බල්ලන් හත් දෙනකු සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක රැයක් පහන් කළ සුරූපී කාන්තාවක් මාතර නගරයම කැලැඹූ පුවතක් මාතර වල්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඉකුත් 25 වැනිදා රාත්‍රිය එළැඹෙත්ම මාතර ගාල්ල ප්‍රධාන මර්ගයේ වල්ගම මංසන්ධියට නුදුරින් කාර් රථයක් නවතා තිබිණි. පැය කිහිපයක් නවතා තිබූ කාර් රථය තුළ බලු රෑනක් ඒ මේ අත දුව පනිනවා දුටු ගම්මුන් විමසුම් ඇසින් කාර් රථය අසලට ළඟාවන විට කාර් රථය තුළ කාන්තාවක් ද සිටිනු දැක ඇත. මෙම කාන්තාව වීදුරුව මඳක් පහත් කරත්ම රථය තුළ සිටි බල්ලන් රෑනක් එක රොත්තට ගම්මුන්ට නොනවත්වා බුරන්නට පටන්ගෙන ඇත. එහෙත් රථය තුළ සිටි කාන්තාව ගම්මුන් සමඟ එක් වචනයක් හෝ කතා නොකර කාර් රථයේ වීදුරුව යළි වසා ඇත.
මෙම අරුම පුදුම සිදුවීම පැය කිහිපයක් බලාසිටි ගම්මුන්ට කිසියම් සැකයක් පහළ වීම නිසාවෙන් කාන්තාවට නොදැනෙන ලෙස කාරයේ රෝදවල හුළං යවා මේ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
අනතුරුව පසුවදා උදෑසන බලන විටද බල්ලන් පිරිවරා ගත් කාන්තාව කාර් රථයේ සිටිනු දුටු ගම්මුන් කිහිප දෙනෙක් කාර් රථය අසලට ළඟා වී ඇත. එහෙත් එහි සිටි කාන්තාව රථයෙන් බැස ගම්මුන් සමඟ එක් වචනයක්වත් කතා නොකළ බව ගම්මු පවසති. එහෙත් මෙම සිදුවීම මාතර නගරය පුරාවටම කටින් කට පැතිර යෑමත් සමඟ දහසකට අධික ජනතාවක් සිද්ධිය දැකබලා ගැනීමට වැල නොකැඩී ළඟා වූහ. මේ හේතුවෙන් මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයටද සුළු වශයෙන් බාධා එල්ල වී තිබිණි.
උදෑසන අටයි තිහ පමණ වනවිට පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ තොරතුරු විමසා ඇගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව හුළං ඇර තිබූ කාර් රථයට හුලං ගසා ගැනීමට අවස්ථාව සලසා දුන්නේය. අනතුරුව නගරයක් කැලැඹූ කාන්තාව කාර් රථයේ එන්ජිම පණ ගන්වා එම ස්ථානයෙන් නික්ම ගියාය.