ජීවිතයට සමීප විශේෂ පුද්ගලයෙකුත් මට තවම නෑ - Thushari Wehella

මීට කලකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ අරුණි ලෙස රඟපෑවේ ඇයයි. එසේම “පෙන්ෂුයි ගෙදර’ ටෙලිනාට්‍යයේ මීනා ලෙස ද ‘අහස්ගව්ව‘ ටෙලි නාට්‍යයේ ෂෙරීන් ලෙස ද රඟපෑවේ ඇයයි.

ඇය තුෂාරි වේහැල්ල. තුෂාරි රංගන ක්‍ෂේත්‍රයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් ලෙස හැඳීන්වීම නිවැරදියි. රූපවාහිනි වෙළෙඳ දැන්වීම් ගණනාවකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එන තුෂාරි මේ වන විට චිත්‍රපට කීපයකටම ද රංගනයෙන් දායක වී ඇත. අපි තුෂාරිගේ නවතම තොරතුරු විමසා බලමු.

තුෂාරි ඔබ මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඉන්නේ?

ප්‍රධාන වශයෙන්ම රන්ජන් ප්‍රසන්නගේ ‘නිබ්බිධාව’ ටෙලිනාට්‍යයේ රූපගතකිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම තරමක් වැඩ අවසන් කරල තියෙන ‘රන්තරු’ ටෙලිනාට්‍යයටත් සහභාගි වෙනව. ස්වර්ණවාහිනියෙන් විකාශය වන“ඊඩඥ ඹ්ධඤඨඥ” ටෙලිනාට්‍යයේ වැඩවලටත් ඉදිරියේ දී දායක වෙනවා. ඒ වගේම මනාලියන් දැක්මවලට සහභාගි වෙනවා.

එතකොට ඔබේ එන්න තිබෙන නිර්මාණ?

මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් එන්න නියමිතයි. ඉන් එකක් ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ ‘ආදර පූජාසනය’. අනෙක වික්ටර් මානගේ ගේ “වැඩ අපේ වෙඩි වගේ” චිත්‍රපටය.


මේ වන විට ඔබ චිත්‍රපට කීයකට දායක වෙලා තියෙනවද?

චිත්‍රපට 4කට දායක වෙලා තියෙනව. මගේ පළමු චිත්‍රපට දෙක ‘සුදු හංසි’, ‘සර් ලාස්ට් චාන්ස්’ කියන චිත්‍රපට.

‘සුදු හංසි’ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණද?

ඇත්තෙන්ම ඔව්. එහි මම කළේ දෙමළ තරුණියකගේ චරිතයක්. ඒක බොහොම අහිංසක චරිතයක්. ඒ රංගනයට මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

’නිබ්බිධාව‘ ටෙලිනාට්‍යයේ ඔබගේ චරිතය?

එහි මම රඟපාන්නේ ප්‍රේමා රංජනී කියන යුවතියගේ චරිතය. එහි මගෙ පෙම්වතා වන ජයන්තගේ චරිතය රඟපාන්නෙ බුද්ධික ජයරත්න. ජයන්ත දුප්පත් පවුලක කොල්ලෙක්. ප්‍රේමා රංජනී තරමක් ධනවත් පවුලක්. ජයන්ත ප්‍රේමා සමඟ පෙම් සබඳතාවක් පවත්වනවා. ඒකට ප්‍රේමාගේ අයිය විරුද්ධයි. ඒ නිසා ජයන්ත වෙනත් විවාහයක් කරගන්නව. ඒත් ප්‍රේමාට ජයන්තගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මෙහි කතාව කියවෙන්නේ පේ‍්‍රමා තම දරුවා හදාගන්න ගන්නා උත්සාහය ගැනයි.

මෙතෙක් ඔබ රඟපාල තියෙන්නෙ එක සමාන ආකාරයේ චරිතද?

බොහෝ දුරට එකවගේ චරිත. නාගරික යුවතියගේ චරිතය. හැබැයි මම ‘සුදු හංසි’ චිත්‍රපටයේ කළේ ගැමි චරිතයක්. ඒත් ඒ චරිතය විශාල පරාසයක් තුළ දිවෙච්ච චරිතයක් නෙමෙයි. මම ඉතාම කැමැතියි ගැමි චරිතයක් නිරූපණය කරන්න.

ඔබ හිතන විදියට ප්‍රේක්ෂකයින් ඔබව වඩාත්ම හඳුනා ගත්තේ කුමන චරිතයෙන් ද?

’ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ අරුණිගේ චරිතයෙන් තමයි ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් මාව හඳුනාගත්තේ. අරුණිගේ චරිතය නපුරු චරිතයක් වුණත් ඒ රංගනයට ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් ආදරය කළා.

මේ වන විට සිනමාව තුළ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න ඔබට හැකි වුණාද?

ඔව්, ‘ආදරණීය පූජාසනය’ චිත්‍රපටයේ දී මට මගේ හැකියාවන් යම් පමණකින් හෝ පෙන්වන්න හැකි වුණා. එහි මම රඟපාන්නෙ පබෝධා සංදීපනීගේ යෙහෙළිය හැටියට. ඒ වගේම එහි පබෝධාගේ ළඟම පිරිමි යාළුවා හැටියටත් එහි මම පිරිමි චරිතයක් නිරූපණය කරනවා. ඒ විදියේ රංගනයක් කිරීම තරමක අභියෝගයක් වුණා. නමුත් මම හිතනව මම ඒ අභියෝගය ජයගත්තා කියල. ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්න මම කැමැතියි.

රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ තෘප්තිමත්ද?

ඇත්තෙන්ම ඔව්.

ඇයි ඒ?

රංගන ශිල්පිනියක් වෙන්න සමාජයේ හැමෝටම බැහැ. ඒකට වාසනාවක් තියෙන්න ඕන. ඒ වාසනාව මට ලැබිල තියෙනව. රංගනය හරිම නිදහසේ කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම හොඳ විනෝදාංශයක්.

පුංචි කාලෙ ඉඳල රංගන ශිල්පිනියක් වීමේ සිහිනය ඔබට තිබුණද?

පුංචි කාලෙ මටත් මගේ අම්ම තාත්තටත් ඕනෑ කළේ මම නර්තන ශිල්පිනියක් වෙන්න. රංගනයට යොමුවුණේ ඉබේටමයි.

ඔබේ වෘත්තිය රංගනය ද?

දැනට මගේ වෘත්තිය රංගනය. ඒ වගේම රූපලාවණ්‍ය නිෂ්පාදනයක නියෝජිතවරියක ලෙස මම වැඩකරනවා. හැබැයි ඉදිරියේදි මගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කරල ඒක දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබට ඉක්මනින් තරහ යනවද?

මෙහෙමයි, මම කිසිම කෙනෙක් එක්ක නිරපරාදෙ අනවශ්‍ය විදියට තරහවෙලා නෑ. තරහ අරගෙන නෑ. නමුත් වැරදි දේකදි අනෙක් අයට වඩා ඉක්මනට මට තරහ යනවා.

ඇයි ඔබ ‘යර්ස් මැඩම්’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ?

මගේ වෘත්තිය කාර්යබහුලත්වය නිසා මේ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට වේලාව යොදා ගැනීමේදී පුංචි ගැටලුවක් මතුවුණා. ඒකයි මම එයින් ඉවත් වුණේ.

මනාලියක් ලෙස විවිධ මනාලියන් දැක්මවලදී සැරසෙන ඔබ, ඇත්තටම මනාලියක් ලෙස සැරසෙන්නේ කවදාද?

තාම එහෙම අදහසක් නෑ. ඒ වගේම ජීවිතයට සමීප විශේෂ පුද්ගලයෙකුත් මට තවම නෑ.













Gossip Lanka Hot News Previous News Archive