අපට රට ලොකුයි
ඇමතිකං වලට වඩා..
මේවා බාදා..ගෙන ඉඹ..ගෙන ඉන්න ඒවා නෙමෙයි
සන්නද්ද ත්‍රස්තවාදයෙන් දිනා ගත හැකි නොවූ ඊලම දිනා ගැනීම සඳහා ඉන්දියාව බටහිර සමග එක්ව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත් උතුරේ පැවැත්වෙන බව කියන පළාත් සභා මැතිවරණය එහි තියුණු සන්ධිස්ථානයක් බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ඇමතිකං වලට වඩා..
මේවා බාදා..ගෙන ඉඹ..ගෙන ඉන්න ඒවා නෙමෙයි
සන්නද්ද ත්‍රස්තවාදයෙන් දිනා ගත හැකි නොවූ ඊලම දිනා ගැනීම සඳහා ඉන්දියාව බටහිර සමග එක්ව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත් උතුරේ පැවැත්වෙන බව කියන පළාත් සභා මැතිවරණය එහි තියුණු සන්ධිස්ථානයක් බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ අදහස් පල කලේ ඊයේ දින මාලිගාවත්ත පී.ඞී. සිරිසේන ක්‍රීඩා පිටියේ පැවති එම පක්ෂ මැදි දින රැළිය අමතමිති.
දිවි සේ ඇළුම් කල පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ හැර දා ආවේද එම පක්ෂය මවුබිම දෙකඩ වීමේ කුමන්ත්රණයක ගොදුරක් වූ නිසා බවත් පැවසූ වීරවංශ මහතා එවන් ඉතිහාස භාවිතාවක් සහිත තමන්ට මවුබිම වෙනුවෙන් ඕනෑම තනතුරක් අතහැරීම සූලූ දෙයක් බවද කීවේය. ඇමති කමට වඩා තමන් රට මුල් කොට සලකන බැවින් ඇමතිකම තමන් අල්ලා සිටින්නේ ඉතා බුරුලට ඕනෑම අවස්ථාවක අතහැරීමට හැකි ලෙස බවත් ඔහු සඳහන් කලේය.
මවුබිම ජයග්‍රහණය කරා ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදීත් නොබියව තීරණ ගනු ඇති බව කී ඔහු නොපමාව ඉටු කරන්නැයි යෝජනා දෙකක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත කලේය. එනම් ආර්ථික ඝාතක ක්‍රියාවලීන් වල ෙයෙදන මහා භාණ්ඩාගාරයේ ඉහල නිළධාරීන් පන්නා දමන ලෙසත්, උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් සහ ඉඩම් බලතල අහෝසි කරන ලෙසත්ය.
*Minister Wimal Weerawansha vowed that if the Govt holds the Northern Provincial council election, he will leave the Govt faction.