වලට අනුව ජනාධිපති අසීෆ් අල් සර්දාරිගේ ජනතා පක්ෂය සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නායකත්වය දුන් තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය සම තත්වයේ පසුවන බව සඳහන්ය.

තම පක්ෂ ප්‍රධාන කාර්යා‍ලයේ දි එහි සාමාජිකයින් ඇමතු නවාස් ෂරී‍ෆ් සඳහන් කළේ තම පක්ෂය පකිස්ථානය තුළ ප්‍රබල ජයග්‍රහණයක් සටහන් කළ බවය.

Gossip Lanka Hot News Previous News Archive