![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfiq4fO0JdlufFQfRf2aKWvKH52DwoINMK0MU7i6S3zusKJ9tqim1njZwbPEY6D6SHGyGcqtU7WOFDHburGhvZujjp11h6mW6GSWDayu21JhloPscleja9V9yxmEfxOgbjLSUjCVawhuo/s200/santha.jpg)
මෙසේ මියගොස් ඇත්තේ මීගමුව කදිරාන කිඹුලාපිටිය පාරේ අංක 240 (සී) පදිංචිව සිටි අර්ඩ්ලි ශාන්ත ක්ලයාර් ඩේවිඩ් (56) මහතාය.
මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ ඩේවිඩ් මහතා සම්බන්ධව ප්‍රවෘත්තිය පසුගිය 29 වැනිදා රටපුරා ප්‍රවෘත්ති පත්‍රවල පල විය. අද ඒ මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට දින නියම කැර තිබිණි. මාස කිහිපයක් තිස්සේ දියණියගේ විවාහය ඉතාමත් සුපිරි ලෙස සිදු කිරීමේ බලාපොරොත්තු ඇතුව කටයුතු කළ මේ පියා පසුගිය 28 වැනිදා බැංකුවකින් රුපියල් ලක්‍ෂ 70ක් රැගෙන ව්‍යාපාර ආයතනය වෙත යමින් සිටියදී කොල්ලකල්ලියක් එම මුදල් පැහැරගෙන පලාගොස් තිබිණි.
මේ සිද්ධියෙන් දැඩි වේදනාවට පත්ව සිටි ඩේවිඩ් මහතා දියණියගේ විවාහ මංගල්‍යයට දින නියම කැරගත් පරිදි ඒ ආකාරයෙන්ම අද එම විවාහය සිදු කිරීමේ කටයුතු සූදානම් කැර තිබිණි.ඒ අතර පෙරේදා (06) පස්වරුවේ ඩේවිඩ් මහතා හදිසියේ රෝගාතුර වී තිබේ. වහාම ඔහු මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබිණි. එහෙත් ඊයේ අලුයම ඒ මහතා මියගොස් ඇත. හෘදයාබාධයක් වැලඳී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ. මීගමුව කදිරාන කිඹුලාපිටිය පාර අංක 240 (සී) නිවසේ පදිංචිව සිටි ඩේවිඩ් මහතා ජා-ඇළ ඒකල පොලිටෙක් ආයතනයේ අධ්‍යක්‍ෂවරයා වෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR00V4OR0ieyL6P9OGokvNjFgW09s0da5pvZYmVhW0gnUj0py_8uiYi7y9-EZwsw5oP1NQLqVdD1Y8jSwDbCa57Ii6BbwHid5_C27MW5q9gOkm2X2V1exjud3mCFTsuE59oTPAazWfvpc/s320/ded2.jpg)
මෙම කොල්ලයට අදාළ සියලු ඡායාරූප ආයතනයේ සි. සී. ටී. වී. කැමරා පද්ධතියේ පටිගතවී තිබුණි. එහෙත් කොල්ලකරුවන් පොලිස් ඇසට වැලි ගසමින් තවමත් සැඟවී සිටියි. එහෙත් පරීක්‍ෂණ නොකඩවා සිදු වෙති.
ඩේවිඩ් මහතා දරු දෙදෙනකුගේ පියෙකි. මෙම විවාහ මංගල්‍යය වැඩිමහල් දියණියගේයි. එදා එම මුදල් කොල්ලයෙන් පසු නියමිත දිනට දියණියගේ විවාහය සිදු කිරීමට සූදානම් වුවත් හෙතෙම එම දින ගණනාව තුළ දැඩි වේදනාවකින් කාලය ගත කැර ඇත.