Samsung Galaxy S4 වෙළෙඳපොළට

පාරිභෝගිකයාට වඩාත් හොද සේවාවක් ලබාදීමේ අදහසින් සැම්සන් ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය Samsung Galaxy S4 වෙළෙඳපොළට හදුන්වා දෙයි.

මෙම නවීන ජංගම දූරකතනය ඊයේ (09) වෙළෙඳපොළට හදුන්වාදීමේ අවස්ථාවට එක් වෙමින් සැම්සන් සමාගමේ තොරතුරු තාක්ෂණ සහ ජංගම සන්නිවේදන අංශයේ ප්‍රධානී ජේ.කේ. ෂින් මහතා පැවසුවේ Galaxy S4 හිත මිතුරන් තවත් සමීප කරමින්, සෑම දිනකම විශේෂත්වයක් ගෙන දෙමින් පාරිභෝගිකයින්ට නවතම දූරකතනයක් ලෙස ක්‍රියා කරන බවයි.

මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ සැම්සන් ඉන්ඩියා ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ්හි කළමනාකරණ අධ්‍යක්ෂ එච්.කේ චෑන් මහතා පැවසුවේ පාරිභෝගික අදහස්වලට ගරු කරමින් මේ වන විට Galaxy Sll, Galaxy Slll, Galaxy Note, Galaxy Note 2 වැනි නවීන තාක්ෂණය කැටි කළ උපාංග රැසක් වෙළෙඳපොළට හදුන්වා දී ඇති බවයි. මෙම නව තාක්ෂණයෙන් යුතු දූරකතන පෙළ හදුන්වාදීමෙන් අනතුරුව Samsung Galaxy S4 හදුන්වා දී ඇත.

SAMSUNG GALAXY S4 පිළිබඳව

අරුත්බර මොහොතක අමරණීය මතකය හැමදාටම

ප‍්‍රීතියෙන් සතුටින් ගෙවන ජීවිතයේ වැදගත් සහ අරුත්බර අවස්ථාවන්ගෙන් නිරන්තරයෙන්ම පිරී ඇති අතර GALAXY S4 ඔබේ ඒ සෑම අවස්ථාවකම මතක සටහන් ලබාගනිමින් එය ඔබේ සමීපතමයින් සමග බෙදා හදා ගැනීමට අවස්ථාව ලබා දෙයි. ලොව ප‍්‍රථම Full HD Super AMOLED තිරය GALAXY S4 හි ඇති බැවින් එහි රූප අතිවිශිෂ්ට තත්ත්වයෙන් නැරඹීමේ හැකියාව ලැබේ. අසමසම තත්ත්වයේ ගුණාත්මක බව ඔබට ලබාදෙමින් අඟල් 5 පුළුල් තිරය සඳහා 441ppi අන්තර්ගත වේ.

මෙගාපික්සල් 13ක පිටුපස කැමරාවක් සහිත GALAXY S4 හි කැමරා දෙකක සේවාව ලබාදෙන ‘Dual Camera’ පහසුකම අන්තර්ගත බැවින් අවශ්‍ය පරිදි ඉදිරිපස සහ පිටුපස කැමරා භාවිතා කිරීමේ හැකියාව ඔබට ලබාදෙයි. මෙහි කැමරා පහසුකම ඩුවල් කැමරා සඳහා පමණක් සීමා නොවේ. එහි අන්තර්ගත Drama Shot’ පහසුකම සමගින් සුවිශේෂී කැමරා කෝණ 12ක් භාවිතා කිරීමේ හැකියාව ඔබට ලැබෙන අතර එමගින් එකම කාල පරාසයක් තුළ සියලූ ක‍්‍රියාකාරකම් අඛණ්ඩව නැරඹීමේ හැකියාව ලැබේ. එසේම මෙහි ‘Sound & Shot’ පහසුකම මගින් ශබ්ද සහ නාද සියල්ල එකට ගබඩා කරගන්නා අතර එම අවස්ථාවන්හි ලබාගත් ඡායාරූප සමගින් මෙම නාද එක්වී එම සිදුවීම සැබෑ ලෙසම නැරඹීමේ හැකියාව ලබාදෙයි. මෙහි “Animated Photo” මගින් ඡායාරූප රැසක් ගැනීමට හැකි අතර පසුව සෙසු ඡායාරූප සියල්ල නිශ්චලව තිබියදී තෝරාගන්නා එක් ඡායාරූපයක් පමණකක් චලනය වේ.

සැබෑ සබැඳියාව සමගින් සැවොම එක් කරයි

Samsung GALAXY S4 මගින් ඔබේ ජීවිතයේ ඔබට වැදගත් සියලූ සබඳතා පවත්වාගැනීමට මනා සහයෝගයක් ලැබේ. මෙය හුදෙක් එක් පුද්ගලයෙකු භාවිතා කරන පෞද්ගලික උපකරණයක් පමණක් නොවන අතර එමගින් ඔබ කොතැනක සිටියත් ඔබේ සෑම විශේෂ අවස්ථාවක්ම ඔබේ සමීපතමයින් සමග හුවමාරු කරගනිමින් ඔවුන් හා එක්ව සතුටුවීමට හැකියාව ලබා දෙයි.

මෙහි ඇති ‘Group Play’ පහසුකම සමගින් භාවිතා කරන්නාට Wi-Fi හෝ ජංගම දුරකතන සංඥා නොමැති අවස්ථාවලදී වුවද සංගීතයට සවන්දීම, පිංතූර බැලීම, ලියවිලි පරීක්‍ෂා කිරීම සහ ගේම් ඇතුළු බොහෝ පහසුකම් තමන් අවට සිටින පුද්ගලයින් සමග එක්ව අත්විඳිය හැක. මෙම අතිනවීන පහසුකම මගින් ඔබට ඍජුවම සෙසු පුද්ගලයින් සමග සම්බන්ධ වී තොරතුරු හුවමාරු කිරීම, ගීත වාදනය සහ තොරතුරු සැකසීම මෙන්ම විනෝදාත්මක ක‍්‍රියාකාරකම් සඳහා අවකාශ ලබා දෙයි. එහි ‘Share Music’ පහසුකම මගින් සියලූ දෙනා වෙත සාදයක හැඟීම ඇති කරමින් ජංගම දුරකතන කිහිපයක එකම ගීතය වාදනය කිරීමේ හැකියාව ලබා දෙයි.

වෙහෙසකර අත්දැකීම්වලට සමු දී සියල්ල පහසුවෙන් ඉටු කරගන්න

පාරිභෝගිකයාට කිසිදු වෙහෙසකින් තොරව තම ජීවිතය අත්විදීමේ අවස්ථාව ලබාදෙමින් ඇගිලි තුඩු මගින් විධාන ලබාදීමකින් තොරව ඔබේ මුහුණ, කටහඩ සහ ඉරියව් අවබෝධ කර ගනිමින් පාලනය වීමේ හැකියාව GALAXY S4 වෙත තිබේ.

‘Air Gesture’ සමගින් උදාහරන වශයෙන් සවන්දෙමින් සිටිනක් තම අත වැනීමෙන් පමණක් වෙනස් කිරීමේ හැකියාව ලැබේ. ‘Air View’ මගින් දුරකතනය භාවිතා කරන්නාට ඇඟිලි තුඩු තැබීමකින් පමණක් ඊමේල්, එස් ප්ලෑනර්, ඉමේජ් ගැලරි හෝ වීඩියෝ විවෘත කිරීමකින් තොරව බැලිය හැක. එසේම ඉන්ටර්නෙට් බ‍්‍රවුසරය හෝ ස්පීඞ් ඩයල් ලෙස යොදා ඇති දුරකතන අංකයක ඉලක්කම් විශාල කර බැලීමේ හැකියාව ද ලබා දෙයි. එසේම මෙහි ‘Samsung Smart Pause’ විශේෂාංගය සමගින් ඔබ දුරකතනයේ නරඹමින් සිටි තිරය ඔබට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වේ. ඔබ වීඩියෝවක් නරඹමින් සිට ඉවත බලන අවස්ථාවක එහි තිරය තාවකාලිව නවත්වා ඔබට නැවත එතැන් සිට එය නැරඹීමේ හැකියාව ඇත.
ඔබට සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවිපෙවෙතකට මග පෙන්වමින් ඔබට සවියක් වෙයි
GALAXY S4 හි ඇති අතිනවීන තාක්‍ෂණය කැටි කළ තවත් සුවිශේෂී ගුණාංගයක් වන ‘S Health’ මගින් නවතම සෞඛ්‍ය තොරතුරු ඔබට ලබාදෙමින් ඔබට නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීමට සහයෝගය ලබා දෙයි. මෙහි අන්තර්ගත සංවේදක මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ස්වයංක‍්‍රීයව නිරන්තරයෙන් අවධානයට ලක් කරන අතර නීරෝගී ජීවන රටාවක් වෙනුවෙන් ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු සපයනු ලබයි.

තොරතුරු පරීක්‍ෂා කිරීමට අමතර ‘Samsung Adapt Display’ මගින් සෑම වර්ගයකම මෘදුකාංග හා අනුකූල වෙමින් උපරිම නැරඹීමේ අත්දැකීමක් ලබාදෙන අතර ‘Samsung Adapt Sound’ මගින් එක් එක් පාරිභෝගිකයාට වෙනස් වූ ශ‍්‍රව්‍යමය අත්දැකීමක් ලබා දෙයි.

සේවා සහ පහසුකම් පිළිබදව

GALAXY S4 සදහා ලබාදෙන ‘ChatON’ පහසුකම ඔස්සේ තත්ත්වයෙන් උසස් mVoIP/Video Chatting සේවාව සමගින් විනෝදාත්මකව සහ නිර්මාණාත්මකව පණිවිඩ යැවීමේ හැකියාව ලැබේ. ඔබට උස-ත්‍ස සහ ජංගම දුරකතන සේවාව භාවිතා කරමින් මිතුරන් දෙදෙනෙකු සමග වීඩියෝ සහ වොයිස් චැට් කිරීමේ පහසුකම අත්වි`දිය හැකි වන අතර ඉතා පහසුවෙන් පණිවිඩ යැවීමෙන් චැට් කිරීමට මාරු විය හැක. එසේම ‘Share Screen’ පහසුකම තුළින් ඔබේ දුරකතන තිරය චැට් කරන ඔබේ හිතමිතුරන් සමග හුවමාරු කරගැනීමට ඉඩ ලැබෙන අතර ඔබට තොරතුරු ඩවුන්ලෝඞ් කර නැවත ඔවුන්ගේ උපකරණයේ අප්ලෝඩ් කිරීම අවශ්‍ය නොවේ.

Samsung GALAXY S4 පිළිබදව අදහස් දක්වමින් චෑන් මහතා වැඩිදුරටත් මෙසේ ප‍්‍රකාශ කළේය. “GALAXY S4 මගින් අපට දුරකතනයකට වැඩි යමක් අත්විදිය හැක අතර එමගින් අපගේ ජීවිතය සුවපහසු අයුරින් අත්විදීමටත් නව අත්දැකීම් ලැබීමටත් හැකියාව ලැබෙනවා. GALAXY S4 ලබාදෙන පොරොන්දුවත් එයයි”

2013 මැයි මස 09 වනදා සිට ශ‍්‍රී ලංකාවේ සැම්සන් දුරකතන බලයලත් බෙදාහරින්නන් වෙතින් ඔබට GALAXY S4 ලබාගත හැක.

GALAXY Grand සහ GALAXY Note 8.0 ශ‍්‍රී ලාංකික වෙළදපලට

තම පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් ලබාදීමේ පොරොන්දුව ඉටු කරමින් Samsung GALAXY Grand අද හදුන්වාදෙනු ලැබීය. Samsung GALAXY Grand දුරකතනය Android 4.1.2 (Jelly Bean) මෙහෙයුම් පද්ධතියක් මගින් බලාත්මක වන අතර 1.2 GHz Dual Core ප්‍රොසෙසරයක් මගින් ධාවනය වේ. එසේම mDNLe තාක්‍ෂණය සමගින් ක‍්‍රියාත්මක WVGA TFT සහිත අගල් 5.0ක පුළුල් වූ තිරයක් මෙහි අන්තර්ගත වන වන අතර ඉතා සිහින් සහ අතට පහසුවෙන් රදවාගත හැකි නිමාවකින් යුක්ත වේ. මෙහි සුපැහැදිලි තිරය මගින් පණිවිඩ, බහුමාධ්‍ය සහ වෙබ් අඩවි වැනි සියලූ දේ අසමසම වූ වර්ණ රටාවන් සහ පැහැදිලි බවින් නැරඹීමේ හැකියාව ඔබට ලබා දෙයි. එසේම මෙහි ඇති ‘Multi Window’ පහසුකම මගින් තිර කිහිපයක් භාවිතා කරමින් කාර්යයන් රැසක් එකවර ඉටු කරගත හැකි අතර එක් එක් කාර්යයට තිරයෙන් තිරයට ඉවත්වීම අවශ්‍ය නොවේ. ඊට අමතරව මෙහි ඇති ‘Smart Dual SIM’ පහසුකම මගින් පාරිභෝගිකයාට එකම දුරකතනයකින් සම්බන්ධතා දෙකක් පවත්වාගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය සන්නිවේදන සේවාව උපරිමයෙන් අත්විදීමට හැකියාව ලබා දෙයි. සීමා මායිම් නොමැතිව පාරිභෝගිකයාට අවශ්‍ය විවිධ වූ පහසුකම් රැසක් අන්තර්ගත කර GALAXY Grand නිර්මාණය කර තිබේ.

නවතම ‘Note’ තාක්‍ෂණයෙන් සවිමත් වූ නව යුගයක් කරා ශ‍්‍රී ලංකාව රැගෙන යමින් සැම්සන් සමාගම අගල් 8ක ටැබ්ලට් පරිගණකය වන Note 8.0 මෙරට වෙළදපලට හදුන්වාදෙන ලදී. අසමසම වූ බහුමාධ්‍ය වින්දනය පාරිභෝගිකයාට ලබාදෙන GALAXY Note 8.0 මගින් විශේෂාංග රැසක් අන්තර්ගත වූ ටැබ්ලට් පරිගණක අත්දැකීමක් පාරිභෝගිකයාට ලබාදෙන අතර සුපැහැදිලි හඩ සමගින් බහුකාර්ය සේවා රැසක් ලබාගැනීමේ හැකියාව පවතී. එසේම මෙහි අන්තර්ගත ‘S Pen’ මගින් සාම්ප‍්‍රදායික කොල සහ පෑන් භාවිතයට නව අර්ථකතනයක් ලබාදෙමින් අමතර පහසුව සලසාදෙන අතර ඔබ යන එන කොතැනදීත් ඔබේ කටයුතු සැලකිය යුතු පරිදි පහසු කරයි.


Gossip Lanka Hot News Previous News Archive