"කට වහගෙන යනවා යන්න" මාලිංග යළිත් කට වරද්දා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ටද යළි තර්ජනය කරයි. පසුගියදා එංගලන්තයේදී ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ දෙමළ ජනයා පිළිබද ඔබ කුමක් සිතන්නේද යනුවෙන් ප්‍රශ්ණයක් අසා තිබේ.

ඔහුගේ තර්ජනාත්මක පිළිතුරු වූයේ Shut up and go ( කටවහගෙන යනවා යන්න ) යන්නයි. ටැමිල් ගාඩියන් ජනමාධ්‍යවේදියා නැවත ඇසුවේ ඔබට උතු​රේ දෙමළ ජනයා සම්බන්ධයෙන් කිසිවක් කීමට ඇද්දය යන්නයි. නැවත ඔහුගේ තර්ජනය වූයේ Shut up and go යන්නයි.

තමන්ට අදහසක් ප්‍රකාශ නොකර සිටීමේ අයිතිය ඇති නමුත් කිසිවෙකුට කටවහගෙන යනවා යනුවෙන් මාධ්‍යයට තර්ජන කිරීමේ අයිතියක් මාලිංගට නොමැති බව ජාත්‍යන්තර මාධ්‍යය පෙන්වා දෙයි.පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්තරාත්තු අත්සන් කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ලසිත් මාලිංග සිංහල මාධ්‍යවෙත පිළිතුරු ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරවේ ජනමාධ්‍ය දැඩි ප්‍රහාරයක් ඔහුවෙත එල්ල කර තිබුන අතර ඔහුට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයතනයේ විනය පරීක්ෂණයකට පවා මුහුණ දෙන්නට සිදුවිය.

 නමුත් ඉන් මට්ටු නොවු මාලිංග මෙවර තර්ජනය කර ඇත්තේ ජාත්‍යන්තර මාධ්‍ය වෙතයි.දමිළ ජනයා නොසලකාහරින ලද බවට ලොව පුරා ප්‍රකට රටක ක්‍රීඩකයෙකු මීට වඩා බුද්ධිමත්ව ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ හැසිරිය යුතු බව ලසිත් මාලිංගට ශ්‍රිලංකා ක්‍රිකට් බලධාරින් වත් උගැන්විය යුතුව තිබේ.

මෙම තත්වය ජත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට දමිල ක්‍රියාකාරිකයින් විසින් පැවැත්වු විරෝධතාවට සිංහල කණ්ඩායමක් විසින් පහර දීම සහ මාලිංග ගේ මේ පළවා හැරිම එකට ඈදා ගනිමිනි.මේ නිසා මීට වඩා වගකීමෙන් ජාතික ප්‍රශ්න පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කළ යුතු බව ලසිත් මාලිංගට කියා දිය යුතුව තිබේ.

-the independent-
එම හඩ පටය ඇතුළත් වීඩියෝව - A brief encounter with Lasith Malinga

Gossip Lanka Hot News Previous News Archive