ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - Tense situation in Borella

සිය සිරුරට ගිනිතබාගෙන අපවත් වූ බෝගහවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු සංවිධානය කිරීමට පැමිණි 'රාවණා බලය' සභාපති අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්‍ෂු පිරිසට එම දේහය මල්ශාලාවෙන් රැගෙන ගිය බව දැනගැනීමට ලැබීමෙන් පසු පිරිස අතර නොසන්සුන්කාරී හා ආවේගශීලී තත්ත්වයක් උද්ගත විය.

මෙහිදී එහි රැස්ව සිටි භික්‍ෂුන් වහන්සේ කොතරම් නොසන්සුන් වූයේදැයි කිවහොත් භික්‍ෂුන් වහන්සේ අතර සිටි මාලිගාකන්දේ සුදත්ත හිමියෝ පෙට්රල් බෝතලයක් ගෙනැවිත් සිය සිරුරට හලාගෙන ගිනි තබාගැනීමට සූදානම් වූහ. ඒ අවස්ථාවේ වහාම ආරක්‍ෂක අංශ මැදිහත්ව උන්වහන්සේගේ එම ක්‍රියාව වළක්වාලීමට සමත්වීම නිසා සිදුවීමට ගිය තවත් අවාසනාවන්ත සිද්ධියකට එතැනින් තිත තැබිණි.

රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යයෙටන් කටයුතු කිරීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් මෙන් තවත් භික්‍ෂූන් බොහෝ ගණනක් සූදානමින් සිටින්නේ යයි සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.එම සංවිධානයේ ජාතික සංවිධායක පුලියද්දේ සුධම්ම හිමියන් මේ බව පැවසුවේ අපවත් වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය තම සංවිධානයේ ඉල්ලීම නොතකා කහවත්ත ප‍්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
අන්‍යාගමික පනත පාර්ලිමේන්තුවට ගෙන එන හෝ නොවන බව සෘජුව කියන ලෙසත් මේ වන විටත් සංශෝධනයන්ට ලක්ව ඇති ඝව ඝාතන පනත් සඳහා නියෝග ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි උන් වහන්සේ බලධාරීන් ඒවාට ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් ඉන් අදහස් වන්නේ තවත් හාමුදුරුවරු දෙතුන් නමක් ගිනි තියා ගන්නා තෙක් බලාසිටින බව යයිද කීහ. සිංහල රාවය සංවිධානය තුල තවත් දහස් ගණන් පිරිසක් ජීවිතය දන් දී සාසනය රකින්න සූදානමින් සිටින්නේ යයිද උන් වහන්සේ සඳහන් කලහ.

මෙහිදී අදහස් දැක්වූ සිංහල රාවය කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියෝ සඳහන් කලේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ජීවිතය නැති වුවද උන් වහන්සේගේ අරමුණු ඉෂ්ට විය යුතු බවයි. එසේ නොමැති වුවහොත් තවත් හාමුදුරුවරු දෙතුන් නමකගේ ජීවිත අහිමි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.











Gossip Lanka Hot News Previous News Archive