බස් මරුවා තලංගමදී මගීන් යටකරයි - Thalangama Bus Accident

අඹු-සැමි යුවළ ඇතුළු තිදෙනකු බිලි ගනී
අධික වේගයෙන් පැමිණි පෞද්ගලික බස්රථයක් ඊයේ (17) දහවල් තලංගම කොස්වත්ත රෝහල අසල බස්නැවතුම්පොළේ සිටි මගීන් යට කරගෙන යාමෙන් අඹුසැමි යුවළක් ඇතුළුව තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

කොටුව සිට කොස්වත්ත බලා ධාවනය වූ 171 ධාවන අංක දරන බස්රථය කොස්වත්ත රෝහල ඉදිරිපිට බස්නැවතුමේ සිටි පුද්ගලයන් යටකරගෙන පාරෙන් ඉවතට පැන ලයිට් කණුවක වැදී නැවතී ඇත.

සිද්ධියෙන් එකම අවුලේ බිරිඳ හා සැමියාවන අතුරුගිරිය බොරළුගොඩ පදිංචි හතලිස් හැවිරිදි චමින්ද තිලකසිරි හා ඔහුගේ බිරිඳ තිස්හැවිරිදි නිසංසලා දේවි නමැත්තිය මරණයට පත්ව ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක බිලිඳු දරුවාද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබයි.මියගිය අනෙක් පුද්ගලයා වන්නේ මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේ පදිංචි පනස් නව හැවිරිදි තන්තිරිගේ හේමචන්ද්‍ර පෙරේරා නමැත්තෙකි. තලංගම කොස්වත්ත පොලිසිය මගින් බස්රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.තලංගම පොලිසියේ ස්ථානාධිපති උපුල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි තලංගම පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.









Gossip Lanka Hot News Previous News Archive