නුවරඑළියේ බස් රථ අනතුරකින් සිව්දෙනෙක්‌ මරුට

අධ්‍යාපන චාරිකාවට මරුවා එක්වෙයි - 87දෙනකුට තුවාල
බදුල්ලේ සිට අධ්‍යාපන චාරිකාවක පැමිණි බස්‌ රථයක්‌ නුවරඑළිය, සීතාඑළිය පොල්ගහ වංගුව ප්‍රදේශයේදී ඊයේ (19 දා) සවස 3.15 ට පමණ අඩි 200 ක ප්‍රපාතයකට පෙරළී යැමෙන් වැඩිහිටි පුද්ගලයන් සිව්දෙනකු මියගොස්‌ තවත් 87 දෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ අය අතර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් ද කීපදෙනකු වන බව පොලිසිය කියයි.මියගිය පුද්ගලයින් තිදෙනා අවුරුදු 40 ත්. 45 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවන අවස්‌ථාවේ වර්ෂාවක්‌ ඇදහැලෙමින් තිබූ බව ද පොලිසිය කියයි.අනතුර සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන්, පොලිසිය හා යුද හමුදාව මහත් පරිශ්‍රමයක්‌ දරා තුවාලකරුවන් සියලුදෙනා රෝහල කරා පිටත්කර යෑවීමට කටයුතු කර තිබිණි.රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගෙන් කීපදෙනකුගේ තත්ත්වය බරපතළ බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා  පැවැසීය.

මෙම බස්‌ රථයේ ගමන් කර ඇත්තේ නමුධාවනය වෙමින් තිබියදී වර්ෂාවත් සමඟ මාර්ගය හරහා ලිස්‌සා යැමෙන් බස්‌ රථය ප්‍රපාතයට පෙරළී යන්නටනුකුල විද්‍යාලයේ සිසුන් පිරිසක්‌ බවත් පොලිසිය කියයි.බස්‌ රථය නුවරඑළිය දෙස සිට වැලිමඩ දෙසට ඇතැයි පොලිසිය සැකකරයි.මේ පිළිබඳව නුවරඑළිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් රණවීර මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සෙනෙවිරත්න ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
4 killed,87 injured as bus skids off road

Gossip Lanka Hot News Previous News Archive