කොළඹ වෙසක් දන්සල් ලියාපදිංචිය අනිවාර්යයි - Vesak Dansal

වෙසක් ‍පෝය දිනවලදී කොළඹ නගරයේ පවත්වනු ලබන සියලුම දන්සල් මෙම මස 22 වැනි දිනට ප්‍රථම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙහි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු යැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා අවධාරණය කරයි.

විශේෂයෙන් සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වන අතර, එහිදී මූලික අවශ්‍යතා සපුරා තිබීම අනිවාර්යය වේ. දන්සල පැවැත්වීමට දින 2 කට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් දන්සල පත්වන ස්ථානය, ආහාර පිසීමේ ක්‍රමවේදය, ජල සැපයුම ප්‍රධාන නළ මාර්ගයෙන් වීම වැනි කරුණු පිළිබඳ මූලික අවධානය යොමු කරනු ඇත.

මෙහිදී ආහාර පිසින පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලන අතර, මේ සියලු කාරණා සපුරා ඇති දන්සල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතිය ලැබීම වැදගත් වේ.


මීට අමතරව කසල බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩි අවධානයක්‍ යොමුකිරීමටත්, දන්සල පටන්ගැනීමට ප්‍රථම සෑම දිනකම සියලුම බත් දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වීම අනිවාර්යයෙන් සිදු වන බවත් වෛද්‍ය කාරියවසම් මහතා වැඩිදුරටත් දන්වා සිටී.
*Vesak dansal to come under the microscope

Gossip Lanka Hot News Previous News Archive