නවගත්තේගම පිහිටි නවෝද්‍යා විදුහලට පැමිණි වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයකු වන ආනන්ද සරත් කුමාර නැමැත්තා එහි ගුරුවරියකට අඩම්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද 15 දහවල් නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ ආනමඩුව ආඩිගම ප්‍රදේශයේ දී ය. එම ප්‍රදේශය අයත් වන්නේ පුත්තලම පෙලිස් වසමටයි. මන්ත්‍රිවරයා සිය කැබ් රථයෙන් එම ප්‍රදේශය හරහා අද ගමන් කරමින් සිටියදී නවගත්තේගම පොලිසිය විසින් ලූහුබැද ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අනතුරුව මන්ත්‍රිවරයා පුත්තලම පොලිසිය වෙත රැගෙන ගොස් එහි පොත්වල මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ සටහන් දමා අනතුරුව එම අවස්ථාවේම පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඞ් ඉක්බාල් මහතා හමුවට පමුණුවා ලබන 18 වැනිදා දක්වා රිමාණ්ඞ් බන්ධනාගාර ගතකර තිබේ.
රිමාණ්ඞ් භාරයට පත් කරන ලද මන්ත්‍රිවරයාගේ දියණියක් ඉගෙනුම ලබන්නේ නවගත්තේගම නවෝද්‍යා පාසලේ 10 වසරේ ය. එම විදුහලේ විනය හා ශිෂ්‍ය නායිකාවන් භාර ගුරුවරිය වන 38 හැවිරිදි එක් දරු මවක් වන ප්‍රියානි හේරත් මහත්මිය මෙම සිසුවියට පවසා ඇත්තේ පාසල් නිල ඇදුම කොට බැවින් එය දනහිස දක්වා දිගට අදින ලෙසයි. මෙම සිද්ධිය සිසුවිය විසින් සිය පියා වන මන්ත්‍රිවරයාට පවසා ඇතැයි කියති. ඒ අනුව ඊයේ (14) දහවල් පාසලට පැමිණි මන්ත්‍රිවරයා පාසගේ ගුරුවර ගුරුවරියන් සහ ශිෂ්‍යාවන් ඉදිරිපිට දී ගුරුවරියට බැනවැදී ඇය දනගස්වා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියානි හේරත් ගුරු මහත්මිය සෙසු ගුරුවරුන්ගේ ද සහය ඇතිව නවගත්තේගම පොලිසියට ඊයේ (14) දහවල් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මන්ත්‍රිවරයා අද අත්අඩංගුවට ගෙන රිමාණ්ඞ් බන්ධනාගාරගත කර තිබේ.
ජූඞ් සමන්ත - පුත්තලම