අයිතීන් උදෙසා කාන්තාවෝ කොටුවේ බඩු පොලවේ ගසති - Women For Rights

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අද දින ගෘහ විදුලි උපකරණ ගෙනවිත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පොලවේ ගසමින් විදුලි බිලට විරෝධය පළ කළා.

මෙහිදී අදහස් දැක්වූ අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරයේ උප සභාපති සමන්මලී ගුණසිංහ මහත්මිය සඳහන් කළේ මෙම විදුලි බිල වැඩිවීම නිසා වඩාත් පීඩාවට පත්වන්නේ ගෘහණියන් බවයි.

ආණ්ඩුවේ පුතුන්ට රජ සැප විඳීමට අපේ දරුවන් පාඩම් කරන එක ලයිට් නිවන්න කියන සඥ්ඥාව තමයි දීලා තිබෙන්නේ. ආ‍ණ්ඩුවේ දූෂණය සහ වංචාව ජනතාව පිටින් පටවන බවත් එයිනුත් වඩාත් පීඩාවට පත්ව තිබෙන්නේ කාන්තාව සහ ගෘහණියයි ඇය වැඩි දුරටත් පැවසීය.














Gossip Lanka Hot News Previous News Archive