විදුලිය බිල අඩු වෙන හැටි - Relief for low-end users

 විදුලි බිලෙන් ඒකක 60-180 දක්වා ඉන්ධන ගැළපුම් ගාස්තුව 25% කින් අඩුවේ

වැඩි කළ විදුලි ගාස්‌තුවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ සහන යෝජනා අනුව ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇත.

ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි. ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයෙක්‌ පැවසීය.නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර ඇත. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ ඒකක 120 දක්‌වා අය කරනු ලැබූ රුපියල් 15 බැගින් වූ මිල ගණන් යටතේය. එසේම ඒකක 61 සිට ඒකක 180 දක්‌වා විදුලිය ඒකක ප්‍රමාණයක්‌ පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන 40% ඉන්ධන ගැලපුම් ගාස්‌තු 25% කින් අඩු කිරීමට ද තීරණය කර ඇත.

මෙම නව සංශෝධන විදුලිබල මණ්‌ඩලය මගින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Gossip Lanka Hot News Previous News Archive