වෙසක්දා තොරණ,පහන් කූඩු, දන්සැල් බෑ- No pandals or dansal on Vesak Poya Day

Updates :තොරණ-කූඩු-දන්සැල් කමක්නෑ ලු
වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ දන්සැල් දීම සිදු නොකළ යුතු බවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සිදුකළ දැනුම්දීම වෙනස් කර තිබේ.වෙසක් පොහොය දිනයේ තොරණ, දන්සැල් සහ භක්තිගීත ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බව යළි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසයි.

එම කටයුතු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලෙස ද අමාත්‍යංශය දැනුම්දෙයි.කෙසේ වෙතත් අද (16) පෙරවරුවේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බී දිසානායක මහතාගේ අත්සනින් යුතු නිවේදනයක සඳහන් වූයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු පොහොය දිනයට පසු දින සිට පමණක් සිදුකළ යුතු බවයි.
...............................................................................................................................................................
 "ධර්මයෙහි හැසිරෙන්න"
වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය දැනුම්දෙයි.එදින තුළ ආගමික වතාවත්වල නිරතවීම පමණක් සිදුකළ යුතු බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසෙයි.වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු 25 වැනි දින සිට පමණක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය.
සංගීත සන්දර්ශන භක්ති ගීත හෝ වෙනත් ක්‍රියාවන් ද වෙසක් පොහොය දිනයේ සිදුනොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.වෙසක් දන්සැල් පැවැත්වෙන ස්ථානවල මහ පිරිත හෝ ධර්ම දේශනා පමණක් විකාශය කළ යුතු බව ද එම අමාත්‍යංශය දැනුම්දෙයි.වෙසක් පොහොය දින විහාරස්ථානවල ආගමික වතාවත්වලට සහභාගී නොවී තැන තැන කණ්ඩායම් ලෙස හැසිරීම ද නොකළ යුතු බව ද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.වෙසක් පොහොය දිනයේ සීල සමාදානය, ධර්ම ශ්‍රවනය හා භාවනා ආදී ආගමික වතාවත්වල පමණක් යෙදීම සිදු කළ යුතු බව එම අමාත්‍යංශය දැනුම්දෙයි.
-වෙසක් සතිය ප්‍රකාශයට පත් කරයි-
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ 2013 මැයි මස 24 හා 25 දෙ දින වෙසක් දින වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 21 සිට 27 දක්වා කාල සීමාව වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ධර්මයෙහි හැසිරෙන්න‘ යන්න මෙවර වෙසක් දින තේමා පාඨය ලෙස ද නම් කර ඇත.

වෙසක් සතිය තුළ රජයේ සියලු ම ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමට හා වෙසන් සැරසිලිවලින් අලංකාර තබන ලෙස ද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Gossip Lanka Hot News Previous News Archive