ජනපති විදුලි බිල අඩුකරයි - President Mahinda Rajapaksa Short circuits tariff hike

ඒකක 0 සිට 60 දක්වා පරණ මිලමයි
ඒකක 180 දක්වා විදුලිය පරි‍භෝජනය කරන අයට යම් ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරිමට තීරණය කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විදුලි බිල වැඩි කිරීමට එරෙහි රට පුරා උද්ඝෝෂණ පැවැත්වීය.එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්තා පෙරමුණ එහි මුල් තැන ගත්හ.
ජනාධිපතිතුමා මෙම අදහස් පළ ‍කළේ, කොළඹ කැම්බල් පිටියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය අමතමිනි.ඒකක 0 සිට 60 දක්වා විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩි නොකරන බව ද ජනාධිපතිතුමා මෙහිදි ප්‍රකාශ කළේ ය.රට නගන මැයි රැල්ල යන්න තේමා කර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාළිය ආරම්භ වූයේ, ග්‍රීන් පාත් නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලිනි.

මහින්ද රාජපක්ෂ ජනපති මෙසේ ද කීවේය. ‘‘එක්සත් ජාතික පක්ෂ කාලයේ විදුලි බලාගාර කලට වේලාවට ඉදි කෙළේ නැහැ. අප එම බලාගාර ඉදි නොකෙළේ නම් ජනතාවට යන්න වෙන්නේ පන්දම් පත්තු කරගෙනයි. එක්සත් ජාතික පක්ෂය දැන් හැම තැනම පෙන්වන්නේත් ඒකමයි‘‘.












Gossip Lanka Hot News Previous News Archive