Save The Children ආයතනය විසින් වාර්ෂිකව ඉදිරිපත් කරන 'ලෝකයේ සිටින මවුවරුන්ගේ තත්ත්ව වාර්තාව' (State of The World’s Mother’s Report) දහහතර වැනි වතාවට පසුගියදා එළි දැක්විණි.
මේ වාර්තාව සමඟ ඉදිරිපත් කර ඇති මවුවරුන්ගේ වාර්ෂික දර්ශකයෙන් ලෝකයේ රටවල් 176ක් අතුරින් මවුවරුන්ගේ හා බිලිඳුන්ගේ ජීවිත සුරැකීමට සමත් සහ අසමත් රටවල් සංසන්දනාත්මකව දක්වා තිබේ.
ඒ අනුව මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධ්‍යාපනික සහ ආර්ථික තත්ත්වය සේම ළමයින් සම්බන්ධව ඉතා වැදගත් දර්ශක වන ඔවුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය යන සාධක මත පදනම්ව මවක් වීම සඳහා සුදුසුම රටවල් අතුරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයේ සිටී. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය ඇතුළු දකුණු ආසියා රටවල් අභිභවා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවත් මවක් වීමට ඉතා සුදුසුම රට ලෙස පින්ලන්තය ලෙසත් කොන්ගෝ රට මේ දර්ශකයේ පහළම ස්ථානයේ සිටින බවත් Save The Children ආයතනය සඳහන් කරයි.

මේ වාර්තාවේ ප්‍රථම වතාවට 'ඉපදුණු දින අවදානම් තත්ත්ව වාර්තාව' අන්තර්ගතකොට ඇති අතර එහි රටවල් 186ක ඉපදුණු පළමු දින සිදුවන බිලිඳු මරණ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ. එයට අනුව වසරකට බිලිඳුන් මිලියන 3ක් පමණ මියයන අතර ඔවුන්ගෙන් මිලියනයක් ඉපදුණු දිනම මියයන බවත් දකුණු ආසියාවේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ ඉපදුණු දින මියයන බිලිඳුන්ගේ අනුපාතය 333ට 1ක් සහ බිලිඳු මරණ අනුපාතය 125ට 1ක් ලෙස අවම අගයක් ගන්නා බවත් සඳහන් වේ. මේ වාර්තාව මඟින් බිලිඳුන්ගේ ජීවිත පැවැත්ම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරමින් අලුත උපන් බිලිඳුන්ගේ මරණ සංඛ්‍යාව අඩුකිරීම සඳහා කැන්ගරු දරු රැකවරණ ක්‍රමය හඳුන්වා දී තිබේ.