අමෙරිකාවේ පැවැති නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය ලබා ජගත් චමිල සෙනසුරාදා (22) දිවයිනට පැමිණියේය.
ප්‍රියංකර විතානාච්චි අධ්‍යක්ෂණය කළ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ මන්ද මානසික තරුණයකුගේ චරිතය රඟපෑම වෙනුවෙන් මේ සම්මානය ඔහුට හිමිවිය.

ජගත් චමිල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් රංගන ශිල්පියකු ලෙස අභිෂේක කළ ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා ජගත් චමිලව හැඟුම්බරව ගුවන්තොටුපළේ දී පිළිගත් අයුරු ඡායාරූපයේ වේ.