උපන් මාසය අනුව ඔබගේ ගතිගුණ දැන ගන්න - Personality by Birth Month

ජනවාරි
ජනවාරි මාසයෙහි දී ඔබ ජන්ම ලාභය ලැබුවේ නම්, ක්‍රියාශිලී භාවයෙන් යුතු, කඩිසර ගමන් ඇති වාණිජ ව්‍යාපාර ගැන තම සිත යොදවා ක්‍රියා කිරීමෙන් දියුණුවිය හැකි අය වෙති. මොවුහු රහස් එළිදරව් නොකර සිතෙහි රඳවා ගනියි. තරුණ අවස්ථාවේදී විවාහයකට බැඳුණේ නම්, යහපත් භාර්යාවන් සහ මවුවරුන් වෙති. මේ මාසයෙහි ජනිත අය පී්‍රති වීමට හා කෙළි සෙල්ලමට ඉතා ප්‍රියවෙති.
තවද මුදල් ගනුදෙනු ඉතා පරිස්මෙන් කරන යමක් පොරොන්දු වීනම් එය එසේ ඉෂ්ට කරන යහපත් ගුණයක් මොවුන් කෙරෙහි පිහිටා තිබේ. මේ අය සිය අදහස් ඉටු වනවිට ඉතා සතුටට පත්වෙති. විටෙක කිසිදු හේතුවක් නොමැතිව කනගාටු භාවයට පත්වෙති. පැලඳිය යුතු මාණික්‍යය "පද්මරාග" යයි.

පෙබරවාරි
පෙබරවාරි මාසයේදී ඔබ ජනිත වූයේ නම් විශේෂ වශයෙන්ම ආර්ථික දියුණුවක් ලැබීමට මෙන්ම ආර්ථික පරිහානියට ලක්වීමටද බල පැවැත්මක් ඇති කෙරේ. මොවුන් නොයෙක් දේ ගැන සම්පූර්ණ නමුත් කාලය ගැන සැලකිලිමත් නොවේ. මෙම මාසයේ ජනිතවූ වනිතාවක් බාල කාලයෙහි නරක්විය හැකි නමුත් ලොකු වූවායින් පසු යහපත් භාර්යාවන්ද, ආදරවන්ත උපස්ථාන කිරීම්ද, යහපත් මවුවරුන් ද වෙති. මෙම මාසයේ උපන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම විවාහ ජීවිතයෙන් පසුව වඩා වාසනාවන්ත භාවයකට පැමිණෙනු ඇත. පැලඳිය යුතු මාණික්‍යය "පුෂ්පරාග" වේ.


මාර්තු
ඔබ උපන්නේ මාර්තු මාසයේ නම් අත් - පා ශක්ති සම්පන්නය. ඒ හේතු කොටගෙන දක්ෂ කම්කරුවෝ හෝ නාට්‍යකරුවෝ වෙති. ලස්සන දේවලට ඉතා ආශාවෙති. තමාගේ දියුණුව පිණිස උත්සාහ කරන්නේ කලාතුරකිනි. අන්‍යයන්ගේ සුඛවිහරණය සඳහා ඇප කැපවී ක්‍රියාකරයි. මාර්තු මාසයේ උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මුදල් විය පැහැදම් කිරීමට ලෝබ ස්වභාවයක් දක්වන්නේ නැත. ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කරන මොවුන් අනාගතය ගැන බලාපොරොත්තු සහගත භාවයකින් යුක්තවනු ඇත. යෝග්‍ය මාණික්‍යය රතු කැට වේ.

අප්‍රේල්
ඔබ අප්‍රේල් මාසයේ උපන්නේ නම් බුද්ධිමත් භාවයෙන් යුක්ත වේ. නොයෙක් විට උසස් තනතුරුවලටද අනපේක්ෂිතව පත්වීමේ භාග්‍ය සහිත වනු ඇත. අන්‍යයන් ගැන විශ්වාසය ඉතා අඩුවන අතර, අන්‍යයන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන ස්වභාවයක්ද දක්නට ලැබේ. වරදකට සමාව දීමටද කැමැති නැත. විසිතුරු ආභරණ පැලඳීමට රෙදි - පිළි පැලඳීමට රුචිකත්වයක් දක්වනු ඇත. මුදල් පරිහරණයේදී අර පිරිමැස්මෙන් තොරව ක්‍රියා කරනු ඇත. විවාහ ගිවිසුම් ගැන සැලකිල්ලක් නොකොට අතහැර දැමීමට තීරණ ගනු ඇත. සිය සිතැඟි මත විවාහ සබඳතා ගොඩනඟා ගනු ඇත. යෝග්‍ය මාණික්‍යය දියමන්තිය.

මැයි
ඔබ මැයි මාසයේ උපත ලබා ඇතිනම් දිරිමත් භාවයෙන් යුක්ත වනු ඇත. කරුණාවන්ත වෙති. කෙළි සෙල්ලමට රුචිවෙති. සුවසේ දිවි පවත්වන්නෝය. සෙල්ලමට ඇති ආශාව නිසා ස්වකීය රැකියාවට බාධා පමුණුවා ගනිති. මොවුන් ඉතා එඩියෙන් යුත් අයවෙති. මේ මාසයේ උපන් අයට ඉතා හොඳ ධාරණ ශක්තියක් ඇත්තේය. අනෙක් අයට යම් යම් කරුණු මතක නැති වීම ගැන ඔවුහු ඉතා අප්‍රසන්න වෙති. මොවුහු තමන්ගේ අභිමතය පරිද්දෙන්ම ක්‍රියා කරන්නෝය. අන්‍යයන්ගේ වැඩකටයුතුවලදීද උපදෙස් දෙමින් ඊට සම්බන්ධ වනු ඇත. මෙම මාසයේ උපන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම වහා කිපෙනසුලු ස්වභාවයෙන් යුක්තවනු ඇත. පැලැඳීම සඳහා යෝග්‍ය මාණික්‍යය මරකත නොහොත් පච්ච මැණිකය.

ජුනි
ඔබ ජුනි මාසයේ උපත ලබා ඇතිනම් සතුටට පත්වන්නේ කලාතුරකිනි. ඔබට වුවමනා කුමක්ද යනු ඔබ නොදනී. තමන්ට නැත්තාවූ කොයිදේ වුවත් ඒ සියල්ලක්ම ලැබීමට ආශාවෙති. අනුන් හොඳින් ජීවත්වීම ගැන තමාට ඉවසිය නොහැකිය. මොවුහු හෙට පශ්චාත්තාපය පත්වන වැඩ කිසි කල්පනාවක් නොමැතිව අද කිරීමට තීරණ ගනු ඇත. මොවුහු වද වේදනාවලින් පීඩා විඳින අය කෙරෙහි අනුකම්පාවෙන් ආධාර උපකාරද කරනු ඇත. යහපත් වර්ණයට ද සංගීතයටද පැහැදීමක් ඇති කෙරේ. අන්‍යයන්ගේ දෝෂ දර්ශනයටද කැමැත්තක් දක්වනු ඇත. මොවුන් කෙරෙහි ස්වභාවයෙන්ම ඊර්ෂ්‍යාව සහ අනුන් විශ්වාස නොකරන ගතියක්ද පිහිටා ඇත. නිය සැපීමෙන් මොවුන්ගේ කිපෙනසුලු ගතිය ප්‍රකාශ වෙති. මාණික්‍යය වශයෙන් සුදු නිල යෝග්‍ය වනු ඇත.

ජූලි
ජූලි මාසයේ උපත ලද අය සාමාන්‍යයෙන්ම ඥානවන්තභාවය ගැන ප්‍රසිද්ධවේ. ඔවුහු සත්ගුණවත් උතුම් අයවෙති. ලක්ෂණ දේවලටද දේශ සංචාරයටද ප්‍රියමනාප භාවයක් දක්වනු ඇත. එම ගුණය මහලු වයස් වනවිට වඩාත් වර්ධනය වනු ඇත. ජූලි මාසයේ උපන් වනිතා පක්ෂය මෘදු කොමල ගතියෙන් යුක්තවෙති. ඔවුන්ගේ යහපත් ගුණාංගයන් පැතිර යෑමට ඔවුන්ට ආලෝකය හා ධෛර්ය දීමද ඇවැසිවෙයි. ජූලි මාසයේ උපන් පුරුෂ පක්ෂය නිතර සිය නිවහනෙහි සිටීමට රුචිකත්වයක් දක්වනු ඇත. මෙම මාසයේ උපන් ජන්මීන්ට පැලඳිය යුතු මාණික්‍යය මරකත මිණයි.

අගෝස්තු
ඔබ උපන්නේ අගෝස්තු මාසයේදී නම්: විධාන කිරීමෙහි සමත් භාවයක් දක්වනු ඇත. මොවුන්ගේ ආදරය හෝ කේ‍රා්ධය ඉතා බලවත් වේ. මේ මාසයේ උපන් අය විශාල වැඩ කිරීමෙහි දක්ෂවෙති. ස්වකීය අභිමතානුකූලව ක්‍රියා කරනු ඇත. අන්‍යයන්ගේ දුකට පිහිට වීමේ ගති ස්වභාවයක්ද පවතී. තරුණ ගුණයෙන් යුක්තය. අගෝස්තු මාසයේ උපන් අය දෙවරක් විවාහ වන බවද පැවසෙයි. රැකියා ක්‍ෂේත්‍රය පිළිබඳ හෝ ව්‍යාපාරික අංශ ගැන අදහස් ඉතා යහපත්ය. ඔවුහු තර්ක කිරීමෙහිද දක්ෂයෝය. අන්‍යයන්ට දෙවැනි නොවන අදහස් ඇති අයවෙති. මුදල් ගනුදෙනු සහ රහස් ගැන විශ්වාස කළ හැකිවේ. පැලඳීමට යෝග්‍ය මාණික්‍යය රතු කැටය වේ.

සැප්තැම්බර්
ඔබ උපන්නේ සැප්තැම්බර් මාසයේ නම්, මේ මාසයේ ජනිත අය කරුණා ගුණයෙන් යුක්තය. කලබල නැත. රහස්ගැන විශ්වාස කළ හැකිවේ. තරමක් ලෝභ අයවෙති. වචන කඩ නොකරන උතුම් ගුණද මොවුන් තුළ ඇත. අලුත් ඇඳුම් පැලඳුම්වලට ප්‍රිය කරයි. මොවුන්ගේ ජීවිතයෙන් කොටසක් අවුරුදු දෙකක් හෝ තුනක් ඇවිදීම සඳහා යොදවති. හැම දෙනා කෙරෙහිම ළෙන්ගතු භාවයක් දක්වනු ඇත. මේ මාසයේ උපන් අය නිරෝගීමත් භාවයෙන් යුක්ත වනු ඇත. නමුත් මත්පැන් පානය නිසා රෝග තත්ත්වයන්ට බඳුන් වීමට ඉඩ ප්‍රස්තාව ඇති කෙරේ. මෙම මාසයේ උපන් අයට මුතු පැලඳීම යෝග්‍ය වනු ඇත.

ඔක්තෝබර්
ඔබ උපන්නේ ඔක්තෝබර් මාසයේ නම්? ධාර්මික භාවයෙන් යුක්ත වනු ඇත. මොවුන් මුදල් ගැන වැඩි සැලැකිල්ලක් නැත. සිය මුදල් අනවශ්‍ය පරිදි පරිහරණය කරනු ඇත. නිකරුණේ වියදම් කරයි. උසස් මිනිසුන් වීමට ශක්තිය ඇත. නමුත් සුළු කරුණුවලින් සිත කලකිරී අධෛර්යටම වනු ඇත. සුළු කරුණු අමතක කරනු ඇත.
යම් යම් කරුණු ගැන මොවුන් වන පොරොන්දුද අමතක කරන්නෝය. ගනුදෙනු ගැන විශ්වාස කළ නොහැකිය. මේ මාසයේ උපන් ස්ත්‍රීන් පුරුෂයන් ගැනද, පුරුෂයන් ස්ත්‍රීන් ගැනද ප්‍රේමාන්විත භාවයක් දක්වනු ඇත. මෙම මාසයේ උපන් අයට කාකනිල මාණික්‍ය පැලඳීම යෝග්‍යය වනු ඇත.

නොවැම්බර්
ඔබ උපන්නේ නොවැම්බර් මාසයේදී නම් තිර අදහස් ඇති දැඩි කල්පනාවෙන් යුක්ත අයවෙති. සිය අභිමතයට අනුව ක්‍රියා කරනු ඇත. වාග්චාතුර්යයෙන්ද යුක්ත වනු ඇත. අන්‍යයන්ගේ ගෞරවාදරයට ද පාත්‍රවනු ඇත. සිය සිතැඟි පරිදි කටයුතු කර ජයග්‍රහණය ලබා ගැනීමටද ඉවහල් වනු ඇත. බාල කාලය කෙළි සෙල්ලමෙන් ගත කිරීම නිසා ජීවිතයේ අග භාගයේදී පසුතැවීමට ද සිදුවනු ඇත. කුලුණු ගුණයෙන් යුත් මිතුරන් ඇසුරට ලැබෙනු ඇත. ඔවුන්ගේ ඇසුරින්ද දියුණුව ලබනු ඇත. යෝග්‍ය මාණික්‍යය ලෙස මුතු කැට යෝග්‍ය වේ.

දෙසැම්බර්
ඔබ උපන්නේ දෙසැම්බර් මාසයේදී නම්? මෙම මාසයේ ජනිත වූවෝ කඩිසර ගතියෙන් යුක්තය. ඉක්මනින් දියුණු වන්නාවූද පහත වැටෙන්නාවූද අයවෙති. නිතරම සත්‍ය වචනය පවසන අයවෙති. මුදල් ගනුදෙනු ගැන විශ්වාස කළ හැකිවේ. තමන්ගේ හදවතට අනුව ක්‍රියා කරන නීති ගරුක අයවෙති. අන්‍යයන් සමඟ ඉක්මනින් මිතු දම් ඇතිකර ගැනීමේ දක්ෂතාවයක්ද ඇත. දහමට ළැදියාව ඇත. අසරණ අයට පිහිට වීමටද රුචිකත්වයක් දක්වනු ඇත. මොවුන්ගේ දුර්වලතාවක් වන්නේ කොතරම් දියුණු තත්ත්වයකට පත්වුවද, අන්‍යයන්ගේ දියුණුවට කේ‍රා්ධ කිරීමය. පැලඳිය යුතු මාණික්‍යය පුෂ්පරාග මාණික්‍යය යයි.

"ජේ‍යාතිර්විද්‍යා පණ්ඩිත" (ජනාධිපති සම්මානලාභී)
කොස්ගොඩ ජේ. පී. ද සොයිසා

Gossip Lanka Hot News Previous News Archive