චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් ගෙන් සමන්විත එක්දින කණ්ඩායමේ නායකත්වය ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට හිමිව තිබේ.ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට නම් කර ඇත්තේ, කුමාර සංගක්කාර පමණි.එංගලන්තය හා වෙල්සයේ පැවති චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක් වූ ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ සඳහා තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෝ 5 දෙනෙකු ද ඇතුළත් වෙති.තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 222ක රැස් කළ කුමාර් සංගක්කාර කණ්ඩායමට තෝරා ඇත්තේ, අංක තුනේ ක්‍රීඩකයා ලෙසිනි.තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වන ශිකර් ධාවන්, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා හා බුවනේශ් කුමාර් සෙසු ක්‍රීඩකයෝ වෙති.
අනුශූරතාව හිමි වූ එංගලන්තයෙන් තෝරා ගෙන ඇත්තේ, ජොනතන් රොට්,ජෙම්ස් ඇන්ඩර්සන් හා ජෝ රූටි යන ක්‍රීඩකයින් තිදෙනා ය.මීට අමතරව පාකිස්ථානයේ මිශ්මා උල්හක්, දකුණු අප්‍රිකාවේ රයාන් මැකලරන් හා නවසීලන්තයේ මිචෙල් මැක්ලෙනගන් සෙසු ක්‍රීඩකයෝ ලෙස කණ්ඩායමට එක්ව සිටිති.
තරගාවලියේ කණ්ඩායම
ICC announces Team of the Tournament
Team of the Tournament (in batting order):
1- Shikhar Dhawan (India) -363 runs
2- Jonathan Trott (England)-229 runs
3- Kumar Sangakkara (Sri Lanka)-222 runs
4- Virat Kohli (India)-176 runs
5- Misbah-ul-Haq (Pakistan)-173 runs
6- Mahendra Singh Dhoni (wicket-keeper/captain) (India)- 27 runs, five catches and four stumpings
7- Ravindra Jadeja (India)-12 wickets & 80 runs
8- Ryan McLaren (South Africa)-83 runs & eight wickets
9- Bhuvneshwar Kumar (India)- six wickets
10- James Anderson (England)-11 wickets
11- Mitchell McClenaghan (New Zealand)-11 wickets
12- Joe Root (England)-173 runs
Team of the Tournament (in batting order):
1- Shikhar Dhawan (India) -363 runs
2- Jonathan Trott (England)-229 runs
3- Kumar Sangakkara (Sri Lanka)-222 runs
4- Virat Kohli (India)-176 runs
5- Misbah-ul-Haq (Pakistan)-173 runs
6- Mahendra Singh Dhoni (wicket-keeper/captain) (India)- 27 runs, five catches and four stumpings
7- Ravindra Jadeja (India)-12 wickets & 80 runs
8- Ryan McLaren (South Africa)-83 runs & eight wickets
9- Bhuvneshwar Kumar (India)- six wickets
10- James Anderson (England)-11 wickets
11- Mitchell McClenaghan (New Zealand)-11 wickets
12- Joe Root (England)-173 runs
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කී‍්‍රඩක දස්කම්
කී‍්‍රඩකයකුගේ හොඳම ඉනිම (ශතක ලබාගැනීම්)
ලකුණු | පිතිකරුවා (කණ්ඩායම) | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය | දිනය |
134* | කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) | එංගලන්තය | ලන්ඩන් ඕවල් | 2013.0613 |
114 | ශීකාර් ධාවන් (ඉන්දියාව) | දකුණු අප්‍රිකාව | කාඞීෆ් | 2013.06.06 |
102* | ශීකාර් ධාවන් (ඉන්දියාව) | බ. ඉ. කො | ලන්ඩන් ඕවල් | 2013.06.11 |
කී‍්‍රඩකයකු ලබාගත් වැඩිම ලකුණු
ලකුණු | ක්‍රීඩකයා (කණ්ඩායම) | තරග වැ. | ලකුණු |
363 | ශීකාර් ධාවන් (ඉන්දියාව) | 5 | 114 |
229 | ජොනතන් ට්‍රොට් (එංගලන්තය) | 5 | 82* |
222 | කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) | 4 | 134* |
177 | රෝහිත් ශර්මා (ඉන්දියාව) | 5 | 65 |
176 | විරාට් කෝලි (ඉන්දියාව) | 5 | 58* |
වැඩිම කණ්ඩායම් ලකුණු
ලකුණු | කණ්ඩායම (ප්‍රතිවාදීන්) | ක්‍රීඩාංගණය | තරග දිනය |
331/7 | ඉන්දියාව (දකුණු අප්‍රිකාව) | කාඞීෆ් | 2013.06.06 |
305 | දකුණු අප්‍රිකාව (ඉන්දියාව) | කාඞීෆ් | 2013.06.06 |
297/3 | ශී‍්‍ර ලංකාව (එංගලන්තය) | ලන්ඩන් ඕවල් | 2013.06.13 |
293/7 | එංගලන්තය (ශී‍්‍ර ලංකාව) | ලන්ඩන් ඕවල් | 2013.06.13 |
269/6 | එංගලන්තය ( ඕස්ටේ්රලියාව) | බර්මින්හැම් | 201306.08 |
කී‍්‍රඩකයකු දවාගත් වැඩිම කඩුලූ
කඩුලූ | පන්දු යවන්නා (කණ්්ඩායම) | තරග | හො. ප. යැවීම |
12 | රවින්ද්‍ර ජදේජා (ඉන්දියාව) | 5 | 5/36 |
11 | මිචෙල් මැක්ලීන්හැන් (නවසීලන්තය) | 3 | 4/43 |
11 | ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය) | 5 | 3/30 |
10 | ඉෂාන්ත් ශර්මා (ඉන්දියාව) | 5 | 3/33 |
8 | රයන් මැක්ලරන් (දකුණු අප්‍රිකාව) | 4 | 4/19 |
ඉනිමක හොදම පන්දු යැවීම
කඩුලූ | ක්‍රීඩකයා (කණ්ඩායම) | ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය | තරග දිනය |
36/5 | රවින්ද්‍ර ජදේජා (ඉන්දියාව) | බ.ඉ.කො | ලන්ඩන් ඕවල් | 2013.06.11 |
19/4 | රයන් මැක්ලරන් (දකුණු අප්‍රිකාව) | පකිස්තානය | බර්මින්හැම් | 2013.06.10 |
30/4 | කයිල් මිල්ස් (නවසීලන්තය) | එංගලන්තය | කාඞීෆ් | 2013.06.16 |
34/4 | ලසිත් මාලිංග (ශී‍්‍ර ලංකාව) | නවසීලන්තය | කාඞීෆ් | 2013.06.09 |
43/4 | මිචෙල් මැක්ලීන්හැන් (නවසීලන්තය) | ශී‍්‍ර ලංකාව | කාඞීෆ් | 2013.06.09 |
සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න