ඉකුත් සඳුදා (17දා) ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ශ්‍රී ලංකාවට විරුද්ධව දෙමළ ජාතිකයන් පැවැත්වූ උද්ඝෝෂණයට කළ පහරදීමට විරුද්ධව බ්‍රිතාන්‍ය දෙමළ සංවිධාන රාශියක් අද (20දා) කාඩිෆ්හිදී උද්ඝෝෂණයකට සූදානම් වේ.
කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර චැම්පියන් කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිත අතර මේ විරෝධතාව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වීමට දෙමළ සංවිධාන සැලැසුම් කර තිබේ. මේ වන විටත් සිංහල ජාතිකයන් විසින් දෙමළ උද්ඝෝෂණයට සඳුදා කළ පහරදීමට එරෙහිව විශාල විරෝධතාවක් හා කෝපයක් බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ජාතිකයන් කෙරෙහි වර්ධනය වෙමින් පවතින බව දෙමළ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

දෙමළ ජාතිකයන් සිදුකළ විරෝධතාවට කළ මේ පහරදීම හෙළා දකිමින් බ්‍රිතාන්‍ය ිශ්වවිද්යාල දෙමළ ශිෂ්‍ය සංගම් 21ක් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එමඟින් ඔවුන් බ්‍රිතාන්‍ය දෙමළ වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ අද (20දා) කාඩිෆ්හිදී පැවැත්වෙන විරෝධතාවට දහස් ගණනින් එක්වන ලෙසයි.
ශිෂ්‍ය සංගම් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වාදී ඇත්තේ ජාතිවාදී ක්‍රියාකාරකම් සහමුලින් අතුගා දැමිය යතු බවට සැලකෙන ලන්ඩන් නගරයේදී සාමකාමී විරෝධතාවකට එල්ල වූ ජාතිවාදී පහරදීම්වලට දැඩි විරෝධයක් පළ කරන අතරම ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ දුර්වල ක්රියකලාපයත් පහරදීමට සම්බන්ධ වූවන් කිසිවකු අත්අඩංගුවට නොගැනීමත් සම්බන්ධයෙන් තම බලවත් අප්‍රසාදය පළකරන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී සහභාගි වන ක්‍රිකට් තරග අතරතුර එම තරග නැරැඹීම වර්ජනය කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (British Tamil Forum) විසින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටත් අත් පත්‍රිකා බෙදීමටත් බ්‍රිතාන්‍ය පොලිසියෙන් පූර්ව අවසරයක් ලබා ගෙන තිබේ.
පහරදීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරන බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසන්නේ පූර්ව අවසරය මත සාමකාමී විරෝධතාවක් දැක්වූ තම සංගමයේ සාමාජික සාමාජිකාවන් හට පහරදුන්නේ කෙසේද යන්න බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසිය හා බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
මේ අතර අද කාඩිෆ්හිදී පැවැත්වෙන ඉන්දු - ලංකා දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය නැරැඹීම සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන සිංහල ජාතිකයන් රැසක් සහභාගිවීමට නියමිත නිසා කාඩිෆ් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව දැඩි කර ඇතැයිද වාර්තා වේ.