කෘමීන් වැඩි වැඩි යෙන් කන්න - The UN Food and Agriculture Organization

ආහාරය සඳහා කෘමීන් වැඩි වශයෙන් එකතු කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන ලොව පුරා සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. එසේ වුවහොත් ආහාර හිඟය ජය ගැනීමට ද පහසුවන බවයි එම වැඩසටහනේ අධ්‍යක්‍ෂ ඊවා මුලර් කියා සිටියේ. කෘමීන් ඉතා වේගයෙන් බෝවීම සහ වර්ධනය වීම ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණා. 

කෘමීන් යනු ඉතාම හොඳ ප්‍රෝටීන් සහ ඛනිජ මූලාශ‍්‍රයක් ද බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.මේ අතර ලෝකයේ මුළු ජනගහණයෙන් 03න් 02ක් පමණ හෙවත් බිලියන 02ක් පමණ පුද්ගලයින් දැනටමත් ආහාරය සඳහා කෘමීන් එක්කර ගන්නා බවයි අධ්‍යයනයකදි හෙලිව තිබෙනවා. එලෙස ආහාරයට එක්කර ගැනෙන කෘමි විශේෂ සංඛ්‍යාව 1900ක් පමණ බවද එම කෘමි විශේෂ අතර කුරුමිණියන්, දළඹුවන්, මීමැස්සන්, දෙබරුන් සහ පලගැටියන් ප‍්‍රමුඛ වන බවද හෙලිකර ගත් තවත් කරුණු කිහිපයක්.
 සමහර රටවල් යෝගට් සහ මත්පැන් වැනි ඇතැම් නිෂ්පාදන සඳහා ද එම කෘමි විශේෂ යොදා ගන්නා බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම වැඩසටහන කියා සිටියා. 

මුලාශ්‍රය:- Eating more insects could help fight world hunger, according to a new UN report.

Gossip Lanka Hot News Previous News Archive