සතුරාගේ පෙනහැල්ල බුදින සිරියානු කැරලිකරුවා - Syrian rebel shown 'eating soldier's heart'

සිරියානු විපක්ෂ කැරලිකාර කන්ඩායමක සාමාජිකයෙකු විසින් යටත් කර ගත් රජයේ හමුදා භටයෙකුගේ පෙනහැල්ල ගලවා බුදින වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

තත්පර 27 ක් පුරා දිවෙන මෙම විඩියෝව ජනමාධ්‍ය වෙත නිකුත් වීමත් සමගම මානව හිමිකම් සංවිධාන ඇතුළු සමස්ත ලෝක ප‍්‍රජාවගේ පිළිකුළට සිරියානු කැරලිකාර කන්ඩායම් ලක්වී ඇති අතර ඔවුන්ට ආධාර කරන බටහිර රටවල්ද ජනතා විරෝධයට පාත‍්‍රවී ඇත.කෙසේ වුවද මේ පිළිබද කටමැත දොඩවන මෙම සාහසික අපරාධය කල කලීඞ් හමාඞ් නැමැති කැරලිකරුවා පවසන්නේ තමන් මෙය සිදු කලේ වෛරය පිරිමසාගැනීමට බවයි. ඇසට ඇස - දතට දත ඔහුගේ ආදර්ශ පාඨය බවයි.

අපට ඔහුගේ ජංගම දුරකතනයේ තිබී අහිංසක කාන්තාවන් තිදෙනෙකුට ලිංගික අතවර කරන වීඩියෝවක් අසුවුණා. සුන්නි මුස්ලිම්වරයෙක් ලෙස මට අලවයිට් මුස්ලිමුන් පේන්න බෑ. එනිසා මම ඔහුගේ ශරිරය විවර කර පෙනහල්ල කපාගෙන කෑවා යනුවෙන් කලීඞ් හමාඞ් පවසයි.තමන් විසින් තවත් එක් රජයේ හමුදා භටයෙකුව කියතකින් කැබැලි කරන දර්ශනයක් අඩංගු වීඩියෝ පටයක් ප‍්‍රසිද්ධ කිරීමට ඉදිරියේදි කටයුතු යොදන බව කලීඞ් හමාඞ් වැඩිදුරටත් පවසයි.

Gossip Lanka Hot News Previous News Archive