බ්‍රිතාන්‍යයට ඇතුළුවීම සඳහා බැඳුම්කර අයකිරීමට විරෝධය

ශ්‍රී ලංකාව ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල් ගණනාවක සිට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට බලාපොරොත්තු වන සංචාරකයන්ගෙන් බැඳුම්කර අය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව දැඩි හෙලා දැකීමට ලක් වී තිබේ.

ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම වැඩ පිළිවෙල "බරපතල වෙනස්කම් කිරීමක්" ලෙසිනුයි ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන සංවිධානය විග්‍රහ කොට තිබුනේ.ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නයිජීරියාව, ඝානාව සහ ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට බලාපොරොත්තු වන පුද්ගලයන් බ්‍රිතාන්‍ය පවුම් තුන් දහසක බැඳුම්කරයක් තැන්පත් කළ යුතු බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කළේය.ඉහත කී රටවල සිට පැමිණෙන්නන් බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති අයුතු ලෙසින් යොදා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි, බලධාරීන් පවසන්නේ.වීසා බලපත්‍රවල කාලය ඉක්මවා බ්‍රිතාන්‍යයේ රැඳී සිටියහොත් ඔවුන්ගේ බැඳුම්කර රාජසන්තක කෙරේ.

කෙසේ නමුත් බ්‍රිතාන්‍යයට ඇතුළු වන සියලුම සංචාරකයන්ගෙන් මෙවැනි බැඳුම්කරයක් අය නොකරණ බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව අවධාරණය කරයි.
"තෝරාගත් පිරිසකට පමණක් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, තෝරාගත් රටවල සියලුම සංචාරකයන් ගෙන් බැඳුම්කර ය නොකෙරේ," යනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ට්විටර් සහ ෆේස්බුක් සමාජ ජාල ඔස්සේද මෙම වැඩපිළිවෙලට දැඩි විරෝධය පළ වෙමින් තිබේ.
බ්‍රිතාන්‍යයේ මෙම "අසාධාරණ" තීන්දුවට එරෙහිව, සිය රටවල සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් ද එවැනිම බැඳුම්කරයක් අය කළ යුතු බව ඒ බොහෝ දෙනාගේ අදහසයි.
*UK's new 'discriminatory' visa bond scheme blasted by critics within and outside



Gossip Lanka Hot News Previous News Archive