සක්විතිට ඇප - Sakvithi Ranasinghe Released on Bail

තැන්පතුකරුවන් 3,000ට අධික පිරිසකගේ රුපියල් කෝටි 105ට (1,050,000,000) ආසන්න මුදලක් වංචා කළ බව කියන සක්විති රණසිංහ නැමැත්තාට අද (10) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇප ලබාදී තිබේ.

අධිකරණය හමුවට සක්විති රණසිංහ නැමැත්තා ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වන ශරීර ඇප 2ක් මත ඔහු නිදහස්නිදහස් කිරීමට මහේස්ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා නියෝග කර ඇත.

එසේම ඔහුට මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද එම නියෝගයේ සඳහන් වේ.ආන්දෝලනයට තුඩු දුන් නඩු වලට සම්බන්ධ කහවත්තේ ධර්මසිරි,මාලක සිල්වා,දුමින්ද සිල්වා මෙන්ම අද සක්විති රණසිංහත් ආසන්න දිනවලදී නිදහස ලැබීම ලංකාවේ අධිකරණ ඉතිහාසයේ විශේෂ සිද්ධියක්ය.

Gossip Lanka Hot News Previous News Archive