" ජීවිතේ කවදාවත් රා බීපු මිදුලක වතුර ටිකක් බීලා නෑ"
ඇත්තටම මොකක්ද මන්ත්‍රිතුමා එදා සිද්ධ වුණේ...?
මේ කියන ඒවා පට්ටපල් බොරු. ඔය ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළුව ඔක්කොටම මම ඒක රූපවාහිනියට එන්න කියලා ඔප්පු කරලා පෙන්නනවා.
ඔබතුමා කියන්නෙ මේ චෝදනා බොරු කියලා. මේකට පදනම වැටුණෙ කොහොමද...?
මෙහෙමයි, මීට සති දෙකකට කලින් ඔය විද්‍යාලයේ විදුහල්පතිතුමාටයි, නියෝජ්‍ය විදුහල්පතිතුමාටයි මගේ ගෙදරට එන්න කිව්වා. මම ඒගොල්ලන්ට කිව්වා, මේ විද්‍යාලයේ දිගින් දිගටම අධ්‍යාපනයයි, විනයයි, පරිපාලනයයි පිරිහෙනවා. මේකට මොකක් හරි පියවරක් ගන්න ඕනෑ කියලා. ඒගොල්ලෝ අහගෙන ඉඳලා ගියා.
ඊට කලින් මට ඔය චෝදනා කරන ටීචරුයි තව ටීචර් කෙනකුයි ගහගන්නවා. එක ටීචර් කෙනෙක් මෙතැනදී කියලා තියෙනවා තමුසෙව මරලා මම එල්ලුම්ගස් යනවා කියලා.
මේ කතාව ඔබේ පැත්තට හැරුණෙ කොහොමද...?
මේ ටීචර් එක්ක මගේ කිසිම පෞද්ගලික අමනාපයක් නෑ. උසස් පෙළ ඉගෙන ගන්න මගෙ දරුවාට පවා මේ ටීචර් උගන්නලා තියෙනවා. අපේ දරුවා මේ ටීචර්ට මාර ආදරෙයි. මේ ටීචර් ගවුමෙ වාටිය ලිහන්නෙ මගෙ අනෙක් දරුවගෙ. එයා ඉන්නෙ හත වසරෙ. ඒවා මාධ්‍යවල කියන්නෙ නෑ. මේ මට කරපු අසාධාරණය ගැන කියලා වැඩක් නෑ.ආ... තව කතාවක් තියෙනවා. වෙසක් එකට නවය වසරෙ ඉන්න දරුවෙක් එක්ක මගේ දරුවා වෙසක් කූඩු හැදුවා. ඒ කූඩු හදලා දවස් තුන හතරක් යනකොට මේ දරුවා සෙම හිරවෙලා අවාසනාවන්ත විදියට මැරුණා.
අපි මේ සිද්ධියට එමු මන්ත්‍රිතුමා...?
මම එතැනට තමයි එන්නෙ. ලංකාව මාව හඳුනන්නෙ මන්ත්‍රිවරයකුට වැඩිය දක්ෂ කවියෙක් විදියට. සුපිරිම කවියෙක්. මගේ යාළුවෙක්ගෙ හරි හිතෛෂීවන්තයකුගෙ හරි මළ ගෙදරක් වුණොත් මම ශෝක ප්‍රකාශයක් ගහනවා. ළමයගෙ යාළුවා නැති වුණාට පස්සෙ එයා කිව්වා 'තාත්තෙ මට ශෝක ප්‍රකාශයක් ගහලා දෙන්න' කියලා. මේ ශෝක ප්‍රකාශය එතැන කියවනවා. මේ සිද්ධියට සම්බන්ධ ටීචරුත් ශෝක ප්‍රකාශයක් ගහලා තිබිලා. ඒක කියෙව්වෙ නෑ. එතැනත් මගේ දරුවාට කේස් එකක් දාලා තිබුණා. මේවා ප්‍රසිද්ධ රහස්. සාක්ෂි ඇතුවයි මම කියන්නෙ.
දැන් කෙළින්ම දණ ගහපු සිද්ධියට එමු...?
ඔය සිද්ධිය වුණු දවසෙ මම හිටියෙ මුන්දලමෙ. පුත්තලමෙ මැරුණු ප්‍රාදේශීය සභා සභාපතිතුමෙක් වෙනුවට අලුත් මන්ත්‍රිවරයෙක් දිවුරුම් දුන්න උත්සවයක. ඒ උත්සවයට දෙදාහක් විතර සෙනඟක් ඇවිත් හිටියා.
මගේ දුව ඔය කියන දවසෙ ඇඳගෙන ගිහින් තියෙන්නෙ ඊට කලින් අවුරුද්දෙ උපන් දිනයට මහපු ඇඳුම. අපේ නෝනාමයි ළමයින්ගෙ රෙදි මහන්නෙ. එයාට හොඳට මහන්න පුළුවන්. අනෙක අපේ නෝනා හරි සැරයි. පොඩි වැරැද්දක් දැක්කත් මේ ළමයින්ට ඇඟිලි පාර හිටින්න දෙනවා. කොහොමටත් කොටට අඳින්න දෙන්නෙ නෑ. ඔය දවසෙ මේ ටීචර් අපේ දුවගෙ ගවුම් වාටිය ලිහලා. එතකොට වටේ හිටපු තව ටීචර්ලා කීපදෙනෙක් කියලා තියෙනවා 'ඇයි අනේ එහෙම කරන්නෙ. ඔය ළමයගෙ ගවුම නියමිත දිගට තියෙනවනෙ' කියලා.
හැබැයි මේ ළමයගෙ ගවුම් වාටිය ලෙහුවා කියලා මට උරණ වෙන්න දෙයක් නෑ. මම මුලින් කියපු විදියට බමුණුආරච්චි මන්ත්‍රිතුමා දිවුරුම් දුන්න උත්සවේ කතාවකුත් කරලා පුත්තලමෙ හිටපු සභාපතිතුමා තුෂාර චන්ද්රකාන්තත් එක්ක දවල්ට කාලා මම ඉස්කෝලෙ ළඟට ගියා.
ඒ මන්ත්‍රිවරයා කොහෙද...?
මුන්දලම ප්‍රාදේශීය සභාවෙ. එකහමාර දෙක විතර වුණා ඒ වැඩේ ඉවර වෙන්න.
මුළු නවගත්තේගමම දන්නවා. මම ගෙදර ඉන්නව නම් ඉස්කෝලෙන් ළමයි ගන්න මම යනවා. මෝටර් සයිකලේ හරි, කැබ් එකේ හරි, කාර් එකේ හරි වෙන්න පුළුවන්. පළාත් සභාවට ගියත් මම එහෙම තමයි.
උත්සවයේ ඉඳලා කෙළින්ම ගියේ ඉස්කෝලෙටද...?
මම උත්සවේ ඉඳලා එන ගමන් කෙළින්ම ගියේ ඉස්කෝලෙට. දුවට එදා පන්තියකුත් තිබ්බා. මම ඉස්කෝලෙ ළඟට යන්න කලින් අපේ නෝනා මේ සිද්ධිය දැනගෙන ඉස්කෝලෙට ගිහින් ටීචර්ට කියලා තියෙනවා 'ආනන්ද එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒක ආනන්ද එක්ක බේරගන්න. ඒක මේ දුව පිටින් යවන්න එපා' කියලා. එයා එහෙම කියලා ගෙදර ගිහින්.
එතකොට ඔබතුමාගෙ බිරියත් තර්ජනය කළා කියන කතාව...?
තර්ජනයක්ද මම දන්නෙ නෑ. ඕක තමයි කියලා තියෙන්නෙ.
ඊට පස්සෙ...?
අපේ නෝනා ගිහින් පැය දෙකහමාරකට විතර පස්සෙ තමයි මම ඉස්කෝලෙට ගියේ. පුත්තලමේ අර රැස්වීමෙ ඉඳලා එන ගමන්. මට ගෙදරින් කතා කරලා, 'අදත් මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. මම ගිහින් ටීචර්ට කතා කළා' කියලා කිව්වා. මම ඕවා ගණන් ගත්තෙ නෑ. මම ඔයිට වඩා මනස දියුණු කරගත්ත මිනිහෙක්. මම ඉස්කෝලෙ ළඟට යනකොට එතැන මුරකාරයයි, ගුරුවරු දෙතුන් දෙනකුයි හිටියා.
මම කිව්වා ඒගොල්ලන්ට, 'මේ ඔයාලගෙ ටීචර්ට ඔළුව හොඳ නෑ. මගෙ යකා ගෙන්නගන්න එපා කියන්න' කියලා. මම වාහනේ වීදුරුව පාත් කරලා කිව්වෙ. තව අනධ්‍යයන කාර්ය මණ්ඩලේ එක්කෙනෙක්-දෙන්නෙකුත් එතැන හිටියා වගේ මතකයි. නියෝජ්‍ය විදුහල්පතිතුමත් අෑත හිටියා. ඇත්තටම මම කතා කෙරුවේ තරහ ගියපු ස්වභාවයෙන්. ඊට පස්සේ මම ගෙදර ගියා බබාත් එක්ක.
එතකොට ඔය කොට කලිසමක් ඇඳගෙන, පොල්ලක් අරගෙන පාසල තුළට ගියා කියන කතාව...?
එතැනට මම එන්නම්. මම ගෙදර ගිහින් බබාට කිව්වා, 'බබෝ ඔව්වා ගනන් ගන්න එපා. ඔව්වා මොනවද' කියලා. ඕකයි සිද්ධිය. ඔයාට ඕනෙම පරීක්ෂණයක් කරලා බලන්න. මම කොට කලිසම් නෙවෙයි කලිසමක් ඇඳගෙන ඔය ඉස්කෝලෙ ඇතුළට ගිහින් තියෙනවද කියලා. එහෙම ගිහින් තියෙනවා කියලා ඔප්පු කෙරුවොත් මම මේ කියන ඕනෑම දේකට යටත් වෙනවා.
මම පළාත් සභාවට ගිහින් අවුරුදු හතරයි, මාස අටක් වෙනවා. මම හැමදාම ඉස්කෝලෙ ඇතුළට ගිහින් තියෙන්න සරම ඇඳලා. මේවා ප්‍රසිද්ධ රහස්. මම උත්සවේකට ගියත්, මළ ගෙදරකට ගියත් යන්නෙ සරම ඇඳගෙන. එදාත් මම ඉස්කෝලෙට ගියේ මුන්දලමෙ උත්සවේ ඉවර වෙලා එන ගමන්. මට විරුද්ධව සාක්කි දෙන ඕනෙම වෛරක්කාරයකුගෙන් අහන්න පුළුවන් මේක.
ඔය කතන්දරේ කියන්න එකම හේතුව තමයි මම මගේ ඉස්කෝලෙ පුළුවන් හැම දවසකම කිලෝමීටර් පහක් දුවනවා. මට වැඩක් නැත්නම්, මම කොල්ලොත් එක්ක මේ ග්‍රවුන්ඩ් එකේ දුවනවා. මම දුවන්න යන්නෙ කොට කලිසමක් ඇඳගෙන. ඒත් කවදාවත් කලර් කොට කලිසමක් ඇඳගෙන ගිහින් නෑ. මම අනිවාර්යයෙන්ම යන්නෙ සුදු ඩෙක් ෂූස් දාලා, සුදු කොට කලිසම ගහලා, සුදු ටී-ෂර්ට් එක දාලා. ඒක පටලවා ගන්න තමයි මේ කොට කලිසම් කතාව කියන්නෙ.
මේ සිද්ධිය වුණු දවසෙ ඔබතුමාට මේ ගුරුතුමියව හම්බවුණේම නැද්ද...?
මම දන්න තරමට, මට ආරංචි වුණු විදියට මම ඉස්කෝලෙට යනකොට මේ ටීචර් ඉස්කෝලෙ ඉඳලා තියෙනවා. මම ආවා කියලා දැනගත්ත ගමන් මේ ටීචර් කලබල වෙලා මමත් අර සිද්ධියට තරහ ගිහින් තමයි එන්නෙ කියලා. ටීචර් යන්න ට්‍රයි කළා. මට ආරංචි වුණේ ඒ විදියටයි. නැතුව මම මේ ටීචර්ව ඇහැටවත් දැක්කෙ නෑ.
ඉස්කෝලෙ පරිපාලන ප්‍රශ්න, විනය ප්‍රශ්න වැඩියි. තීන්දුවක් ගන්න ඕනේ කියලා මම කියපු හින්දා මේ ටීචර් බය වුණා මෙයාව මාරුකරයි කියලා. ඒක හින්දා මාත් එක්ක ප්‍රශ්නයක් හදාගෙන, මාව මොකක්හරි සිද්ධියකට පටලවන්න ඕනෙ වුණා. මට විරුද්ධව ක්‍රියාත්මක වෙන ආණ්ඩුවෙම අදෘශ්‍යමාන දුෂ්ට බලවේගත් ඒකට එකතු වුණා. ඔවුන්ට ඕනෑ වුණේ මොකක් හරි විදියකින් මගේ කීර්තිනාමයට හානි කරන්න.
එතකොට සිද්ධිය දවසෙ ඔබතුමා බීලා හිටියා කියන කතාව. ඒකත් බොරු කියලද කියන්නෙ...?
ආ... එහෙම කතාවකුත් මීඩියාවල ගියා තමයි. මම ලෝකෙ රටවල් විස්සකට ගිහින් තියෙනවා. මම ජීවිතේ කවදාවත් රා බීපු මිදුලක වතුර ටිකක් බීලා නෑ. ලංකාවම දන්නවා මම ජීවිතේ කවදාවත් අරක්කු බීපු නැති මිනිහෙක් කියලා. මට දැන් වයස අවුරුදු හතළිස් තුනයි. අද වෙනකම් සිගරැට් එකක්වත් බීලා නෑ. මස් කන්නෙ නෑ. මාළු කන්නෙ නෑ. මේවා මුළු ලංකාවම දන්න කරුණු.
ඉස්කෝලෙ ගේට්ටුව ළඟට ගිහින් ඔබතුමා කතා කරනකොට වගකිවයුතු කවුරුත් ළඟට ආවෙ නැද්ද...?
නියෝජ්‍ය විදුහල්පතිවරු දෙන්නෙක් මම හිටපු පැත්තට ආවා. මම ඒගොල්ලො එක්ක කතා කරන්න ගියේ නෑ. මම ආපහු ආවා.
මේ සිද්ධිය පිටිපස්සෙ දේශපාලනඥයො ඉන්නවා කියන්නෙ වගකීමෙන්ද? කවුද ඒ දේශපාලනඥයො...?
ආණමඩුවෙ ප්‍රබල දේශපාලනඥයො තමයි මේ පිටිපස්සෙ ඉන්නෙ. මට ඒ අයගේ නම් කියන්න බෑ මෙතැන. ඒ ටීචර්ව මෙහෙයවන්න කටයුතු කළේ ඒගොල්ලො.
අනෙක් කාරණය අර බීපු කතාව. බන්ධනාගාරයේ කට්ටියත් අහන්නෙ බීලද හිටියෙ කියලා. ඔය කියන දේශපාලනඥයොත් දන්නවා මම බොන්නෙ නෑ කියලා. ඕනෑ කෙනෙක් ඩ්‍රින්ක් එකක් දාන්න මාත් එක්ක ඉන්න යාළුවකුට කතා කරනවා නම් මට කියන්නෙ 'ආ... උඹ බොන්නෙ නෑනෙ' කියලා.
තව එකක් මම විශේෂයෙන් කියන්න ඕනෙ. මගේ දුව හතර වසරෙ ඉන්නකොට එයාගෙ දිව කපනවා පන්ති භාර ටීචර්ගෙ දරුවා. සරත් ෆොන්සේකා මහත්තයාව ඔපරේෂන් කරපු ඩොක්ටර් අබේසිංහ තමයි මගේ දුවගෙ දිවේ දැවැන්ත ශල්‍යකර්මයක් කළේ ඒ වෙලාවෙ. ඒ සිද්ධිය ගැන අහන්න පුළුවන්. සාක්කි තියෙනවා. දරුවො දන්නවා. මේ සිද්ධියෙන් පස්සෙ අඩුම තරමෙ මම ඉස්කෝලෙට ගිහින් ඇහුවෙ නෑ 'මගෙ දරුවගෙ දිව කැපුවෙ ඇයි' කියලා. මම කියපු දෙයක් තමයි දරුවො දෙන්නෙක් අතර ප්‍රශ්නයක් වෙලා දරුවා මැරුණත් ඒකට කරන්න දෙයක් නෑ. ඒවා සැලසුම් කරලා, තරහට කරන දේවල් නෙවෙයි කියලා. එදා ඒ හිටපු පන්ති භාර ටීචර් ඊයේ පෙරේදා කතා කරලා කියලා තිබුණා 'අඩුම තරමෙ ආනන්ද අයියයි, අක්කයි දුවගෙ දිව කපපු වෙලාවෙවත් ඉස්කෝලෙට ආවෙ නෑ. මේක පට්ටපල් බොරුවක්' කියලා.
එතකොට ඔබ ගුරුතුමිය දණ ගස්සපු සිද්ධිය දැක්කා කියන අය ගැන ඔබ මොකද කියන්නෙ...?
දැකපු කවුරුවත් නෑ. මම නම් දන්නෙ එහෙමයි. මම අමාරුවෙන් රැකගත්ත ආත්ම ගෞරවයක් තියෙනවා. මම වැලි හොරෙන් කැපුවෙ නෑ, මැටි කැපුවෙ නෑ, අනෙක් එවුන් වගේ ගෑනු අරන් කොහෙවත් ගියේ නෑ. හොරකම් කරලා නෑ. ඉස්කෝලෙ නියෝජ්‍ය විදුහල්පතිවරු දෙන්නයි, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයයි, මුරකාරයයි, තව ටීචර්ලා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කියලා තියෙන්නෙ 'මන්ත්‍රිතුමා වාහනෙන් බැස්සෙවත් නෑ' කියලායි. සාක්ෂි තියෙනවා. ඒකයි මට දුක. එහෙම තියාගෙනත් මම බන්ධනාගාරයේ.
ඔය ඉස්කෝලෙ හදපු හැම දේකම මගෙ දහදිය, කඳුළු මුසු වෙලා තියෙනවා. ඔය ඉස්කෝලෙන් ඉස්සෙල්ලම ශිෂ්‍යත්වය පාස් වුණේ සයිමන් නවගත්තේගම මහත්තයායි. මගෙ අම්මගෙ අක්කා ආර්. එච්. එම්. මේනුහාමියි. ඒ දෙන්නා තමයි ඉස්සරලාම ඉස්කෝලෙන් ශිෂ්‍යත්වෙ පාස් වුණේ. මගෙ දරුවත් ශිෂ්‍යත්වය පාස් වුණා. ඒත් මම එයාව ඔය ඉස්කෝලෙන් අයින් කළේ නෑ. හැමෝම කිව්වා 'හොඳ ඉස්කෝලෙකට ළමයව දාන්න' කියලා. ඒත් මම ගමට ආදරෙයි. මම ළමයව ඉස්කෝලෙන් අයින් කළේ නැත්තෙ ඒකයි. මම අවුරුදු විසි දෙකක් තිස්සෙ දේශපාලනය කරනවා. මම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක්, පළාත් සභා මන්ත්‍රිවරයෙක්, අතිගරු ජනාධිපතිතුමා පත්කරපු දිස්ත්‍රික් සංවිධායකවරයෙක්. මට මගෙ ළමයව ඕනෑම ඉස්කෝලෙකට දාගන්න තිබුණා.
මේ සිද්ධිය ගැන පත්තරවල ගියාට පස්සෙ ජනාධිපතිතුමා ඔබතුමාට කෙළින්ම කතා කළාද...?
නෑ. එතුමා මට කතා කෙරුවෙ නෑ. එතුමා මට ෙදාස් කියලා තිබුණා.
ආණ්ඩුවෙ ඇමැතිවරු කවුරුහරි කතා කළාද...?
නෑ. මට කවුරුවත් කතා කළේ නෑ. මට කීප දෙනෙක් ෙදාස් කියලා තිබුණා. කවුරු ෙදාස් කීවත් මට කමක් නෑ. අතිගරු ජනාධිපතිතුමා ෙදාස් කියපු එක ගැන මම හුඟක් කම්පාවෙන් ඉන්නෙ. ජනාධිපතිතුමාගෙ ජනාධිපතිවරණය වෙලාවෙ අපේම අය පස්සට අදින වෙලාවෙ මම එතුමාට උපරිම ශක්තිය දුන්නා. ආණමඩුවට විතරයි පුත්තලමෙන් ජනාධිපතිතුමා දෙපාරක් ආවේ.
චන්ද්‍රිකා ජනාධිපතිතුමිය, මෙතුමට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දෙන්නෙ නැතිව ඉන්න උත්සාහ දරද්දී මම කිව්වා 'අතිගරු ජනාධිපතිතුමියනි, අපේ ප්‍රබල නායකයො පක්ෂය කඩාගෙන යනකොට, ද. මු. දසනායක ඇමැතිතුමාලා හිරබාරයට ගන්නකොට, අපිව අසරණ වෙනකොට, අපි ගෙවල්වලින් පනින කොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයො හිර ගෙවල්වල ගාල් කරනකොට, ඔබතුමිය මේ රටේ පූස් පැටියෙක් වගේ අසරණ වෙනකොට, මේ රටේ ධාතු කරඬුව රකිනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගත්තෙ මහින්ද රාජපක්ෂ මහත්තයා. මොන සන්ධාන ගැහුවත් එතුමාට කෙනෙහිලිකම් කරන්න එපා' කියලා.
ඔබතුමා මෙච්චර නිවැරැදියි කියනවා. ඇයි එහෙමනම් එකපාරටම ඉල්ලා අස්වීම දුන්නෙ...?
මම කොච්චර නිවැරැදි වුණත් සදාචාර සම්පන්නකම රටට පෙන්නලා දෙන්න ඕනෙකම තිබ්බා. නොයෙකුත් චෝදනා තියෙන අය පුටුවලම ඇලිලා ඉන්නකොටයි මම එහෙම කළේ. මම හොඳ බෞද්ධයෙක්. බණ, භාවනා කරනවා. ජීවිතේ මට අත්හරින්න බැරි කිසිම දෙයක් නෑ කියලා මට ඔප්පු කරන්න ඕනෑකම තිබුණා.
එතකොට ජනාධිපතිතුමා කියපු හින්දා මේ අස්වීම දුන්නා කියලානේ මාධ්‍යවල ගියෙ...?
ජනාධිපතිතුමා මගෙන් කිසිම දෙයක් විමසන්නෙ නැතුව මට ෙදාස් කියලා තිබුණනෙ. ඒ වෙලාවෙ මට ලොකු කලකිරීමක් ඇති වුණා. පක්ෂ රැස්වීම වෙලාවෙ චෝදනා කරලා තිබුණා. මාව මන්ත්‍රි ධුරයෙන් අයින් කරන්න බෑනෙ, පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කරන්න විතරයි පුළුවන්. මේ ඔක්කොම හිතලා මම මේ තීරණය ගත්තෙ. අනෙක් පැත්තෙන් මම මන්ත්‍රිකමේ හිටියොත් මේ සාක්ෂිවලට බලපෑමක් කළා කියලත් චෝදනා කරන්න පුළුවන්. දැන් එහෙමත් බෑනෙ. බන්ධනාගාර අධිකාරිතුමාගෙ අවසර අරගෙන මම ලියුම අතින් ලියලයි දුන්නෙ. මට මගෙ පාරිශුද්ධත්වය පෙන්නන්න ඕනෑකම තිබුණා.
තව කාරණයක් කියන්න ඕනෙ. මේ ගුරුවරියට වුණා කියන අසාධාරණය වෙනුවෙන් සමස්ත ගුරු පරපුරම එකතු වුණු එක වටිනවා. ලංකාවෙම ඉන්න ගුරුවරු නරුමයෙක් ගානට මම දිහා බලනවා ඇති. ඒත් ආණමඩුව ආසනය ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ බහුතරය කියන්නෙ මේක කවදාවත් ආනන්ද සරත් කුමාර කරන වැඩක් නෙවෙයි කියලා.
කොහොමද තමන්ගෙ ප්‍රදේශය ගැන ඔච්චර විශ්වාසයක් තියෙන්නෙ...?
මාව බලන්න විදුහල්පතිවරු විතරක් හැත්තෑ පස් දෙනෙක් මෙහෙට ආවා. වැඩියෙන්ම මාව බලන්න ආවෙ ගරු කටයුතු ස්වාමීන් වහන්සේයි, ගුරුවරුයි. හැම කෙනෙක්ම කිව්වෙ 'අපි මේක පිළිගන්නෙ නෑ. මේක රටට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ආණමඩුවට ප්‍රශ්නයක් නෙවෙයි' කියලා. මම ගමේ අහිංසක මිනිහෙක්. අම්මා තාත්තාට සල්ලි තිබිලා නෙවෙයි මම දේශපාලනයට ආවෙ. මම කිසිම කෙනකුගෙන් ශත පහක් වංචා සහගතව අරගෙන නෑ. මගෙ දේශපාලනය විනාශ කරන්නයි මේ කුමන්ත්‍රණය කළේ.
මීට අදාළ නීති කටයුතුවලින් පස්සෙ ඔබේ දේශපාලන අනාගතය කොහොම වෙයිද...?
මේ ප්‍රශ්නෙදි මම කාගෙන්වත් උදවු උපකාර බලාපොරොත්තු වෙන්නෙ නෑ. හත් පාරක් නවගත්තේගමින් මම ඡන්දෙ ඉල්ලුවා. ඒ හැමපාරම මම අංක එක. මේ සියල්ල ඉවර වුණාට පස්සෙ අතිගරු ජනාධිපතිතුමා හමුවෙන්න මගෙ අදහසක් තියෙනවා. මම එතුමාට කියනවා 'සර් මට විනාඩි දහයක් කතා කරන්න ඕනෙ. මම නිවැරැදියි. ඒත් සර් මට දෝෂාරෝපණය කරලා තිබුණා. මම ඒ කලකිරීමටයි මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වුණේ. සාධාරණ විධිමත් පරීක්ෂණයක් කරලා මට සාධාරණයක් ඉෂ්ට කරන්න' කියලා.
මම වෙන කවුරුවත් හම්බවෙන්න යන්නෙ නෑ. මම ඕනෑ තරම් උදවු කරපු දේශපාලනඥයො ඉන්නවා. ඒ අය මම වෙනුවෙන් මේ වෙලාවෙ වචනයක්වත් කතා කරලා නෑ. ඒ ගැන මට කනගාටුයි. ජනාධිපතිතුමා කිව්වොත් 'මෙතැන ප්‍රශ්නයක් තියෙනවා, ඒක නිසා තරග කරන්න දෙන්න බෑ' කියලා. මම ඒක පිළිඅරන් අයින් වෙලා ඉන්නවා. එච්චරයි.