මැතිසභාවල ගෑනුන්ට කියන කට කැඩිච්ච කතාවලින් ලෝකෙ 6වැනි තැන වෙල්ගම ඇමැතිට

පසුගියදා ගාර්ඩියන් පුවත්පත මෑත යුගයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් ලොව වටා පාර්ලිමේන්තුවලදී මුහුණදුන් ලිංගික හිංසනාත්මක අවස්ථාවන් දහය පෙළගස්වාලූවේය.

ශ්‍රී ලංකාවටද එම ලැයිස්තුවේ තැනක් තිබීම ඇති තතු දන්නා අපට පුදුමයක්ද නොවේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළදී එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු විවාහක රූ රැජනක වන රෝසි සේනානායක මුහුණදුන් අප්‍රසන්න සිදුවීම ගාර්ඩියන් පුවත්පතේ විශේෂාංගයේ හය වැනි තැනට සටහන් වී තිබේ.

ගාර්ඩියන් ලිපිය ඇරැඹෙන්නේ පසුගියදා ඉල්ලා අස්වූ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජූලියා ගිලාර්ඩ් (Julia Gillard) ඉලක්ක කරගනිමින් ලිංගිකත්වය මුල්කොටගෙන එල්ල වූ වචන ප්‍රහාරය ගැන කියමිනි. එහිදී ජූලියා ගිලාර්ඩ්ව හඳුන්වා තිබුණේ "කෙන්චුකිහි බැදපු වටුවකු" යනුවෙනි. කාන්තාවන් කෙරෙහි එල්ලවන මෙබඳු සරදම් තවමත් ලොව හැම තැනකම තිබෙන බැවින් ගාර්ඩියන්හි මෙම පෙන්වාදීම කාන්තා අයිතීන් ගැන කතා කරන, උනන්දු වන සැමට නැවැත අවධානය යොමු කිරීමට ඉඩසලසන්නක් වී තිබේ. ගාර්ඩියන් පුවත්පත ලොව වටා මෙබඳු සිදුවීම්වලින් ඉහළින්ම කැපී පෙනෙන දහය ගැන මෙසේ සඳහන් කරයි.

1. ඩේවිඩ් කැමරොන් හා Calm down dear

වරෙක ඩේවිඩ් කැමරොන් Calm down dear යන පද පේළිය භාවිත කළේ සිය ප්‍රතිවාදී පක්‍ෂයේ භාණ්ඩාගාරික ලේකම්වරිය වන ඇන්ජෙලා ඊගල් (Angela Eagle) පහත හෙළීමටය. එම පද පේළිය වැදගැම්මකට නැති හාස්‍යජනක රූපවාහිනි ප්‍රවෘත්තියකින් උකහාගත්තක් වන අතර ටෝරි පාක්‍ෂිකයකු ලෙස ගොඩනඟාගෙන තිබූ ප්‍රතිරූපය පරයා එමඟින් ඩේවිඩ් කැමරොන්ගේ සැබෑ ස්වරූපය ඉස්මතු වූ බවට බොහෝ විවේචන එල්ල විය. කාන්තාවන් හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි විප්ලවකාරී අදහස් දරා ගැනීමට නොහැකි කොටසක් බවට අනාදිමත් කාලයක් තිස්සේ පැවැති අදහස මේ නූතන යුගයේදී තමා තුළ පවතින මෙම ලෝකයාට පෙන්වීමෙන් කැමරොන් කරගත්තේ වරදකි. සිදුවීමෙන් මාස ගණනක් ගිය පසුවද ඩේවිඩ් කැමරොන් සමාව ඉල්ලා සිටිමින් සිදුවූ හානිය අවම කර ගැනීමට කාන්තා ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රකාශ වරින් වර කරනු ලැබුවද යථා තත්ත්වයට පත්වීම පහසු වී නැත.

2. ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කොනි

- කොහෙන් පටන්ගන්නද?
සිල්වියෝ බර්ලුස්කොනි තමාට එරෙහිව ඇති කාන්තා අතවර චෝදනාවට පිළිතුරු දෙමින් මෙන්ම ඊට පෙරද කාන්තාවන් හෙළාදකින ප්‍රකාශ කිරීම ගැන ලෝකයේ අවධානය යොමු වී තිබේ.
තමාට එරෙහි ඇති කාන්තා අතවර චෝදනාවට පිළිතුරු දෙමින් බර්ලුස්කොනි මෙසේ පැවැසීය. "මෙහෙ ලස්සන කාන්තාවන් සිටින නිසා අපිට ඔවුන්ව ආරක්‍ෂා කරන්න සොල්දාදුවන් ගොඩක් යවන්න වේවි"යි පැවැසුවේ ඔහුට අනුව දක්‍ෂිණාංශික ගැහැනුන් වඩා ලස්සන වූ අතර වාමාංශික ගැහැනුන්ගේ මෙලෝ රසක් නොමැත.

වරෙක නිව්යෝර්ක් කොටස් වෙළෙඳ පොළේදී ඉතාලි ව්‍යාපාර ප්‍රවර්ධනයේ යෙදෙමින් බර්ලුස්කොනි කියා සිටියේ "ඉතාලියේ ආයෝජනය කිරීමට තවත් හේතුවක් ලෙස ඉතාලියේ අපට ලස්සන ලේකම්වරියන් ඉතා ආකර්ෂණීය ගැහැනුන් සිටීම දැක්විය හැකියි" යනුවෙන් පැවැසීය. තවත් වරෙක ස්පාඤ්ඤ අගමැති ජොසේ ලුයිස් රොඩ්රිගස් සැපටෙරො විසින් කාන්තාවන් බහුතරයක් සහිත කැබිනට් මණ්ඩලයක් නම් කරන ලදී.

බර්ලුස්කොනිගේ කට කැඩුණු කතාවකට නැවැත ඉඩ ලැබිණි. "සැප්ටෙරො ගොඩක් රෝස පාට ආණ්ඩුවක් හදලා" බර්ලුස්කොනි කීය. "ඔවුන්ට නායකත්වය දීමේදී ඔහුට ගැටලු මතුවේවි. දැන් ඔහු එය ඉල්ලා අරගෙන තියෙනවා" යැයි බර්ලුස්කොනි නැවැත කීය.

3. දකුණු අප්‍රිකානු "තේ කෙල්ල"

පසුගිය සතියකදී දකුණු අප්‍රිකානු විපක්‍ෂ නායිකා ලින්ඩිවෙ මසිබුකො (Lindiwe Mazibuko) ගේ ඇඳුම් ඇඳීමේ මානසිකත්වය ගැන එහි පාර්ලිමේන්තුවට බරපතළ ප්‍රශ්නයක් ඇති වී තිබිණි. පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) ජෝන් ජෙෆ්රි (John Jeffry) කියා සිටියේ ගරු මසිබුකෝ සෑහෙන තරම් ශරීර බරකින් යුතු වුවත් ඇයගේ මානසික ප්‍රගමනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවයි.
මසිබුකො සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ ANC පක්‍ෂය "අපට පාර්ලිමේන්තුව තුළ මෝස්තර පාලනය කිරීමේ පොලිසියක් වීමට අවශ්‍ය නැහැ. කෙසේ නමුත් පසුගියදා මසිබුකො ඇඳගෙන ආ ආකාරයෙන් පාර්ලිමේන්තු සදාචාරයට හා විවාදයට ඇති ගරුත්වයට හානි වුණා" යැයි පැවැසීය.
එහෙත් මසිබුකො එහි ඇඳ පැමිණි සාම්ප්‍රදායික ඇඟට හිරවුණු කළු ඇඳුම හා රතු කබායේ වරද කුමක්දැයි හරිහැටි අනාවරණය වී නැති බව ගාර්ඩියන් පුවත්පත කියයි.

මසිබුකො ගැහැනියක වීම හේතුවෙන් ඇයට අත්විඳින්නට සිදුවූ එකම සිදුවීම මෙය නොවේ. 2011දී එවකට ANC පක්‍ෂයේ තරුණ සංවිධාන නායකයාව සිටි ජුලියස් මලෙමා (Wolf whistling) ඇය සමඟ විවාදයකට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කළේ ඇය නිකම්ම නිකම් තේ කෙල්ලක් කියමිනි. පසුගිය වසරේදී ධ්ජ්ර්ථී පක්‍ෂයේ දිගුකාලීන දේශපාලනඥයකු වන කූස් වෑන් ඩර් මෙර්වෙ මසිබුකො පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වාගෙන යද්දී ඊට බාධා කරමින් නැඟී සිටි ඇයගේ කොණ්ඩයට කළේ කුමක්දැයි අසා සිටියේය.

4. ප්‍රංශ මන්ත්‍රිවරියට පාර්ලිමේන්තුවේදී අවඥා සහගත සිවුරුහන් කිරීමක්

පසුගිය වසරේදී ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක ජාතික සභාවේ සිය කතාව කරද්දී ඉතා පහත් ආකාරයෙන් පිරිමි මන්ත්‍රිවරු සිවුරුහන් (එධතට ඹඩඪඵබතඪදඨ) බාන්නට පටන්ගත්හ. එම අවස්ථාවේදී ආරක්‍ෂක පියවරක් ගනිමින් ඇයට හිතමිතුරු පැටි්‍රක් බෝල්කනි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඇයව අගය කළේය. "ඇය ඇයගේ ඇඳුම තෝරාගත්තේ අප ඇය කියන්නේ කුමක්දැයි ඇහුම්කන් දීම වැළැක්වීමටයි" යනුවෙන්ද පැටි්‍රක් කියා සිටියේය.
සෙසිලි ඩුෆොට් Cecile Duflot) නම් එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ සාම්ප්‍රදායික මල් වැටුණු ඇඳුමක් ඇඳගෙනය. මේ සම්බන්ධයෙන් කතා කළ තවත් පිරිමි මන්ත්‍රිවරයකු කියා සිටියේ ඇයට ආචාරය පිණිස සිවුරුහන් බෑම කළ බවයි.
කෙසේ වුවද ඩුෆොට් මන්ත්‍රිවරිය කියා සිටියේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සේවය කළ ඇය මින් පෙර කිසිදු දිනෙක මෙවන් අත්දැකීමක් ලබා නැති බවයි. මෙය සමහර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගැන ඔබට යමක් පැහැදිලි කර දෙන්නක් යනුවෙන්ද ඇය පැවැසුවාය.

5. "යහපත් බිරියක වන්න" යනුවෙන් යෝජනා කරයි.

ලුවිස් මෙන්ෂ් (ඹ්ධමඪඵඥ ර්ඥදඵජඩ) කෝර්බි (ඛ්ධපඡර) ආසනය වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරියයි. ඇය තමාගේ පවුල් ජීවිතය කළමනාකරණය කර ගැනීමේදී ඇති වූ දුෂ්කරතා ඇය ඉල්ලා අස්වීමේදී ප්‍රකාශ කළ හේතුවයි.
සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇයට ඉල්ලා අස්වන ලෙස තම සැමියා යෝජනා කළ අතර අසුන අහිමි වීම ගැන ඇය කනගාටුවෙන් සිටින බවද ප්‍රකාශ කළාය.
ඇය එලෙස හේතු ප්‍රකාශ කළද කාන්තාවක ලෙස ඇයගේ කරුණු දැක්වීම ලේබර් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඔස්ටින් මිචෙල් (ඒභඵබඪද ර්ඪබජඩඥතත) පිළිගත්තේ නැත. ඔහු ට්විටර් වෙබ් අඩවියට ට්විට් කරමින් කියා සිටියේ "මෙන්ෂ් කටවහන්න. හොඳ බිරියක් තමන්ගේ ස්වාමියාගේ මතයට ප්‍රසිද්ධියේ පිටුපාන්නෙ නැහැ. ඒ වගේම හොඳ පොඩි කෙල්ලෙක් තමන්ගේ දේශපාලන ජීවිතය නිමා කිරීම ගැන බොරු කියන්නෙ නැහැ" යනුවෙනි.
මෙන්ෂ් විසින් මෙන්ම බොහෝ ලේබර් පාක්‍ෂිකයන් විසින් ඔස්ටින් මිචෙල්ගේ ක්‍රියාව හෙළා දකිනු ලැබූ අතර එය විහිළුවක් පමණක් බව පසුව ඔස්ටින් මිචෙල් කීවේය.

6. ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජන.
රෝසි සේනානායක ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකාවක වන අතර වසර විස්සකට වැඩි කාලයක් දේශපාලනයේ නිරත වන්නියකි. එසේම ඇය එක්සත් ජාතීන්ගේ හොඳ හිත පතුරවන තානාපතිනියක් ලෙසත් සේවය කරන්නීය.
එසේ වුවද ඇය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක් අසනු ලැබූ විට "ඇයගේ ලස්සන නිසා තමාගේ හුස්ම හිරවුණු බව" ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම කියා සිටියේය.

එසේම "මා ගොඩක් සතුටු වෙනවා රූ රැජනකගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න ලැබීම ගැන. ඔබ ඒ තරම් ලස්සන ගැහැනියක්. මට මගේ හැඟීම් මෙතැනදී ප්‍රකාශ කරන්න බැහැ. නමුත් ඔබ මාව පාර්ලිමේන්තුවෙන් පිටතදී හමුවුවහොත් මා ඒවා විස්තර කරන්නම්. මගේ සිතුවිලි උද්දීපනය වෙනවා. මට ඒවා ප්‍රසිද්ධියේ කීමට වුවමනා නැහැ" යනුවෙන් කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කියූ බව ගාඩියන් පුවත්පතේ සඳහන් වේ. කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නඟන ක්‍රියාකාරිනියක් වන රෝසි සේනානායක මන්ත්‍රිවරියට මෙයින් බලපෑමක් වූයේ නැත. "මා තවමත් රූ රැජනක ලෙසට පිළිගැනීමට ලක් වෙනවා. නමුත් මා මහකොමසාරිස්වරියක ලෙසත් කටයුතු කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස බොහෝ දිගු කලක් තිස්සේ කටයුතු කරනු ලබනවා. කාන්තාවක ලෙස නොයෙක් ධුරයන් දරමින් කළ කටයුතු පිළිබඳව පිළිගැනීමක් නොතිබියදී තරුණ කාලයේදී රූ රැජනක් ලෙස ලැබූ තත්ත්වය ගැන කතා කරනවා" යනුවෙන් පිළිතුරු දීමට රෝසි සේනානායක පසුබට නොවූවාය.

7. දකුණු කොරියාවේ සාය තුළ ඇති විසකුරු හඬ.
දකුණු කොරියාවේ හිටපු ආඥාදායකයකුගේ දියණියක වන දක්‍ෂිණාංශික පාර්ක් ගෙයුන් - හයි (ර්ථීචපඬ ට්ඥභද ඩ්රඥ) පසුගියදා මැතිවරණයට මුහුණදීමේදී ලිංගිකත්වය මුල්කරගත් බොහෝ විවේචනවලට මුහුණ දුන්නාය. සමහර එබඳු විවේචන ආවේ ඇගේම පක්‍ෂය තුළිනි.
ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්‍ෂයකු වූ මූන් ජේ (ර්ධධද බ්භඥ) ඇයට පහර ගැසුවේ ඇයට ළමයින් නැති බව කියමිනි. පාර්ක් ගෙයුන් හයිට ගැහැනු ලක්‍ෂණ නැති බව මූන් ජේ කියා සිටියේය. ඇය කිසිදු දිනක දරු උපතක වේදනාව විඳ නැහැ. දරුවන් රැක බලාගැනීම, අධ්‍යාපනය දීම වගේම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්වත් දන්නෙ නැහැ" යැයි මූන් ජේ පැවැසුවේය.
ඉකුත් දෙසැම්බරයේදී පාර්ක් ජෙයුන් - හයි මැතිවරණය ජයග්‍රහණය කළ පසු වඩාත් දරුණු ආකාරයෙන් ඇයව ලිංගිකව හෑල්ලුවට ලක් කළේ උතුරු කොරියාවයි. මාර්තු මාසයේදී උතුරු කොරියාවෙන් නිකුත් කළ ප්‍රකාශයක් මඟින් සාය තුළ ඇති විසකුරු හඬ ඍඥදධථධභඵ ඉඹඪඵඩ ධට බඩඥ ඵඬඪපබ ලෙස හඳුන්වමින් ඇයට දෝෂාරෝපණය කළේය.

8. චිලීහි ලිංගිකත්වය මුසු විහිළුව.
කාන්තාවක හා දේශපාලනඥයකු අතර ඇති වෙනස කුමක්දැයි 2011 මෙක්සිකෝවේ පැවැති රාජ්‍ය නායක සමුළුවක් අවසානයේදී චිලීහි ජනාධිපති සෙබස්තියන් පිනෙරා අසා සිටියේය. "දේශපාලනඥයකු "ඔව්" (කඥඵ) කිවහොත් එහි "විය හැකි" (ර්චර ඡඥ) යන අරුත තිබෙනවා. විය හැකි (ර්චර ඡඥ) කියා කිවහොත් එහි කියන්නේ නැහැ (ව්ධ) යන අරුතයි. ඔහු නැහැ (ව්ධ) කිවහොත් ඔහු දේශපාලනඥයකු නොවෙයි" පිනෙරා තම ප්‍රකාශය පැහැදිලි කළේය.

9. "මගෙ කමිසය මදින්න" හිලරි.
"ඇය ශක්තිමත් නැහැ. ඇය බැල්ලියක්. ඇය කේන්ති ගන්නෙ නැතිව කන් පැළෙන විදිහට කෑගහනවා. ඇය හැඟීම්බර වැඩියි. මෑතකදී ජෝන් මැක්කේන් (බ්ධඩද ර්ජජචඪද) කියා සිටියේ හිලරි ක්ලින්ටන් ස්ත්‍රී ලක්‍ෂණ හෝ මවු ගුණයෙන් අඩු බව වෙනත් වචනවලින් දක්වාලීමටය. ඇය ජනාධිපතිවරණ තරගයේදී අත්කරගත් ලිංගිකමය ආකර්ෂණය වෙනත් එකක්. නමුත් ඇයගේ කතාවලට බාධා කරමින් ඇයගේ රැස්වීම්වලදී "මගේ කමිසය මදින්න" ධ්පධද ථර ඉඩඪපබ යන වචන නිරන්තරයෙන් කිය වුණා.

මාර්ක් රුඩොව් (ර්චපඬ අභඤධම) වැනි ලේඛකයකුට ගුවන් කාලය ලබා දුන් විටකදී ඔහු කියා සිටියේ බැරැක් ඔබාමා කතා කරන විට පිරිමි අසා සිටින්නේ අනාගතය කොතැනටද කියායි. නමුත් හිලරි ක්ලින්ටන් කතා කරන විට අහගෙන ඉන්නේ "මේ කසළ ගොඩෙන් ඉවත් කරන්න" කියා හිතමිනුයි.

10. බැදපු කෙන්චුකි වටුවා.
ඊයේ පෙරේදා ඉල්ලා අස්වූ හිටපු අගමැතිනි ජුලියා ගිලාඩ් ඕස්ට්‍රේලියාවේ අගමැති ධුරයට පත් වූ පළමු කාන්තාවද වෙයි. එසේම ඇය කාන්තාවක් වීමේ හේතුවෙන් ලිංගිකමය ප්‍රහාරයන්ට මැදි වූ ඕස්ට්‍රේලියා දේශපාලනඥවරියද වෙයි. පසුගිය සතියකදී ඇයට සටන් වැදීමට සිදු වූයේ ඇයගේ සහකරුගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කළ ගුවන් විදුලි මාධ්‍යවේදියකු සමඟය.

එම ප්‍රශ්න කිරීමට ප්‍රධාන හේතුව වී තිබුණේ දරුවන් නොලැබීමට තීරණය කළ බව ජුලියා ගිලාඩ් කියා සිටීමෙනි.
"දරුවන් නොලබා හිතාමතාම වඳභාවයට පත්වීමට තීරණය කළ කෙනකුට ජීවිතය යනු කුමක්දැයි තේරෙන්නෙ නැහැ" යනුවෙන් බිල් හෙෆ්මන් පැවැසුවේ ජුලියා ගිලාඩ්ට පහර ගැසීමටය. ඒ 2007දීය.
පසුගිය වසරේදී ලේබර් පක්‍ෂයේ හිටපු නායකයා "දරුවන් සිටීම ජීවිතයේ ඕනෑම අවස්ථාවකට ආදරණීය අත්දැකීමක් ලබා දෙනවා. ඔබ එම විශේෂ තෝරා ගැනීම නොකළහොත් ඒ වගේ ආදරයක් ඔබේ ජීවිතයේදී ලැබෙන්න නැහැ. ඇය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා දරුවන් නොලැබීමට තීරණය කළ බවට. කුඩා දරුවන් අතර සිටියදී ඇය අජීවි ලීයක් වගේ මටත් දැනිලා තියෙනවා" යැයිද මාර්ක් ලැතැම් නම් එම හිටපු ලේබර් පක්‍ෂ නායකයා පැවැසීය.
පසුගිය වසරේ ජුලියා ගිලාඩ්ගේ ප්‍රතිවාදියකු වූ ටෝනි ඇබොට් ඇයගේ පෞද්ගලික ජීවිතය නැවැත අෑ¼දාගත්තේ ආණ්ඩුව තම මවුපියන්ට ලබාදෙන දීමනා නැවැත්වීමට යන බවට කතා බහක් ඇති වෙද්දීය.

Gossip Lanka Hot News Previous News Archive